IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ගොවියන් සමග පාරට බහිනවා‘ - අනුර කුමාර

‘නිමක් නැති සහන දෙන බව කියන ආණ්ඩුව මෙවර අයවැයෙන් ගොවියන්ගේ පොහොර සහනාධාරය කප්පාදු කර තිබෙනවා ‘යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

‘රජයේ ගොවිපළවල් පෞද්ගලික අංශයට දෙන්න උත්සාහ කරනවා. ඉඩම් අයිතියත් ඒ සඳහා පවතින නීති ලිහිල් කිරීම තුළින් මේ රටේ පුරවැසියන්ට බලවත් අසාධාරණයක් වෙනවා. මෙයට විරෝධය පළකරමින් ගොවීන් පෙළපාළි යවනවා. රටපුරා උද්ඝෝෂණ හා සත්‍යග්‍රහ කරනවා‘ යැයිද දිසානායක මහතා එහිදී පැවසීය.

web_2015127jvp219

ඡායාරූපය - ඉෂාන් සංජීව

වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න



අදහස් (0)

‘ගොවියන් සමග පාරට බහිනවා‘ - අනුර කුමාර

සුරංජිත් Tuesday, 08 December 2015 03:18 AM

දැන්වත් ඔය රගපෑම නවත්වන්න . ඕවට රටේ ජනතාව රැවටෙන්නේ නැහැ. (හේ)

:       0       0

ජනක Monday, 07 December 2015 03:07 PM

මෙයාලා හිතාගෙන ඉන්නේ අපි මෝඩයෝ කියලද? (නි)

:       0       0

ජනක Tuesday, 08 December 2015 03:35 AM

අනුර මහත්තයාගේ කතා නම් හරියට වටලප්පන් වාගේ රසයි. ඒත් පසුගිය කාලේ කළ දෙයක් නැහැ, ජනතාව පෙළගස්සන එකයි, පාරට බහින එකයි අරුණුකොට (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 08 December 2015 03:31 AM

බොරු කරන්න එපා. ඔයාලා කරන්නේ මොකක්ද කියලා දන්නෝ දනිති. (නි)

:       0       0

නුවන් සමරවික්‍රම Tuesday, 08 December 2015 03:46 AM

ජේවීපී එක දැන් රෑ ඩැනියල් දවල් මිගෙල් ගේම් ගහන්නත් පටන් අරගෙන එහෙනම්. අපට මතකයි දැන් තියෙන ආණ්ඩුව පත්කරන්න ඔය ගොල්ල උදව් කරපු විදිය. දැන් එනවා මෙතන බොරු පුරාජේරු කියාගෙන (බ)

:       0       0

නිලන්ත Monday, 07 December 2015 03:34 PM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

ගුණසිරි Monday, 07 December 2015 03:59 PM

කවුද ගොවියෝ සමඟ පාරට බහින්නේ? අපි නම් බුද්ධිමත්ව හිතලා බහිනවා ගොවියෝ සමඟ කුඹුරට. ජයවේවා! (නි)

:       0       0

ජනක Tuesday, 08 December 2015 04:01 AM

අනුර මහත්තයෝ, අමුඩනම් ඈදගෙන එන්න එපා. ඈමරිකාවෙ හදපු හොද ඩෙනිමක් ඈදගෙන එන්න.(ම)

:       0       0

රණවක Monday, 07 December 2015 04:43 PM

මේ රජය පිහිටවීම ගැන ජවිපෙට චෝදනා කරන්න එපා. ඔවුන් කිවුවා මුලින්ම එම්.ආර්.ගේ කඩේ බඩු නරක්වෙලා හැබැයි එන්න තිබෙන කඩේ බඩුත් විශ්වාස නැහැ කියලා. දැන් ඒක ඔප්පුවෙලා නේද? (නි)

:       0       0

වින්සන්ට් Monday, 07 December 2015 05:03 PM

ජනක මහතා,පවතින රජයේ වැරදි වලට නැවත රාජපක්ෂ යුගය ගොඩගැනීමට සිතන අපි ගැන මෝඩයෝ කියා නොසිතා කුමක් සිතන්නද? (නි)

:       0       0

වසන්ජය Tuesday, 08 December 2015 06:31 AM

කිඹුල් කඳුළු නොවේවා! (නි)

:       0       0

සුසන්ත Monday, 07 December 2015 11:05 AM

අපමණ අගයක් ලැබිලා තියෙන්නේ දැන් ගොවියට. (ර)

:       0       0

එරික් Monday, 07 December 2015 06:46 PM

අසරණ ගොවියන්ගේ කරමතින් දේශපාලන වාසි නම් ගන්න එපා (නි)

:       0       0

රාමන් Monday, 07 December 2015 12:27 PM

ඔයාලමනේ පත්කර ගත්තේ. ගොවියා මොනවටද ඔයාලම කරගන්න ඒවානේ (නි)

:       0       0

සිරි Monday, 07 December 2015 07:38 PM

ඔය ටික කරගන්නනෙ පසුගිය කාලෙ යහපාලනයට කඩේ ගියේ? (නි)

:       0       0

සෙබස්තියන් Monday, 07 December 2015 12:39 PM

ආණ්ඩුවෙන් වරප්‍රසාද ලබමින්, බොරු සටන්කාමියෙක් නම් වෙන්න එපා (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 07 December 2015 12:56 PM

අනේ මේ...! (බ)

:       0       0

බිමල් Monday, 07 December 2015 01:21 PM

ජය වේවා! රටට ආදරය කරන එකම පක්ෂය. අව්‍යාජ මිනිස්සු (නි)

:       0       0

සන්තුෂ් Monday, 07 December 2015 01:23 PM

අනේ! දැන් මොනවා කරන්නද? (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 07 December 2015 11:01 PM

මඩ සෝදාගත් ගොවි මහතුන්, ගෙවිලියන් කී දෙනෙක් අද ඉහළ තැන් වල ඉන්නවද? අනේ කරුණාකර මේ සැරේ අමුඩ ගහගෙන නම් පාරට බහින්න එපා. (නි)

:       0       0

ජයවික්‍රම Monday, 07 December 2015 01:47 PM

ගොවීන්ගෙ කරපිටින් දේශපාලන වාසි ගන්න නම් එපා (නි)

:       0       0

කිත්සිරි Monday, 07 December 2015 01:54 PM

මහින්ද මහත්තයාගේ අගය දැන් දැනෙනවා ඇති (නි)

:       0       0

සුභාෂ් Monday, 07 December 2015 01:58 PM

අනේ පව්. ඔබතුමාලම ගෙනාපු ආණ්ඩුව නේද? අහෝ! අපේ රටේ පීඩිත පන්තිය නියෝජනය කරන්නේ මෙතුමන්ලාද? (නි)

:       0       0

ගොඩගේ Tuesday, 08 December 2015 03:01 AM

අපි එන්නේ නැහැ පාරේ යන්න. ඔයාලම සතියේ දවසක පටන්ගන්න. අපිට කුඹුරේ වැඩ තියෙනවා. (නි)

:       0       0

සමන් දකුණු අප්‍රිකාව Monday, 07 December 2015 02:31 PM

ඔබ වගේ කෙනෙක් ජවිපෙ කවමදාකවත් ඉඳලා නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site