ත්‍රිකුණාමලය චීන වරායේ ප්‍රීමා කම්හල් පරිශ්‍රයේ ඇතිවු ගින්නක් සාර්ථකව මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය ගිනි නිවන අභ්‍යාස පීඨයේ භටයෝ සමත් වුහ.
අද සවස චීන වරාය ගුවන් ගමන් පාලන මැදිරියට දිස් වු දුමක් පිළිබඳව එහි කාර්‍ය මණ්ඩලය විසින් සොයා බැලීමේදී එය ප්‍රීමා කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශයෙන් නැගෙන බව මුලින්ම හඳුනාගෙන ඇත.
පසුව වහාම ක්‍රියාත්මක වු ගුවන් හමුදා ගිනි නිවන භටයෝ චීන වරාය ප්‍රීමා කර්මාන්ත ශාලාව අවට සෝදිසි කිරීමේදී එම පරිශ්‍රයේ නවලෝක ඉදිකිරීම් අංශයේ ගබඩාවක් තුළ ගින්න හටගෙන ඇති බවත් යම් රසායන ද්‍රව්‍යක් ගින්නට හේතුව විය හැකි බවත් සොයාගෙන ඇත.
ප්‍රීමා කර්මාන්ත ශාලා පරිශ්‍රයට සහ ඉදිකීරීම් අංශයට වලට දැඩි හානි සිදුකරමින් සීග්‍රයෙන් පැතිර යමින් තිබු ගින්න මහත් පරිශ්‍රමයක් දරා නිවා දැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවන භටයෝ සමත් වුහ.
2025 දෙසැම්බර් මස 18
511
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1058
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් හමුදාව ප්‍රීමා ගින්න නිමයි
ක්‍රිෂාන් Friday, 11 April 2014 06:20 PM
බලනකොට ගොඩක් ලොකු මෙහෙයුමක්නේ දියත් කරලා තියෙන්නේ (නි)
ජයමහ Friday, 11 April 2014 06:47 PM
පිටි මිළ වැඩිවේවිද දන්නෙත් නැහැ (නි)
ජයසූරිය Friday, 11 April 2014 07:24 PM
අගය කළ යුතු මෙහෙවරක්... (නි)
ෂෙරිෆ් Thursday, 10 April 2014 09:50 PM
තව පොඩ්ඩෙන් රොටි, පාන් කාලා හමාරයි.(නදී)
රොෂාන් Friday, 11 April 2014 02:26 AM
පිටි රොටි, පාන් වෙන්න පෙර ගින්න නිවලා... (නි)
ප්‍රියා Friday, 11 April 2014 09:04 AM
මේ විදියට ගින්න නිවාගන්න ලැබීම ලොකු දෙයක් (නි)
සමන් Friday, 11 April 2014 09:16 AM
ගුවන් හමුදාවට අපේ ප්‍රණාමය! (නි)
තිලක් දසනායක Friday, 11 April 2014 09:27 AM
විශිෂ්ටයි. (ස)
ජයවර්ධන Friday, 11 April 2014 09:55 AM
නියමයි. විශිෂ්ටයි. (ස)
සෑම් Friday, 11 April 2014 10:37 AM
පිටිවලට වතුර දාලා ගින්දර දැම්මාම රොටි තමා. මෙතන වතුර දාන්න පොඩ්ඩක් පරක්කු වෙලා. (ස)
ජයන්ත Saturday, 12 April 2014 08:46 AM
ගිනි නිවන අභ්‍යාස පීඨයේ භටයන්ට ස්තූතියි! (නි)
ලෝගේෂ්වරම් Friday, 11 April 2014 12:20 PM
ඒහෙනම් ළඟදීම පිටි මිල වැඩිවේවි. (ස)
අයි.කේ. ඒස්. චන්ද්‍රසිරි Friday, 11 April 2014 12:38 PM
ප්‍රීමා ඒකේ දයා විපුල මහත්මයාණෙනි ඔබට කරදරයක් නැහැ නේද? (ස)
මර්වින් Friday, 11 April 2014 12:56 PM
සුන් බුන් පේන විදිහට නම් සාර්ථකව නිම කරා කියන්න බැහැ වගේ මට හිතෙන්නෙ. (ස)