කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති 57 වන ජාතික කණිෂ්ඨ මලල කී්‍ඩා ශූරතාවලියේ නව තරග වාරථා 04 ක් සමගින් රන් පදක්කමි 17 ක්, රිදී පදක්කම් 04 ක් හා ලෝකඩ පදක්කමි 05 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වුහ.
මෙවර තරගාවලිය සඳහා 38 දෙනෙකුගෙන් සැදූමිලත් ගුවන් හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම ඉදිරිපත් වු අතර මුළු තරගාවලිය පුරාම ඔවුන්ගෛ් දස්කම් දැක ගැනීමට හැකිවිම විශේෂත්වයකි.
මීට අමතරව 23 පහළ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව බිහි කිරීමටද ගුවන් හමුදාව සමත් විය.
නව තරග වාර්ථා අතරට අවුරුදූ 23 පහල පිරිමි රිටි පැනීම නායක ගුවන් භට සඳරුවන් මීටර් 4.50 ක දක්ෂතාවයක් පෙන්වු අතර එම වයස් කාණ්ඩයේම කාන්තා මීටර් 5000 නායක ගුවන් කාන්තා ආරියදාස ඒ එන් එල් විනාඩි 17.17.66 තරගය නිම කරමින් දස්කම් පෙන්වුවාය.
අවුරුදූ 23 පහල පිරිමි මීටර් 10000 නායක ගුවන් භට නවසිංහ එන් එමි සී සී දක්ෂතාවය විනාඩි 31.04.92 යි. එම වයස් කාණ්ඩයේ කාන්තා මීටර් 10000 නායක ගුවන් කාන්තා ආරියදාස ඒ එන් එල් දක්ෂතාවය විනාඩි 35.49.05 පෙන්වමින් තරගය නිම කළාය.
වයස අවුරුදු 23 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නායක ගුවන් භට ජයසිරි සම්මාන හිමි කරගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නායක ගුවන් කාන්තා හෙන්ඩර්සන් එචි එන් විසින් සමිමාන හිමිකරගත්තාය.
ගුවන් හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එස් කේ පතිරන, ලේකමි ගෘප් කැප්ටන් කේ ජී ආර් හේමචන්ද්‍ර, උප ලේකමි ලෙස ස්කෝඩිරන් ලීඩර් එස් වී ප්‍රේමවර්ධන, කාන්තා කණ්ඩායමි භාර උප ලේකම් ස්කෝඩිරන් ලීඩර් කේ ඩී එචි එචි සී කටුගමිපල, කළමනාකරු බලපන්ති සැරයන් ප්‍රසන්න එම් ඒ ඩී සහ නිළධාරීන්ගේ මග පෙන්වීම හා කළමනාකාරීත්වය යටතේ හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ අවසරලත් දක්ෂ පුහුණුකරුවන් යටතේ මෙම කණ්ඩායම පුහුණුව ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවේවා ජාත්‍යන්තරය දක්වා.(නදී)