IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ගොවියා කටු ඉඹුලේ‘

කප්රුක යට ඉන්නට එන්නැයි ගොවි ජනතාවට ආරාධනා කල ආණ්ඩුව අයවැයෙන් ගොවි ජනතාව කටු ඉඹුලට නංවා ඇතැයි එක්සත් ගොවිජන පෙරමුණේ ලේකම් පියසිරි විජේනායක මහතා ප්‍රකාශ කළේය.

යහපාලන නායකයන් ගොවි ජනතාව විනාශකාරී දොරටුවක් වෙත තල්ලු කලේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කලේය.

 ගොවියාට දුන් සහනාධාර අය වැයෙන් කපා හැරීමට ගත් අසාධාරණ තීරණය පිළිබඳව ගමින් ගමට ගොවිජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් කුියාත්මක කරන බව ද ඒ මහතා ප්‍රකාශ කලේය.

ගොවි සහන කැපූ, ජලයටත් මුදල් අය කරන  මේ යහපාලන අයවැයට පක්ෂව ඡන්දය දෙන ජනතා නියෝජිතයන්ට ගමට එන්නට දෙන්න එපා යැයි හෙතෙම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.



අදහස් (0)

‘ගොවියා කටු ඉඹුලේ‘

අනු Wednesday, 09 December 2015 05:18 AM

ඔව් ගොවියන්ට කරපු අපරදෙට සහගහනවා අපිත් නිකන් ඉන්නේ නැහැ ගමින් ගමට ගිහිල්ල දැනුවත් කරනවා (ම)

:       0       0

දුමින්ද Wednesday, 09 December 2015 06:08 AM

ගොවියන් කටු ඉඹුලේ නම් රට ගැන කවර කතාද? (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 09 December 2015 02:37 PM

අනුගේ කතාව හරි. ගමින් ගමට ගිහින් දැනුවත් කරන්න. දේශපාලුවන් එළවා දමන්න. (නි)

:       0       0

රුවන් Tuesday, 08 December 2015 06:09 PM

පියසිරි හරියට කියවල කතා කරන්න. උඩින් අතගාල දෙන ගොවියෝ රවට්ටන්න බැහැ හොඳේ. (ස)

:       0       0

මිහිඳු Tuesday, 08 December 2015 06:53 PM

මැතිතුමනි, ඉක්මන් වෙන්න එපා. තව ටික කාලයක් යහපාලනයේ රසවිඳින්න ඉඩදෙන්න. බහුතර ජනතාවගෙ කැමැත්තනෙ. (නි)

:       0       0

සිංහ Tuesday, 08 December 2015 07:47 PM

පොළොන්නරුව පැත්තේ ගොවි ජනතාව නම් මේ වෙනස ඉල්ලලාමනේ ගත්තේ (නි)

:       0       0

දුමින්ද Tuesday, 08 December 2015 11:09 PM

පහුගිය කාලේ මේ කවුරුවත් ගොවියෝ වෙනුවෙන් කතාකළේ නැහැ නේද? (නි)

:       0       0

තිලක් Wednesday, 09 December 2015 12:37 AM

හේතුව ආශ්චර්යය තමයි! (නි)

:       0       0

චමී Wednesday, 09 December 2015 12:49 AM

මෙයා දැන් විමල්ගෙ ලඟ නැද්ද? (ස)

:       0       0

රාධා Wednesday, 09 December 2015 01:31 AM

මෙතුමා ගොවි විශ්‍රාම වැටුපට දායක වෙලාද කියා දැනගන්න කැමතියි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 09 December 2015 02:06 AM

ගොවියාට සහනාධාර දෙන්නත්, වැඩි මිලට වී මිලදී ගැනීමෙන් සහල් වැඩි මිලට ගන්නට වීමෙනුත් කටු ඉඹුලේ යන්නේ අපි වගේ පාරිභෝගිකයෝ නොවෙයිද? (නි)

:       0       0

තිලකරත්න Wednesday, 09 December 2015 02:17 AM

ඔයටික කරගන්නනේ ගොඩක් දෙනෙකුට උවමනා වුණේ (නි)

:       0       0

හිමාල් Wednesday, 09 December 2015 03:25 AM

ගොවියට මෙච්චර කාලයක් තිස්සේ සහනාධාර බරටම දුන්නා.පොහොර සහනාධාර,වගා රක්ෂණ ක්‍රම, වාරිමාර්ග ජලය, කෘෂි උපදෙස්... ඒත් අන්තිමේදී පාරිභෝගිකයාට වූ වාසිය මොකක්ද? හැමදාම තමන්ගේ දේ වෙළෙඳපොළේ මිලට වැඩියෙන් ගනිවු කියලා තර්ජනය කරන්න විතරයි දන්නේ. මේ සහනාධාර සංස්කෘතිය හින්දා තමන්ගේ දෙපයින් නැඟිටින්න නෙමෙයි දන්නේ අනුන්ට අතපාන්න. ඔන්න ඕකයි තිත්ත ඇත්ත. (නි)

:       0       0

අතුල Wednesday, 09 December 2015 04:01 AM

මෙයාලට දැන්නේ මිනිසුන්ගේ දුක දැනෙන්න අරගෙන තියෙන්නේ. පහුගිය ආණ්ඩුවේ කිසිම වැරැද්දක් දැක්කේ නැහැ නේද? (නි)

:       0       0

ජයරත්න Wednesday, 09 December 2015 04:35 AM

සමහර අයට නම් තවමත් වෙනස ඒහෑටි දෑනිල නෑ වගේ. මේ අය හරියට දිය හැලියෙ නටන කකුලුවෝ වගේ. (බ)

:       0       0

මොහාන් Wednesday, 09 December 2015 04:49 AM

පියසිරි මහත්තයෝ, මුලින්ම කියන්න ඔය ගොවි සමාජේ සාමාජිකයෝ කීයක් ඉන්නවද කියල. කලින් ආණ්ඩුවෙන් පොහොර සහනාධාරය ගසා කනකොට කොහෙද හිටියේ. ආණ්ඩුවේ ලොක්කෝ නිලධාරීන් එක්ක එකතු වෙලා ලෝකෙම තියෙන ලාබම වගේම බාලම පොහොර ගෙනත් ලංකාවේ ඉඩම් වල පුරවනකොට. පොහොර මිටිය ගහන්න ඕන කුඹුරට මිටි දෙක තුන ගහන්න වෙන විදියට ඒවගේ සාන්ද්‍රණය බාල වෙලා විස රසායන වැඩි වෙනකොට කොහෙද හිටියේ, නිකම් දේශපාලන වාසි ගන්න මේ ක්‍රමයට අකුල් හෙලලා අපරාධකරන්න එපා. දැන්වත් මේ රට හැදෙන්න දෙන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site