රුපියල් 350ට පොහොර ද වී වලට සහතික මිලක්ද ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනුරාධපුර නගරය සමීපයේ පිහිටි කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාගේ නිවස වටලන්නට ගියේය.
කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සොයුරු රවී දිසානායක ගොවීන් හමුවට පැමිණ කියා සිටියේ තම සහෝදරයා කොළඹ ගොස් සිටින බවයි.
පොලිසියත් ගොවි නියෝජිතයන්ට උපදෙස් දුන්නේ ඇමැතිවරයා ද ගෙදර නැති හෙයින් එතැන රැඳී සිටීමෙන් පලක් නොවන බවයි. ඔවුහු ඉන්පසු ගුවන්තොටුපළ පාරට ගොස් රැස්වීමක් පවත්වා විසිර ගියහ.
ගොවි සම්මේලනයේ සභාපති වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න, උප සභාපති සුසන්ත කුමාර නවරත්න මහත්වරු මේ උද්ඝෝෂණය මෙහෙයවූහ.
![DSC02595[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC025951.jpg)
![DSC02611[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC026111.jpg)
![DSC02629[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC026291.jpg)
![DSC02636[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC026361.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පටන්ගැන්ම විතරයි. එලිවෙනජමෙට හොද හොද සෙල්ලම් බලාගන්න පුළුවන් (කෞ)
ආණ්ඩුවට තියෙන්නෙ පොහොර එපා සල්ලි දියව් කියල සෙට් එකක් පාරට ගේන්න. (කෞ)
ගොවියාට පහර වදිනවා ගොවියගේම පුතා රජ කරන කලේ වෙලත් (කෞ)
අද ගොවියෝ කුඔුරු වැඩ කරනන්නේ කොහොමද? වි කියද? පොහොර කියද ?උපවාස කරන්න තියෙන්නේ මේ ආණ්ඩුව වැඩිකල් තියෙනන්නේ නෑ (ම)
පේනවා නේද ගේට්ටු දාගෙන ආරක්ෂා වෙලා ඉන්න හැටි? (ම)
මේවා දේශපාලන උවමනා මෙහි පසුපස දේශපාලන හස්තයන් ඇත. (ර)
මෙවැන්නක් සිදු නොවන ලෙස කටයුතු කිරීම රජයේ වගකීමයි ...(ම)
මේවා වෙන්නේ රටේ ජනයා අමතක කරලා පිටරට අයගේ අදහස් අනුව ක්‍රියා කිරීම නිසා (ම)
මාර්ග අවහිර කර ජනතාව අපහුතාවයට පත් කරනවාට වඩා හොඳ දෙයක් (ම)
වෙනසක් ඉල්ලා, බොරු ප්‍රචාර වලට රැවටී, මිරිඟුවක් හඹා ගිය ජනතාවට මේවා හොඳ පාඩම්. (නි)
350/- පොහොර ඕනෑ කියන තර්කය මෝඩකමක්. හොඳම තත්වයේ පොහොර අඩුමිලට ඉල්ලන එක මහා මෝඩකමක්. සහනාධාර දිය යුත්තේ සල්ලි වලින් යම්කොටසක් නිෂ්පාදන වියදම් අඩුකරන්න මිස, බාල පොහොර ගෙන්වන්න නෙමෙයි. (නි)
ජවිපෙ දේශපාලනයත් මේවයින් හොඳට පේනවා. ඒක පැත්තකින් රාජපක්ෂ පාලනය පතුරු ගහමින් යහපාලනයට කඩේ යන ගමන්, අනිත් පැත්තෙන් රාජපක්ෂ පාලනය කාලේ තිබුන සහන ආපසු ඉල්ලනවා. අනේ මන්දා! (නි)
සමහර අයට මේවා දැක්කහම හරි සතුටුයි. කොහොමහරි හොරු ටික ආයෙත් ගෙන්වන්න තමා උවමනාව (නි)
කාට කාටත් හස්ත පෙනෙයි ඔහොම ගියහම. (ර)
මේවා මේ ඔක්කොම ශෝබන වැඩ . මේ ඔක්කොම ගොවීන්ද ? (ර)
සල්ලි නැතුව වකුගඩු රෝගය ඉල්ලන්නේ. (ර)
මහා ලොකුවට දුන්නේ, අපේ දුක තේරෙන්නේ ඔයාට වෙතරයි කියලනේ. කොහොමද දැන් තේරෙනවද.? (ර)
රුපියල් 350 ට පොහොර දෙන්නේ ඇයි සහනාධාර මත යැපි වැඩ කිරීම මාර දෙයක්. වෙළඳපොල නිදහසේ හැසිරෙන්න ඉඩහරින්න. වී වලට සහතික මිලකුත් අවශ්‍ය නෑ. (ර)