ගවයින් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීමට පෙර ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ද ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ ද දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ ද නිර්දේශය අනිවාර්යෙන් ලබාගත යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී. ද සොයිසා මහතා කියයි.
ලුණුගම්වෙහෙර සහ සූරිය වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මෙලෙස වැඩි වශයෙන් ගවයින් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ලබාගැනිමට එතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්ව ඝාතකාගාර වෙනම රජයේ අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යාමටත්, මස්කඩ වලට ඒවායෙන් මස් මිලදී ගෙන විකිණීමටත් නීතිය සකස් කල යුතුයි. (ර)
සුල්තාන් අබ්දුල් හලීම් මුඅඞ්සාම් ෂා පවසා ඇත්තේ බහුආගමික රාජ්‍යයකදී (මැලේසියාවේ)බහුතර මුස්ලිම්වරුන්ට සංවේදී ආගමික කරුණු පිළිබඳව සුළුතරයේ ගෞරවය හිමිවිය යුතු බවයි.රාජ්‍යයයේ ස්ථාවරත්වය හා සාමය පවත්වා ගත හැක්කේ එලෙස සුළුතර ප්‍රජාවන් විසින් බහුතරයේ සංවේදීතාවයට යටත්වීමෙන් බව මැලේසියානු රජුගේ අදහසයි. (බ)
වැඩි හරියක් මස් කන අය තමයි ලෙඩ හැදිලා විඳවන්නේ. මස් කන අයට කුමන හෝ ලෙඩක් තියෙනවාමයි, බොරුනම් හොයලා බලන්න. සතුන් මැරීමෙන් හොයන්නේ කුමන ආත්මීය සතුටක්ද. සතෙක් මරලා තමන්ගේ ජීවිත වලට හොඳක් වෙච්ච අය නැහැ කොහෙවත්. (ර)
ප්‍රසාද් මහත්තයෝ, සමහරු කතාවේදී නම් ඇල්වතුරත් නිවල බොන විදිහට තමයි කතාව. ඔය අයගේ බත් පිඟානට මස් වැටුම, කෑවට පස්සේ තමයි පව් පින් මතක් වෙන්නේ. මම දන්නා විදිහට නම් බීෆ්, මට්න්, චිකන් වලට ඔය පව් පිං අදාළ නැහැ. (ර)
ඉන්දියාවේ ගවයා පුජනිය සතෙක් විදිහට සළකනවා ඔබ කවුරුත් දන්නවා ඇති. ලෝකයේ හරක් මස් වැඩිපුරම අපනයනය කරන රට ඉන්දියාවයි. මේකට මොනවද මේ කට්ටිය කියන්නේ? අපි හරක් මස් නොකෑවොත් ඉතින් , ඉන්දියාවේ වගේ ගවමස් ටික පිටරට පටවලා රටේ අදායම වැඩිකර ගන්න පුළුවන්. කොහොමත් මේ ලෝකයේ තියන හැම දෙයක්ම විඳින්න පින තියෙන්නේ සුද්දන්ටම තමයි. "පවට පින දෙන්න බැහැ" කියල අර කතාවටත් කියනවනේ. (ම)
එහෙනම් අනීවාර්යයෙන්ම මිල ඉහළ යයි! දොළ පිදේනි දෙන්න ඕනා සංඛ්‍යාව වැඩි වෙලානේ!(ම)
බැලුවහම අපේ රටේ වැඩි හරියක් ඉන්නේ උපාසක මහත් වරුණේ .නුමුත් මට හිතාගන්න බැරි රටේ මස් , මලු , කරවල , බිත්තර මිල කොහමද මෙච්චර ඉහල යන්නේ කියල .මොකද ඉල්ලුමට අනුව සැපයුම . ඉල්ලුම වැඩි වෙද්දී මිල ඉහල කියල මමනම් දන්නේ . කව්ද මේවා කන්නේ ? (අ)
