IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ගුවනේ විරුවන් විශාල මෙහෙයක් කළා‘

කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ගුවන් හමුදාවෙන් සිදුවූ මෙහෙය කිසිවිටෙක අඩුවෙන් තක්සේරු කිරීමට නොහැකි බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ත්‍රිකුණාමල චීන වරාය ගුවන් හමුදා කඳවුරේ පැවැති කැඩෙට් නිලධාරීන් අධිකාරීත්වයට පත්කිරීම හා පියාසර කැඩෙට් නිලධාරීන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින් ජනපති පැවසුවේ ගුවන් හමුදාවේ සේවාවන් වල තිබෙන්නා වූ ප‍්‍රමිතිය හා ගුණාත්මක භාවය පිළිබඳව තමා ඉතාමත් තෘප්තිමත් වන බවය.

මවුබිමේ නිදහස වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන් මෙන්ම ආබාධිත වූ රණවිරුවන් පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කළ ජනපති ගොඩබිම මෙන් අට ගුණයක් විශාලැති මෙරට මුහුදු සීමාවේ ද ආරක්ෂක කටයුතු වල නියැලෙමින් මුහුදු ප‍්‍රදේශ ආරක්ෂා කිරීමද ගුවන් හමුදාව අතින් වූ කාර්යක්ෂම සේවයක් බව කියා සිටියේය.

නව ගුවන් හමුදාපතිවරයාගෙන් ලැබෙන සහයෝගය සමග ඉදිරියේදීත් ගුවන් හමුදා නිලධාරීන් රටේ ජාතික ආරක්ෂාවේදී තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටුකරනු ලැබේයැයි තම විශ්වාසය බවද ඒ සඳහා අවශ්‍ය නව තාක්ෂණික දැනුම සමග පහසුකම් ලබා දෙන බවට ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොරොන්දු විය.

navy_20151019 navy_20151019-2 navy_20151019-3 navy_20151019-4 navy_20151019-5

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (0)

‘ගුවනේ විරුවන් විශාල මෙහෙයක් කළා‘

ප්‍රසන්න Monday, 19 October 2015 01:34 PM

කියන්නේ එකක් කරන්නේ තව එකක්.ජනතාව ඒගැන හොඳට තේරුම් අරන් ඉන්නේ. (අ)

:       0       0

වික්‍රම Monday, 19 October 2015 01:41 PM

කවද වැඩ පෙන්නයිද? තවමත් කතාව විතරයි! (අ)

:       0       0

සෙනරත් Tuesday, 20 October 2015 03:32 AM

කතාව විතරක් නම් වැඩක් නැහැ. වැඩත් ඕනෑ. රටේ සංවර්ධනය 6% මදි නම් 10% වෙන්න ඕනෑ නම් ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ නේද? 6% සංවර්ධනය මෙයාලා බොහොම සැහැල්ලුවට අරගෙන. තව අවුරුදු 2 ක් යනකොට සංවර්ධන වේගය 0% වේවි. අඩුම තරමේ කොළඹ පිරිසිදුව තියාගන්න හැකියාවක් නැහැ. (නි)

:       0       0

මනෝජ් Tuesday, 20 October 2015 03:41 AM

අපේ රණවිරුවන්ව අපි සැමදා අගයන්න ඕනෑ (අ)

:       0       0

එරංග Tuesday, 20 October 2015 03:41 AM

විරුවනි,අපි ඔබ සමඟයි (අ)

:       0       0

ඩෙස්මන් Tuesday, 20 October 2015 03:48 AM

රණවිරුවන් දැයේ අභිමානයයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 October 2015 03:49 AM

