සිංහල රාවය ජාතික සංවිධානය කොටුව දුම්රියපොළ ඉදිරිපිට ගව ඝාතනයට එරෙහි උපවාසයක් අද (17) ඇරැඹීය.
භික්ෂූන් වහන්සේ අට නමක් පමණ ආරම්භයේ දී ඊට එක්වූහ.
ගව ඝාතනයට එරෙහි දැන්වීම් ඇලවූ කුඩා ලොරියක් පාරේ එක් මංතීරුවක් හරස් කර නවතා තැබීම නිසා වාහන ගමනාගමනයට ද බාධා ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වෙන ප්‍රස්න නැතුව වගේ මේවට කාලය නාස්ති කරනවා. උපවාස කරලා හරක් මැරීම නවත්වන්න බැහැ. කිරි බීම මස් කෑම ලංකාව තුල නවත්වන්න ඕන නම් ගවයින් ඇති කිරීමත් රට තුල නවත් වන්න ඕනා. ඇති කරන නිසයි මරල කන්නේ ,මැදපෙර දිග ඌරා තහනම් වගේ ලංකාවේ හරක් ඇතිකිරීම තහනම් කරන්න කියන්න.එතකොට මැරීමක් වෙන්නේ නැහැ.හරක් මැරීම අඩු වෙනකොට කුකුලන් උරාන් එළුවන් මැරීම වැඩිවෙනවා.එහෙනම් සියලුම සතුන් මාළු ඇතුළුව මැරීම ලංකාවේ නවත්වන්න ඕන,සියලුම සතුන්ගේ ජිවිත ජීවිතයි. (නදී)
ලයනල්, බඩ පුරවා ගෙන, දිව පිනවාගෙන ඉන්න,අහිංසක සතෙක්ගේ ජිවිතේ නැති කරන්න ඕනේ නැහැනේ ඔය කාට හරි කියලා හොද රස කෑමක් හදා ගෙන කන්න. ඔයාලා ඔය තලු මරමරා කන මස් වල තියෙන්නේ ඒ අහිංසක සතාගේ වේදනාව දුක කදුළ බව අමතක කරන්න එපා.(නදී)
හරක් විතරද මරන්න ,හොද නැත්තේ , උරෝ ,හෙලුවෝ ,කුක්කුල්ලු, ?මරන්න පුලුවන්ද, උපවාසේ කරන්න ඕනේ මිනි මරන්න එපා කියලා .(නදී)
පළමුව පශු පාලනය නැවතිය යුතුය. නැතිනම් ඉතිරිවන හරකුන්ට වන්නේ බඩ ගින්නේ මියැදීමටය. ඒ නිසා ඒ සදහා කාල සිමා නිර්න්නය කල යුතුය. (අ)
ගවයා පමණක් ඝාතනය වීම නැවත්තුවොත් ඇත්ද ? ඇයි එළුවන්, කුකුලන් , ඌරන් ,තාරාවන් ,වටුවන් මැරුවාට කමක් නැත්ද ? සත්ව ඝාතනය නවත්වන්න කටයුතු කලොත් නරකද ? සමහර අසපුවල සත්ව හිංසාව නැවත්වීමට දේශනා කලාට මුවන්, ගෝනුන් අලිපැටවුන් හිරකරගෙන ඉන්නවා. ඒකත් නවතමු.(නදී)
දිල්! රටේ එකම ප්‍රශ්නය මේක නොවෙයි උනාට මේකත් යටපත් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි. (අ)
කැමති ආහාරයක් ගන්න නිදහස තියන්න ඔනී. ගව මස් ප්‍රෝටීන් බහුල ආහාරයක් . අපි පොඩිකාලේ නම් ඔයවගේ තහංචි කරන්න කව්රුත් ආවේ නැහැ . (අ)
