ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ බොදු බැති ගී සරණිය කොළඹ ගුවන් හමුදා කදවුරු පරිශ්‍රෙය්දී ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කළ මෙම වෙසක් කළාපය තුල බැතිමතුන් වෙනුවෙන් දන්සැලක් ද සංවිධානය කර තිබු අතර එය ගුවන් හමුදාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබීය. අනතුරුව ගුවන්හමුදාපකි වරයා වෙසක් කලාපය සහ ගුවන් හමුදා සමාජික සාමාජිකාවන් විසින් ඉදිරිපත් කළ වෙසක් බොදු බැති ගී සරණියද නැරඹුවේය.
අලංකාර රූකඩ සංදර්ශනයකින්ද සමන්විත වු මෙම වෙසක් කළාපය නැරඹීමට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලිකා අබේවික්‍රම මහත්මිය, ගුවන් හමුදා මණ්ඩලික ප‍්‍රධානි එයාර් වයිෂ් මාෂල් කේ ඒ ගුණතිලක ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් හා ගුවන් හමුදා කොළඔ කදවුරේ අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් කේ ඒ. ආර් ප‍්‍රනාන්දු යන නිළධාරින් ඇතුළු සෙසු නිළයන් සහ බැතිමතුන් විශාල පිරිසක්ද පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි. ගුවන් හමුදාධිපති තුමා ප්‍රමුක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම දෙනාට සුභ වෙසක් මංගල්ලයක් වේවා!(නදී)