කප්රුක යට ඉන්නට එන්නැයි ගොවි ජනතාවට ආරාධනා කල ආණ්ඩුව අයවැයෙන් ගොවි ජනතාව කටු ඉඹුලට නංවා ඇතැයි එක්සත් ගොවිජන පෙරමුණේ ලේකම් පියසිරි විජේනායක මහතා ප්‍රකාශ කළේය.
යහපාලන නායකයන් ගොවි ජනතාව විනාශකාරී දොරටුවක් වෙත තල්ලු කලේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කලේය.
ගොවියාට දුන් සහනාධාර අය වැයෙන් කපා හැරීමට ගත් අසාධාරණ තීරණය පිළිබඳව ගමින් ගමට ගොවිජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් කුියාත්මක කරන බව ද ඒ මහතා ප්‍රකාශ කලේය.
ගොවි සහන කැපූ, ජලයටත් මුදල් අය කරන මේ යහපාලන අයවැයට පක්ෂව ඡන්දය දෙන ජනතා නියෝජිතයන්ට ගමට එන්නට දෙන්න එපා යැයි හෙතෙම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ගොවියන්ට කරපු අපරදෙට සහගහනවා අපිත් නිකන් ඉන්නේ නැහැ ගමින් ගමට ගිහිල්ල දැනුවත් කරනවා (ම)
ගොවියන් කටු ඉඹුලේ නම් රට ගැන කවර කතාද? (නි)
අනුගේ කතාව හරි. ගමින් ගමට ගිහින් දැනුවත් කරන්න. දේශපාලුවන් එළවා දමන්න. (නි)
පියසිරි හරියට කියවල කතා කරන්න. උඩින් අතගාල දෙන ගොවියෝ රවට්ටන්න බැහැ හොඳේ. (ස)
මැතිතුමනි, ඉක්මන් වෙන්න එපා. තව ටික කාලයක් යහපාලනයේ රසවිඳින්න ඉඩදෙන්න. බහුතර ජනතාවගෙ කැමැත්තනෙ. (නි)
පොළොන්නරුව පැත්තේ ගොවි ජනතාව නම් මේ වෙනස ඉල්ලලාමනේ ගත්තේ (නි)
පහුගිය කාලේ මේ කවුරුවත් ගොවියෝ වෙනුවෙන් කතාකළේ නැහැ නේද? (නි)
හේතුව ආශ්චර්යය තමයි! (නි)
මෙයා දැන් විමල්ගෙ ලඟ නැද්ද? (ස)
මෙතුමා ගොවි විශ්‍රාම වැටුපට දායක වෙලාද කියා දැනගන්න කැමතියි (නි)
ගොවියාට සහනාධාර දෙන්නත්, වැඩි මිලට වී මිලදී ගැනීමෙන් සහල් වැඩි මිලට ගන්නට වීමෙනුත් කටු ඉඹුලේ යන්නේ අපි වගේ පාරිභෝගිකයෝ නොවෙයිද? (නි)
ඔයටික කරගන්නනේ ගොඩක් දෙනෙකුට උවමනා වුණේ (නි)
ගොවියට මෙච්චර කාලයක් තිස්සේ සහනාධාර බරටම දුන්නා.පොහොර සහනාධාර,වගා රක්ෂණ ක්‍රම, වාරිමාර්ග ජලය, කෘෂි උපදෙස්... ඒත් අන්තිමේදී පාරිභෝගිකයාට වූ වාසිය මොකක්ද? හැමදාම තමන්ගේ දේ වෙළෙඳපොළේ මිලට වැඩියෙන් ගනිවු කියලා තර්ජනය කරන්න විතරයි දන්නේ. මේ සහනාධාර සංස්කෘතිය හින්දා තමන්ගේ දෙපයින් නැඟිටින්න නෙමෙයි දන්නේ අනුන්ට අතපාන්න. ඔන්න ඕකයි තිත්ත ඇත්ත. (නි)
මෙයාලට දැන්නේ මිනිසුන්ගේ දුක දැනෙන්න අරගෙන තියෙන්නේ. පහුගිය ආණ්ඩුවේ කිසිම වැරැද්දක් දැක්කේ නැහැ නේද? (නි)
සමහර අයට නම් තවමත් වෙනස ඒහෑටි දෑනිල නෑ වගේ. මේ අය හරියට දිය හැලියෙ නටන කකුලුවෝ වගේ. (බ)
පියසිරි මහත්තයෝ, මුලින්ම කියන්න ඔය ගොවි සමාජේ සාමාජිකයෝ කීයක් ඉන්නවද කියල. කලින් ආණ්ඩුවෙන් පොහොර සහනාධාරය ගසා කනකොට කොහෙද හිටියේ. ආණ්ඩුවේ ලොක්කෝ නිලධාරීන් එක්ක එකතු වෙලා ලෝකෙම තියෙන ලාබම වගේම බාලම පොහොර ගෙනත් ලංකාවේ ඉඩම් වල පුරවනකොට. පොහොර මිටිය ගහන්න ඕන කුඹුරට මිටි දෙක තුන ගහන්න වෙන විදියට ඒවගේ සාන්ද්‍රණය බාල වෙලා විස රසායන වැඩි වෙනකොට කොහෙද හිටියේ, නිකම් දේශපාලන වාසි ගන්න මේ ක්‍රමයට අකුල් හෙලලා අපරාධකරන්න එපා. දැන්වත් මේ රට හැදෙන්න දෙන්න. (බ)