මෙ අය මේ දගලන්නේ සත්ව ඝාතනයට එරෙහිව නොවේ. හුදෙක් ජාතිවාදය ඇවිස්සීමේ කුමන්ත්‍රණයකට පමණයි. හේතුව සත්ව ඝාතනය වැලැක්වන්නේ නම් ගවයන්, ඌරන් එඵවන් කුකුලන් මාඵවන්ද කලවැද්දන් ඉබ්බන්, මුවන් සහ අලියන් ද ඇපුලත් කළයුතුයි. ඊටත් වඩා වැදගත් දවසකට මරන දරුවන් සංඛ්‍යාව 25-30 ලු. ඒවත් ඇතුලත් විය යුතුයි නේද ? (නදී)
මේ හදන්නේ ගවමස් නිතියානුක්කුලව නවතා දමල ඒ වෙනුවට කළු කඩ නිර්මාණය කරන්ට.(නදී)
හින්දු රාජ්‍යයක්ද නිර්මානය කරන්න හදන්නේ? (නදී)
ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය මේ ගව ගාතනය ද? මේ රටේ ගම්මාන වලට ටිකක් ඇවිදලා බැලුවනම් කන්න නැතුව, අදින්න නැතුව, බොන්න වතුර නැතුව, යන්න පාසලක් නැතුව, අපා දුක්විදින අය ඕනෑතරම් හොයාගන්න තිබුනා. එයාල වෙනුවෙන් හඩක් නගන්න, මේ රටේ දුෂණ අපරාද වලට විරුද්දව හඩක් නගන්න.(නදී)
කවුරු මොනවා කිවත් මන් නම් කනවා හරක් මස්. ඒක මගේ අයිතිය. ඒකට ගෙරි මස් කිවත් හරක් මස් කිවත් බීෆ් කිවත් මට කමක් නෑ. ඒක මගේ අයිතියක්. හරකා වඳවීගෙන යන සත්වයෙක් නම් තහනම් කරාට කමක් නෑ. (නදී)
මොකද මේ ? (නදී)
මිනිස්සුන්ට ප්‍රෝටීන් උනතාවය හැදිලා රටේ ගනගහනය මන්දබුද්දික උනාම පාලනය කරන්න ලේසිය් .(දී)
හරක් හෝ සෑම සත්ව ඝාතනයක්ම නවත්වනවානම් හොදයි (දිල්)
හොද වැඩක් මේවට දඩුවම් සොබාව ධර්මයෙන් දෙන කල් බලං ඉන්න ඕනි (දිල්)
අපිත් අපේ සහයෝගය දෙනවා. (දිල්)
රටේ තිබෙන අති ධැවැන්ත දැවෙන ප්‍රශ්නය විසිඳිමට මුල් තැන ගත් භික්ෂූන් වහන්සේලාට මාගේ උත්තමාචාරය.(දිල්)
සියලුම සත්ව ඝාතන තහනම් කර ලංකාවම අභය භුමියක් කරන්න කියලා ඉල්ලුවා නම් මීටත් වැඩිය හොඳයි.(නදී)
මේවා ඔක්කොම කාව රවට්ටන්න කරන ඒවාද? මාංශ අනුබව නොකර හිටියොත් මේ සියලු ප්‍රශ්න ඉවර වේවි බොරුවට උද්ගෝෂණ කරලා වැඩක් නැහැ මාංශ අනුබව නොකරන බෞද්ද ජනතාව කීයෙන් කීදෙනාද ඉන්නේ? මේ ඔක්කොම බොරු පුරාජේරු අප සියලු දෙනාම එකතු වෙලා මාංශ අනුබව නොකර සිටියොත් මේ විදියට ගව ගාතන සිද්ද වෙන්නේ නැහැ මාංශ අනුබව කරන්න කට්ටිය ඉන්න නිසානේ ගව ගාතන සිද්ද වෙන්නේ? ඒක කරන්නේ නැතුව මේ නටන්නේ මොන නාඩගමක්ද? ලෝකයම අපට හිනා වෙනවා මෙතරන් මනුෂ්‍ය ගාතන අමු අමුවේ සෑම තැනම සිද්ද වෙනවා එයට කිසිදු පියවරක් ගන්නේ නැහැ ජාතියක් හැටියට අප අප ගැනම ලජ්ජා විය යුතුයි මේ විලි ලජ්ජා නැති වැඩේ දැන්වත් නවත්වන්න.(නදී)