මේ අහිංසක සත්තුන්ට නිදහසේ ඉන්න කවදා ලැබේද.? (ර)
ලංකාවේ ගව ඝාතනය තහනම් කළ යුතුමයි. අවශ්‍ය නම් ජනමත විචාරණයක් පවත්වා බලන්න. (අ)
මරණයට කැප උන සතුන් පිටුපස ඇති කාර්ම විපාකය සලකා බලන්න. මෙහි අදහස් පල කර ඇති සමහර නම් අනිවාර්යයෙන්ම ඊළඟ ආත්ම භාවයේ මේ කර්මය හිමි වන බව සැක නැති තරම්. අහෝ සිංහල බෞද්ධ අපේ රටට ගිය කල. (ර)
මේ ලෝකේ ජීවත්වෙන කිසිම සත්ව කොට්ඨාසයක් තම වර්ගයාගේ මස් අනුභවයට විරුද්ධයි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. එය ඉතාම සාධාරණයි. ඒ නිසා තම වර්ගයා වෙනුවෙන් සටන් කරන එක ගැන ගව වර්ගයා ඔවුන් කෙරෙහි කෘතඥ වෙන අතර අපි ඔවුන් පිලිබදව සතුටු විය යුතුයි. කරුමෙට මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරන්න බල්ලෙක් වත් නොමැති එක ගැන තමයි මට කනගාටු. (අ)
ගොඩක් පිං ඇති වැඩක්. (ර)
නමුත් කොයිතරම් නම් හොරෙන් ගවයින් ප්‍රවාහනය කරනවා ඇද්ද? ඒ අසරණ සතුන්ට කාගේ පිහිටක්ද? (නි)
ඒක නම් ඇත්ත අභය. පිටතට නොපෙනෙන්න ආවරණය කරපු වාහන වල ප්‍රවාහනය කරපු ගවයින් කොච්චර නම් අහුවුණාද පහුගිය කාලේ (නි)
මේ බලපත්‍ර වලට අයකරන ගාස්තුවත් වැඩිකර හොර හරක් ප්‍රවාහනට දඩ මුදල් පස් ගුණයකින් වැඩිකරන්න. (නි)
අවසර ඇතුව කළත් නැතුව කළත් පව පවමයි. ඇයි මේ ගවමස් සපුරා තහනම් නොකරන්නේ? (නි)
මොන දේ කළත් මේ අහිංසක සත්තු හැමදාම මිනිස්සු වෙනුවෙන් දංගෙඩියට යනවා (නි)
ඉන්දියාවේ වගේ මෙහෙත් තහනම් කරන්න. (ර)
ප්‍රවාහනය කිරීමට බලපත් දෙනවයි කියන්නේ ඒ සතුන්ව දන්ගෙඩියට අනුමත කරන එකනේ. මොකද ආශාවට මේ සත්තු ප්‍රවාහනය කරන්න ඉල්ලනවා නෙමෙයිනේ නේද? (ර)
ගවයාට විතරද පණ තියෙන්නේ? කුකුළන්ට, මාළුන්ට, ඌරන්ට, එළුවන්ට, මදුරුවන්ට පණ නැද්ද? ඔච්චර සත්ව කරුණාව ගැන අදහස් ලියන අය, කිසිම මසක් තියා උම්බලකඩ කෑල්ලක්වත් නොකන අය නම් ඒ ගැන කතා කළාට කමක් නැහැ (නි)
ගවයාට පමණක් නෙමෙයි මේක අනෙක් සතුන්ටත් ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් හොඳයි (නි)
වැඩේ නම් හොඳයි හරියට කළොත් පගාව එහෙම ගන්නේ නැතුව (නි)
සතුන් මරණ එක තහනම් කරන්න බැරිද? (නි)
යම් තරමකට හෝ පාලනයක් වීම ගැන සතුටුයි (නි)
අවිහිංසාවාදය ඉන්දියාවේ සංකල්පයක්. සෑම සත්වයකුටම ජීවත්වීමේ අයිතිය ගැන විවාදයක් නැහැ. බහුවිධ ආගම් අදහන රටක නීතිමය ආවරණයක සත්ව ඝාතනය පාලනය කරන්න අපහසුයි. (නි)