IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගුවන් හමුදාවට චෙක් උකුස්සෝ

ශ්‍රී ලංකා රජයේ සහ චෙක් රජයේ මිත්‍රත්වය වර්ධනය කර ගැනීම සදහා දෙරට අතර  සිදුවූ සතුන් හුව මාරුවේදී  ශ්‍රී ලංකා ගුවන් හමුදාව  දැක්වු දායකත්වය අගය කිරීම වෙනුවෙන් චෙක්  රජයේ  විදේශ කටයුතු අමාත්‍ය ජේන්  කොටි මහතා චෙක් රජයට ආවේනික වු පළිගු විශේෂයකින් (බොහේමියන්) වලින් නිර්මාණය කරන ලද උකුස්සන් දෙදෙනෙකු ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම  මහතාට  පරිත්‍යාග කළේය.

ශ්‍රි ලංකා රජය විසින් පසුගියදා චෙක් රජ්‍යයට අලි පැටවුන් දෙදෙනෙකු පරිත්‍යාග කිරීමෙන් අනතුරුව චෙක් රාජ්‍ය විසින්  කොමඩෝ ඩ්‍රැගන් නැමති උරග විශේෂයට අයත් සතුන් 02 ද ප්‍රෙසෝවොස්කි අශ්වයින් 02 හා හිපපොටේස් 02 කු මෙරටට  පරිත්‍යාග කළේය.

ගුවන් හමුදා මුලස්ථානයේදී  චෙක් රජයේ අමුත්තන් වෙනුවෙන් සුහද හමුවක් පැවැත්වු අතර  එම අවස්ථාවට චෙක් රජයේ  සංස්කෘතික කටයුතු අමාත්‍ය  ජිරි බාල්වින්, පාරිසරික අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමති තෝමස් ටෙසර්, චෙක් රාජ්‍යයේ තානාපති  මිරෝස්ලේ ස්ටීක්, චෙක් ජනරජයේ නිලධාරින් හා ඉහල තලයේ ව්‍යාපාරිකයින් කණ්ඩායමකින් සමන්විත දුත පිරිසක්ද  එක්වුහ.

 මෙහිදී චෙක් රජයේ දූත පිරිස,   ගුවන්හමුදාපතිවරයා  සමග  සුහද කතා බහක නිරත වු අතර එහිදී ගුවන් හමුදාපතිවරයා  හා චෙක් රාජ්‍ය නියෝජිත පිරිස අතර සමරු ඵලක හුවමාරුවක් සිදුවිය.

 



අදහස් (0)

ගුවන් හමුදාවට චෙක් උකුස්සෝ

ප්‍රභාත් Friday, 08 November 2013 04:48 PM

ඇත්තටම චෙක් රජය අපිට යුද්දේ වෙලාවේ ගොඩක් උදවු කරපු රටක් ගොඩක් අය දන්නවා නොදන්නා අයගේ දැන ගැනීමට මම මේක ලියන්නේ. අපි යුද්දේ අසරණ වෙලා හිටපු වෙලාවේ පකිස්ථානය අපිට කෙලින්ම යුද උපකරණ දුන්න. ඊළගට චෙක් රජය අපිට මල්ටි බැරල් කානු 40 යුද උපකරණ දුන්නා. නිකන් නෙමෙයි. නමුත් අපිට නයටවත් දෙන්න කෙනෙක් නැති වෙලාවේ එයාල අපිට උදවු කලේ. තුර උනත් උදව්වට එනවා නම් වැලද ගන්න කියල තියනවනේ. චෙකොස්ලෝවකියාව කියන්නේ රණ කාමී රටක් අද බෙදුම් වාදය නිසා දෙකඩ වෙලා තිබුනට. (නදී)

:       0       0

අනුරාධ. Friday, 08 November 2013 04:58 PM

ලක්ෂ්මන් මහත්මයා පළ කරලා තියෙන්නේ ඉතා උචිත අදහසක්.ඒත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉන්නේ නිකම්ම නිකන් හිස් ගොඩක් නොවන බව පසුගිය ජයග්‍රාහී සටනේදී මුළු ලෝකයටම ඔප්පු කර හමාරයි. (ස)

:       0       0

මර්වින් Friday, 08 November 2013 05:51 PM

අමිල, මම දන්නවා ඔය කතාව,කියන්නද බලන්න. මම හිතන්නේ මේකේ හැම කෙනෙක්ම දන්නවා.(නදී)

:       0       0

ලක්ෂ්මන් Friday, 08 November 2013 01:47 PM

මට අර අශ්වයාගේ කතාව මතක් උනා. ඔය නිකම් දෙන ඒවා හොඳට චෙක් කරලා බලන්න. අස්සේ මොනවත් තියනවද කියලා. (ස)

:       0       0

මොහාන් Friday, 08 November 2013 01:59 PM

අර ගොල්ලන්ට දුන්නා නම් මුන්ව කසාද බන්දලා පැටවුත් අරන් දෙයි. (ස)

:       0       0

ශ්‍රියාලතා Friday, 08 November 2013 07:35 PM

ඔව් අනුරාද ඔබ හරි,මේ සතියකට දෙකකට උඩදිත් මම දෙකක ගුවන් බටයෙක් ගැන දල තියනවා (අ)

:       0       0

සන්ධ්‍යා Friday, 08 November 2013 02:31 PM

හැම රටක් සමගියෙන් සාමයෙන් ඉන්න ඕන. (ස)

:       0       0

අමිල - කටුනායක Friday, 08 November 2013 02:46 PM

දැන් ඉතින් ගුවන් හමුදාවෙ අය මේ කුරුල්ලෝ අතේ ගහයි ද ? (ස)

:       0       0

චාමික Friday, 08 November 2013 03:28 PM

චෙක් ජාතිකයන් ශ්‍රේෂ්ට රණකාමී ජාතියක්! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site