ගෑස් මිල වැඩි වු සෑම විටම ඊට සමගාමිව ආප්පයක මිල, තේ කෝපයක මිල පවා ඉහළ ගියත් යහපාලන රජයේ මංගල අයවැයෙන් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු වුවද අද වන තුරු හෝටල්, බේකරි සහ ආපනශාලාවල කිසිදු ද්‍රව්‍යයක මිල ගණන් අඩු කිරිමේ වැඩ පිළිවෙළක් නොකළ බව පාරිභෝගික අයිතිය සුරැකිමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය.
රජයට සහ පාරිභෝගික අධිකාරියට බලපෑම් කිරිමට තම සංගමය කටයුතු කරන බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම කෙනෙකුට තාම තේරුම් ගන්න බැරිවුනානේ බඩු මිල වැඩිකරන්නේ - "අපමණ අගයක්" දෙන්න කියලා. (ර)
හැමෝම අවංක විය යුතුයි .සාධාරණ විය යුතුයි . සල්ලි ලැබෙනවා නම් ඕන කුණුගොඩක් සවන් දෙන්න කැමති මිනිසුන් ඉන්න රටක ඉහත දෙවල් බලාපොරොත්තු විය හැකිද? (ම)
රජයකින් ජනතාවට දෙන සහන, මිල අඩුකිරීම් මේ තොග ,සිල්ලර වෙළෙන්ඳන් පාරිභෝගිකයින්ට දීමට මැලිවන්නේ මහජනයාගේද වරදිනි. ජනතාව එවැනි අකටයුතුකම් අදාළ ආයතන වෙත පැමිණිලි නොකර අතන මෙතන කියා හරියන්නේ නැහැ. මෙම ආයතන ගැන මීටවඩා ප්‍රචාරය කිරීම වටී (නි)
ගෑස් මිල කොහෙද අඩුවෙලා තිබෙන්නේ 2016 ජනවාරි සිට තමයි අනේ මම දන්නේ නැහැ කවුද හරි කියල (බ)
මොනවායේ මිල අඩුකළත් ආප්ප වල නම් මිල අඩුකරන්න එපා. එය ශ්‍රී ලංකා දේශපාලනයේ අමිහිරිම වචනයක් වෙලා අපිට. (නි)
ලොක්කා හින්දා වෙන්න ඇති (බ)
ආප්ප වල මිල අඩු කරන්නේ කොහොමද. ඒ තියා කන්නත් බයයි කෑවට පස්සේ පිටි පස්සෙන් ඉදල පිහියෙන් ඇන්නොත්. (අ)
බඩු මිල මීටවඩා විශාල ලෙස පහත වැටිය යුතුයි. (නි)
ආප්ප, ඉඳිආප්ප, තේ ආදියෙහි මිල අඩුකළත්, වැඩිකළත් ඒවායේ ප්‍රමාණය අඩුකිරීමේ අපේ වෙළඳ ප්‍රතිපත්තිය ගැන නම් මේවා කන බොන කවුරුත් දනිති (නි)
මිල අඩුකිරීම තෝසේ කඩ වලට අදාළ නැද්ද? තෝසේ කඩවල ඉඳිආප්ප, තොසේ සහ වඩේ ඇතුළු කෑම වල මිල ඔවුන් දිගටම වැඩිකරමින් සිටිනවා (නි)
කුම්බලා මාළු කෑවා නම් දුකම විඳගෙන ඉන්න පූස් පැටියෝ එහෙනම්... (නි)