ශ්‍රී ලංකා රජයේ සහ චෙක් රජයේ මිත්‍රත්වය වර්ධනය කර ගැනීම සදහා දෙරට අතර සිදුවූ සතුන් හුව මාරුවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැක්වු දායකත්වය අගය කිරීම වෙනුවෙන් චෙක් රජයේ විදේශ කටයුතු අමාත්‍ය ජේන් කොටි මහතා චෙක් රජයට ආවේනික වු පළිගු විශේෂයකින් (බොහේමියන්) වලින් නිර්මාණය කරන ලද උකුස්සන් දෙදෙනෙකු ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාට පරිත්‍යාග කළේය.
ශ්‍රි ලංකා රජය විසින් පසුගියදා චෙක් රජ්‍යයට අලි පැටවුන් දෙදෙනෙකු පරිත්‍යාග කිරීමෙන් අනතුරුව චෙක් රාජ්‍ය විසින් කොමඩෝ ඩ්‍රැගන් නැමති උරග විශේෂයට අයත් සතුන් 02 ද ප්‍රෙසෝවොස්කි අශ්වයින් 02 හා හිපපොටේස් 02 කු මෙරටට පරිත්‍යාග කළේය.
ගුවන් හමුදා මුලස්ථානයේදී චෙක් රජයේ අමුත්තන් වෙනුවෙන් සුහද හමුවක් පැවැත්වු අතර එම අවස්ථාවට චෙක් රජයේ සංස්කෘතික කටයුතු අමාත්‍ය ජිරි බාල්වින්, පාරිසරික අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමති තෝමස් ටෙසර්, චෙක් රාජ්‍යයේ තානාපති මිරෝස්ලේ ස්ටීක්, චෙක් ජනරජයේ නිලධාරින් හා ඉහල තලයේ ව්‍යාපාරිකයින් කණ්ඩායමකින් සමන්විත දුත පිරිසක්ද එක්වුහ.
මෙහිදී චෙක් රජයේ දූත පිරිස, ගුවන්හමුදාපතිවරයා සමග සුහද කතා බහක නිරත වු අතර එහිදී ගුවන් හමුදාපතිවරයා හා චෙක් රාජ්‍ය නියෝජිත පිරිස අතර සමරු ඵලක හුවමාරුවක් සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම චෙක් රජය අපිට යුද්දේ වෙලාවේ ගොඩක් උදවු කරපු රටක් ගොඩක් අය දන්නවා නොදන්නා අයගේ දැන ගැනීමට මම මේක ලියන්නේ. අපි යුද්දේ අසරණ වෙලා හිටපු වෙලාවේ පකිස්ථානය අපිට කෙලින්ම යුද උපකරණ දුන්න. ඊළගට චෙක් රජය අපිට මල්ටි බැරල් කානු 40 යුද උපකරණ දුන්නා. නිකන් නෙමෙයි. නමුත් අපිට නයටවත් දෙන්න කෙනෙක් නැති වෙලාවේ එයාල අපිට උදවු කලේ. තුර උනත් උදව්වට එනවා නම් වැලද ගන්න කියල තියනවනේ. චෙකොස්ලෝවකියාව කියන්නේ රණ කාමී රටක් අද බෙදුම් වාදය නිසා දෙකඩ වෙලා තිබුනට. (නදී)
ලක්ෂ්මන් මහත්මයා පළ කරලා තියෙන්නේ ඉතා උචිත අදහසක්.ඒත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉන්නේ නිකම්ම නිකන් හිස් ගොඩක් නොවන බව පසුගිය ජයග්‍රාහී සටනේදී මුළු ලෝකයටම ඔප්පු කර හමාරයි. (ස)
අමිල, මම දන්නවා ඔය කතාව,කියන්නද බලන්න. මම හිතන්නේ මේකේ හැම කෙනෙක්ම දන්නවා.(නදී)
මට අර අශ්වයාගේ කතාව මතක් උනා. ඔය නිකම් දෙන ඒවා හොඳට චෙක් කරලා බලන්න. අස්සේ මොනවත් තියනවද කියලා. (ස)
අර ගොල්ලන්ට දුන්නා නම් මුන්ව කසාද බන්දලා පැටවුත් අරන් දෙයි. (ස)
ඔව් අනුරාද ඔබ හරි,මේ සතියකට දෙකකට උඩදිත් මම දෙකක ගුවන් බටයෙක් ගැන දල තියනවා (අ)
හැම රටක් සමගියෙන් සාමයෙන් ඉන්න ඕන. (ස)
දැන් ඉතින් ගුවන් හමුදාවෙ අය මේ කුරුල්ලෝ අතේ ගහයි ද ? (ස)
චෙක් ජාතිකයන් ශ්‍රේෂ්ට රණකාමී ජාතියක්! (ස)