යුද සමයේ මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ හින්දු ආගමික පුජෝත්සවයක් අද උදෑසන කොළඹ 10 කැප්ටන් ගාර්ඩන් සිවම් හිංදු කෝවිලේදී පැවැත්විනි.
ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම හින්දු ආගමික පුජෝත්සවයේදී ගුවන් හමුදාවේ සේවයේ යෙදී සිටියදී මියගිය සියළුම ගුවන් හමුදා සාමාජිකයින් සිහිකර යාඥා කිරීම සහ එම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙතද ආශිර්වාද කරනු ලැබිණි.
මෙම දේව මෙහෙය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ මුලිකත්වයෙන් සහ ගුවන් හමුදාවේ ප‍්‍රධාන මාණ්ඩලික නිළධාරී ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, හා ගුවන්හමුදාවේ ඉහළ නිළධාරින් ඇතුළු සෙසු නිළයන් මෙන්ම මිය ගිය රණවිරු පවුල් වල සාමාජිකයෝද මෙම අවස්ථාව සඳහා සහභාග වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් හමුදාවේ ,විරුවන්ටත් ,නාවික හමුදා විරුවන්ටත්,යුද හමුදා විරුවන්ටත් මාගේ උත්තමාචාරය!!,මියගිය සියලුම සෙබළුන්ට මගේ උපහාරය!!!! මෙවන් අකල් මරණ කිසිදිනක නොවේවා!!!!!! (අ)
රණවිරුවනි, ඔබලාට අපි සදා නය ගැතියි. මිය ගිය සියළුම දෙනාට මේක උපහාරයක් වේවා!(නදී)
මිය ගිය සියළුම රණවිරුවන්ට උපහාරය වේවා..!(නදී)