හාමුදුරුවනේ අහිංසක ගවයාගේ ජීවිතය බේරාදෙන්න.(නදී)
රටේ තියෙන ලොකු ප්‍රශ්ණ නැතිකිරීමට කරන උපවාසයක් මේක.(නදී)
ගව ඝාතනය එපා. (නදී)
යහපත් වැඩක් (දිල්)
මේ රටේ දිනකට මරන 300-400 පමණ වූ ඌරන්, 20,000 කට වඩා මරණ කුකුළන් ගැන 500ක් පමණ එඵවන් ගැන 100,000 ට වැඩි මාලුවන් ගැන පෙළපාලි යන කෙනෙක් නැත. මෙයින් ගම්‍ය වන්නේ ජාතිවාදයක් පමණකි. (දී)
ජයවේවා (දිල්)
මගේ ප්‍රණාමය .උපරිම සහයෝගය දෙනවා (දිල්)
අතිගරු ජනාධි පති තුමනි සතුන්ටත් ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් නීති සකස් කරන්න.(නදී)
ගවයන්ව රකින්න බොහෝ අය පෙරමුනගන්න හිටියට මිනිසුන්ගේ අයිතිවාසිකම් රැකදෙන්න පෙරමුන ගන්න මේ අය නැති එකනේ පුදුමේ! ජනතාවගේ අයිතිවාසිකම් රැකගන්න පාරට බැහැල උද්ගෝෂණය කරද්දී, මාර්ග අවහිර වීම නිසා මගීන් අපහසුතාවයට පත්වෙන එක ගැන දෝෂාරෝපණය කරන්නත් ඕනෑතරම් අය ඉන්නවා. ගව අයිතිවාසිකම් හේතුවෙන්, ජනතාව අපහසුවට පත් වීම ගැන කාටවත් ගැටළුවක් නැතිව ඇති. අපි මළත් මොකද? ගවයෝ ජිවත් වෙනවා නම් අපිට සතුටු වෙන්න පුළුවන්නේ! බලාගෙන ගියාම මේක ගවයින්ටම ගිය රට නේද? (නදී)
හරකා රකින්න කලින් මිනිසා රැකගන්න හැකි ක්‍රමය ගැන ලොවට කියා දෙන්න අදහසක් අවේ නැද්ද? මේවා දේශපාලන රැස්වීම් මිස අවිහිංසා වාදී රැස්වීම් නොවේ. (දී)
වැඩේ හොදයි .... මමත් කැමතියි. එත් පාර හරස් කරපු එක නම් හොද නැහැ කියලයි මම හිතන්නේ.පාරේ වාහන ගමනා ගමනයට එක ලොකු බාධාවක් බව තේරුනේ නැති එක තමයි වැඩේ. (අ)
කටට රසට කන්න පලුවන් එකත් නැති කරන්නේ හදන්නේ (අ)
රටේ මිනී මරනවා, කෙළවරක් නැති ගබ්සා කිරීම් හා අනේක විධ පාප,(අ)
තියෙන එකම ප්‍රශ්නෙ මේකද? (අ)
කාලෝචිත පියවරක්.අපේ පූර්ණ සහයෝගය.ගවයා රැකගෙන සිංහලයා යනු කෙලෙහිගුණ දන්නා ජාතියක් බව ලොවටම පෙන්වමු. (අ)
මනුස්සයින්ට කකුල් දෙකේ හරකුන් නිසා වෙන හානිය නවත්වන්න කව්රුවත් නැහැ.(නදී)
හොද වැඩක් මගේ උපරිම සහය දෙනවා. (නදී)
ගවයන්ට විතරක් නොවේ, තිරිසන් සතුන් හට ඉතා ඉහලින්ම කෙලෙහිගුණ දක්වන අපි වගේ සැදැහැවතුන් පිරිසක් සිටින රටක් නම් මුළු ලොවේ වත් නැතිව ඇති. ගවයෝ ඝාතනය කරන මිනිසුන්ව ඝාතනය කලා නම්, හරිම ෂෝක් නේද? වැඩෙත් පහසුයි. අපේ චුං අපිට චුං තමයි ඉතින් නේද? (නදී)