පසුගිය යුද සමයේ මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ කතෝලික ආගමික පුජෝත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ මුලිකත්වයෙන් තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා කතෝලික දේවස්ථානයේදී පැවැත්විණි.
ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම කතෝලික ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන්, සේවයේ යෙදී සිටියදී මියගිය සෙබළුන් සිහිකර යාඥා කිරීම, සක‍්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිම මෙහිදී සිදු කෙරිණි.
මෙම දේව මෙහෙයට ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ට නිළධාරීන් සෙසු නිළයින් ඇතළු මිය ගිය රණවිරු පවුල් වල සාමාජිකයෝද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු මොන කතා කිවුවත් රටේ මුර දේවතාවන් රට බේරා ගැනිමට කළ මෙහෙය ගැන දන්නෝ දනිති.නැද්ද මං අහන්නේ?අපි හැමෝම සාක්ෂි. (නි)
මොකද මහේෂ් මහත්තයෝ, ඔයා හිතුවේ හැම් බේකන් කනවා කියලද? හොදට සිංහල හාලේ බත් කන සිංහල කොල්ලෙක්. මම කිව්වේ මෙයාල කරන බොරුව ගැන. ඔක්කොම තනියෙන් කරලා රට බේර ගත්ත පොන්සේකා උත්තමයා දෙවැනි තැනට දාන්න දෙන්න පුලුවන්ද. මමත් ගුවන් හමුදාවේ ඉදපු හින්දා මම දන්නවනේ මෙයාල යුද්ද කරපු හැටි.(නදී)
ඉතා උතුම් කාර්යක්. ඔවුන් සදා අනුස්මරණීයයි.(නදී)
බොරුනම් කරන්න එපා. ගුවන් හමුදාව කොහෙද යුද්ද කලේ. පොන්සේකා මහත්තයනේ ඔක්කොම කලේ. බොරුනම් අහන්න පොන්සේකා මහත්තයගෙන්. එයා තමයි ගුවනින් ගිහින් ගැහුවේ, මුහුදින් ගිහින් ගැහුවේ, ආයුද ගෙනාවේ, සෙබළු බදවා ගත්තේ, ජාත්‍යන්තරය කළමනාකරණය කළේ, යුද්දෙට සල්ලි හොයා ගත්තේ, මෙයාල නිකන් කකා බිබී හිටිය විතරයි.(නදී)
රායප‍්‍පු ජෝෂප‍් පියතුමා සහභාගී වූනේ නැද්ද?(නදී)
බන්දුල,කන්නේ බත්ද කියලා මට සැකයි (නි)
රටේ සාමය සමගිය රකින්න කතා කරන හැමෝම හොදට මතක තියාගත්තොත් හොදයි රටේ බහුතරයකගේ ජනමතයට සංස්කෘතියට අනුව කරන කටයුතු සියල්ල සිදු කළයුතුයි කියලා (නි)
සිල්වා මහත්තය තණකොළ නොකන වෙනසත්තු ගැන දන්නේ නැහැ වගේ...පොන්සේකා මහත්තය චන්දෙ ඉල්ලන්න ගිහින් හේත්තු උනේ ඔය කියන කට්ටියට වඩා හොද කට්ටියක් එක්ක වෙන්න ඇති ..වටේ හිටපු අය ගැන උදව් කරපු අය ගැන සල්ලි ආපු විදි ගැන හොයල බැලුවනම් බලා ගන්න තිබුන සිල්වට තණකොළ කන සතා සිංහයාට වඩා හොදයි කියල..(අ)
ෆොන්සේකා යුද්දේ දිනුවට පස්සේ විශ්‍රාම ගිහින් ආණ්ඩුවෙන් ඡන්දය ඉල්ලුවා නම් අද හොඳට කරුණලා , පිල්ලෙයාන්ලා සහ කේ.පී ලා එක්ක එකට වාඩි වෙලා දයා මාස්ටර්ගේ බයිලා අසමින් විනෝදයෙන් කාලය ගතකරමින් ඉන්න තිබුනා. නමුත් සිංහයෝ තණකොළ කන්නේ නැත.(නදී)
කමල්, ඔබ 100% ම හරි. මේ රට යන්නේ කොහාටද කියලා දෙවියෝ තමයි දන්නේ. (නි)