"උසස් පෙළ හෝ සමත් නැති ධම්මික රණතුංගට වරාය සභාපති ධූරය පිදීමට ඇති සුදුසුකම් මොනවාදැයි අර්ජුන රණතුංගත් එම පත්වීම අනුමත කළ ජනාධිපති අගමැති දෙදෙනාත් රටට පැහැදිලි කළ යුතුය"......ඒකාධිපති පාලනය රටින් අතු ගාලම දාන්න අපි රෑ නිදි මරාගෙන අදහස් දාල තිබෙනවා.......ප්‍රධානම පෙලේ රජයේ ආයතනයකට මෙවැනි පුද්ගලයන් පත් කරමින් කරන්නේ බොහොම නරක ආදර්ශයක්. මේකට කියන්නේ යහ පාලනය කියලද? (අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 October 2015 03:50 AM

ජනාධිපති මේ වෙනකොට කොතනද ඉන්නේ කියල මේ ලිපිය බලපු පිරිසගෙන් හිතා ගන්න පුළුවන්නේ.1585 වෙනියා වීම ගැන මම දුක් වෙමි. (අ)

:       0       0

නිශාන්ත Tuesday, 20 October 2015 03:49 AM

ගුවන් හමුදාව එදා කරපු කැපවීම ගැන ඔබ තුමා කියන්න අවශ්‍ය නැහැ.ඒ ගැන මුළු රටම දන්නවා.මීට වැඩිය හොදි නේද රටේ ඉදිරි සංවර්දනය ගැන කරන දේවල් සදහන් කළා නම්.අඩුම ගැනේ කොළඹ නුවර ආදී වේගී පාරවත් කරලා පෙන්නුවානම්..(අ)

:       0       0

ඔෂාන් Tuesday, 20 October 2015 03:54 AM

තිලක් ඩුබායිට බොහොම තරහා ගිහින් වගෙයි (නි)

:       0       0

සචිත් ඉන්දික Monday, 19 October 2015 03:26 PM

ෆොන්සේකා තමා සේරම කලේ (රේ)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 19 October 2015 09:44 AM

ගුවන් හමුදා විරුවන්ට අප සැමගේ උත්තමාචාරය.(ත)

:       0       0

සිරී Monday, 19 October 2015 07:28 PM

.ත්‍රිවිධ හමුදාවට ජනතාවගේ ප්‍රණාමය හැමදාම තියෙනවා. (රේ)

:       0       0

කුමාර Monday, 19 October 2015 11:15 AM

සමහරු නම් කියන්නේ යුද්දයෙන් 95% ක්ම කරේ ආමි එකෙන් කියලා. (රේ)

:       0       0

සීබා Monday, 19 October 2015 11:48 AM

ගුවන් සහ නාවික හමුදාව මොන තරම් කැපවීමක් කලාද කියලා මහජනතාව දන්නවා. ගුවන්, නාවික සහ යුධ හමුදාවට අපගේ ප්‍රණාමය. (ර)

:       0       0

විජේසුන්දර Monday, 19 October 2015 12:07 PM

අගය කළයුතු කතාවක් (නි)

:       0       0

නදීකා Monday, 19 October 2015 12:06 PM

බොහොම සන්තෝෂයි (නි)

:       0       0

තුසිත Monday, 19 October 2015 12:19 PM

ඔබ ඒ හැම විරුවෙක්ම පාවලා දුන්නා.......... එක්කෙනෙක් ෆීල්ඩ් මාර්ෂල් කරලා අනිත් අය නිකමෝ කළා... ඔහෙත් වැඩ කරන්නේ මැතිවරණ ඩීල් වලට කියලා ඔහෙට ඡන්දෙ දුන්න ජනතාව දන්නවා. (බ)

:       0       0

මලිත් Monday, 19 October 2015 12:24 PM

බොරුවට වර්ණනා කරනවා, අනිත් පැත්තෙන් රණවිරුවන්ව එල්ලුම් ගස් යවන්න ප්ලෑන් කරනවා. කාට කියන්නද මේවා. (බ)

:       0       0

සිතුම් Tuesday, 20 October 2015 02:01 AM

මේ වැඩ හොඳයි. ඒත් මොනවාහරි කරලා බඩු මිල අඩු කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site