ත්‍රිකුණාමලය චීන වරායේ ප්‍රීමා කම්හල් පරිශ්‍රයේ ඇතිවු ගින්නක් සාර්ථකව මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය ගිනි නිවන අභ්‍යාස පීඨයේ භටයෝ සමත් වුහ.
අද සවස චීන වරාය ගුවන් ගමන් පාලන මැදිරියට දිස් වු දුමක් පිළිබඳව එහි කාර්‍ය මණ්ඩලය විසින් සොයා බැලීමේදී එය ප්‍රීමා කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශයෙන් නැගෙන බව මුලින්ම හඳුනාගෙන ඇත.
පසුව වහාම ක්‍රියාත්මක වු ගුවන් හමුදා ගිනි නිවන භටයෝ චීන වරාය ප්‍රීමා කර්මාන්ත ශාලාව අවට සෝදිසි කිරීමේදී එම පරිශ්‍රයේ නවලෝක ඉදිකිරීම් අංශයේ ගබඩාවක් තුළ ගින්න හටගෙන ඇති බවත් යම් රසායන ද්‍රව්‍යක් ගින්නට හේතුව විය හැකි බවත් සොයාගෙන ඇත.
ප්‍රීමා කර්මාන්ත ශාලා පරිශ්‍රයට සහ ඉදිකීරීම් අංශයට වලට දැඩි හානි සිදුකරමින් සීග්‍රයෙන් පැතිර යමින් තිබු ගින්න මහත් පරිශ්‍රමයක් දරා නිවා දැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවන භටයෝ සමත් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලනකොට ගොඩක් ලොකු මෙහෙයුමක්නේ දියත් කරලා තියෙන්නේ (නි)
පිටි මිළ වැඩිවේවිද දන්නෙත් නැහැ (නි)
අගය කළ යුතු මෙහෙවරක්... (නි)
තව පොඩ්ඩෙන් රොටි, පාන් කාලා හමාරයි.(නදී)
පිටි රොටි, පාන් වෙන්න පෙර ගින්න නිවලා... (නි)
මේ විදියට ගින්න නිවාගන්න ලැබීම ලොකු දෙයක් (නි)
ගුවන් හමුදාවට අපේ ප්‍රණාමය! (නි)
විශිෂ්ටයි. (ස)
නියමයි. විශිෂ්ටයි. (ස)
පිටිවලට වතුර දාලා ගින්දර දැම්මාම රොටි තමා. මෙතන වතුර දාන්න පොඩ්ඩක් පරක්කු වෙලා. (ස)
ගිනි නිවන අභ්‍යාස පීඨයේ භටයන්ට ස්තූතියි! (නි)
ඒහෙනම් ළඟදීම පිටි මිල වැඩිවේවි. (ස)
ප්‍රීමා ඒකේ දයා විපුල මහත්මයාණෙනි ඔබට කරදරයක් නැහැ නේද? (ස)
සුන් බුන් පේන විදිහට නම් සාර්ථකව නිම කරා කියන්න බැහැ වගේ මට හිතෙන්නෙ. (ස)