යුද සමයේ මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ හින්දු ආගමික පුජෝත්සවයක් අද උදෑසන කොළඹ 10 කැප්ටන් ගාර්ඩන් සිවම් හිංදු කෝවිලේදී පැවැත්විනි.
ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම හින්දු ආගමික පුජෝත්සවයේදී ගුවන් හමුදාවේ සේවයේ යෙදී සිටියදී මියගිය සියළුම ගුවන් හමුදා සාමාජිකයින් සිහිකර යාඥා කිරීම සහ එම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙතද ආශිර්වාද කරනු ලැබිණි.
මෙම දේව මෙහෙය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ මුලිකත්වයෙන් සහ ගුවන් හමුදාවේ ප‍්‍රධාන මාණ්ඩලික නිළධාරී ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, හා ගුවන්හමුදාවේ ඉහළ නිළධාරින් ඇතුළු සෙසු නිළයන් මෙන්ම මිය ගිය රණවිරු පවුල් වල සාමාජිකයෝද මෙම අවස්ථාව සඳහා සහභාග වූහ.


2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් හමුදාව රණවිරුවන් සිහිකරයි
චන්දි Wednesday, 17 July 2013 10:13 PM
ගුවන් හමුදාවේ ,විරුවන්ටත් ,නාවික හමුදා විරුවන්ටත්,යුද හමුදා විරුවන්ටත් මාගේ උත්තමාචාරය!!,මියගිය සියලුම සෙබළුන්ට මගේ උපහාරය!!!! මෙවන් අකල් මරණ කිසිදිනක නොවේවා!!!!!! (අ)
අනුර Wednesday, 17 July 2013 11:54 PM
රණවිරුවනි, ඔබලාට අපි සදා නය ගැතියි. මිය ගිය සියළුම දෙනාට මේක උපහාරයක් වේවා!(නදී)
චමිල නුවන් පෙරේරා Wednesday, 17 July 2013 04:37 PM
මිය ගිය සියළුම රණවිරුවන්ට උපහාරය වේවා..!(නදී)