‘නිමක් නැති සහන දෙන බව කියන ආණ්ඩුව මෙවර අයවැයෙන් ගොවියන්ගේ පොහොර සහනාධාරය කප්පාදු කර තිබෙනවා ‘යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

‘රජයේ ගොවිපළවල් පෞද්ගලික අංශයට දෙන්න උත්සාහ කරනවා. ඉඩම් අයිතියත් ඒ සඳහා පවතින නීති ලිහිල් කිරීම තුළින් මේ රටේ පුරවැසියන්ට බලවත් අසාධාරණයක් වෙනවා. මෙයට විරෝධය පළකරමින් ගොවීන් පෙළපාළි යවනවා. රටපුරා උද්ඝෝෂණ හා සත්‍යග්‍රහ කරනවා‘ යැයිද දිසානායක මහතා එහිදී පැවසීය.

web_2015127jvp219

ඡායාරූපය - ඉෂාන් සංජීව

වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න