කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ගුවන් හමුදාවෙන් සිදුවූ මෙහෙය කිසිවිටෙක අඩුවෙන් තක්සේරු කිරීමට නොහැකි බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ත්‍රිකුණාමල චීන වරාය ගුවන් හමුදා කඳවුරේ පැවැති කැඩෙට් නිලධාරීන් අධිකාරීත්වයට පත්කිරීම හා පියාසර කැඩෙට් නිලධාරීන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.
තව දුරටත් අදහස් දක්වමින් ජනපති පැවසුවේ ගුවන් හමුදාවේ සේවාවන් වල තිබෙන්නා වූ ප‍්‍රමිතිය හා ගුණාත්මක භාවය පිළිබඳව තමා ඉතාමත් තෘප්තිමත් වන බවය.
මවුබිමේ නිදහස වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන් මෙන්ම ආබාධිත වූ රණවිරුවන් පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කළ ජනපති ගොඩබිම මෙන් අට ගුණයක් විශාලැති මෙරට මුහුදු සීමාවේ ද ආරක්ෂක කටයුතු වල නියැලෙමින් මුහුදු ප‍්‍රදේශ ආරක්ෂා කිරීමද ගුවන් හමුදාව අතින් වූ කාර්යක්ෂම සේවයක් බව කියා සිටියේය.
නව ගුවන් හමුදාපතිවරයාගෙන් ලැබෙන සහයෝගය සමග ඉදිරියේදීත් ගුවන් හමුදා නිලධාරීන් රටේ ජාතික ආරක්ෂාවේදී තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටුකරනු ලැබේයැයි තම විශ්වාසය බවද ඒ සඳහා අවශ්‍ය නව තාක්ෂණික දැනුම සමග පහසුකම් ලබා දෙන බවට ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොරොන්දු විය.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්නේ එකක් කරන්නේ තව එකක්.ජනතාව ඒගැන හොඳට තේරුම් අරන් ඉන්නේ. (අ)
කවද වැඩ පෙන්නයිද? තවමත් කතාව විතරයි! (අ)
කතාව විතරක් නම් වැඩක් නැහැ. වැඩත් ඕනෑ. රටේ සංවර්ධනය 6% මදි නම් 10% වෙන්න ඕනෑ නම් ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ නේද? 6% සංවර්ධනය මෙයාලා බොහොම සැහැල්ලුවට අරගෙන. තව අවුරුදු 2 ක් යනකොට සංවර්ධන වේගය 0% වේවි. අඩුම තරමේ කොළඹ පිරිසිදුව තියාගන්න හැකියාවක් නැහැ. (නි)
අපේ රණවිරුවන්ව අපි සැමදා අගයන්න ඕනෑ (අ)
විරුවනි,අපි ඔබ සමඟයි (අ)
රණවිරුවන් දැයේ අභිමානයයි (නි)
"උසස් පෙළ හෝ සමත් නැති ධම්මික රණතුංගට වරාය සභාපති ධූරය පිදීමට ඇති සුදුසුකම් මොනවාදැයි අර්ජුන රණතුංගත් එම පත්වීම අනුමත කළ ජනාධිපති අගමැති දෙදෙනාත් රටට පැහැදිලි කළ යුතුය"......ඒකාධිපති පාලනය රටින් අතු ගාලම දාන්න අපි රෑ නිදි මරාගෙන අදහස් දාල තිබෙනවා.......ප්‍රධානම පෙලේ රජයේ ආයතනයකට මෙවැනි පුද්ගලයන් පත් කරමින් කරන්නේ බොහොම නරක ආදර්ශයක්. මේකට කියන්නේ යහ පාලනය කියලද? (අ)
ජනාධිපති මේ වෙනකොට කොතනද ඉන්නේ කියල මේ ලිපිය බලපු පිරිසගෙන් හිතා ගන්න පුළුවන්නේ.1585 වෙනියා වීම ගැන මම දුක් වෙමි. (අ)
ගුවන් හමුදාව එදා කරපු කැපවීම ගැන ඔබ තුමා කියන්න අවශ්‍ය නැහැ.ඒ ගැන මුළු රටම දන්නවා.මීට වැඩිය හොදි නේද රටේ ඉදිරි සංවර්දනය ගැන කරන දේවල් සදහන් කළා නම්.අඩුම ගැනේ කොළඹ නුවර ආදී වේගී පාරවත් කරලා පෙන්නුවානම්..(අ)
තිලක් ඩුබායිට බොහොම තරහා ගිහින් වගෙයි (නි)
ෆොන්සේකා තමා සේරම කලේ (රේ)
ගුවන් හමුදා විරුවන්ට අප සැමගේ උත්තමාචාරය.(ත)
.ත්‍රිවිධ හමුදාවට ජනතාවගේ ප්‍රණාමය හැමදාම තියෙනවා. (රේ)
සමහරු නම් කියන්නේ යුද්දයෙන් 95% ක්ම කරේ ආමි එකෙන් කියලා. (රේ)
ගුවන් සහ නාවික හමුදාව මොන තරම් කැපවීමක් කලාද කියලා මහජනතාව දන්නවා. ගුවන්, නාවික සහ යුධ හමුදාවට අපගේ ප්‍රණාමය. (ර)
අගය කළයුතු කතාවක් (නි)
බොහොම සන්තෝෂයි (නි)
ඔබ ඒ හැම විරුවෙක්ම පාවලා දුන්නා.......... එක්කෙනෙක් ෆීල්ඩ් මාර්ෂල් කරලා අනිත් අය නිකමෝ කළා... ඔහෙත් වැඩ කරන්නේ මැතිවරණ ඩීල් වලට කියලා ඔහෙට ඡන්දෙ දුන්න ජනතාව දන්නවා. (බ)
බොරුවට වර්ණනා කරනවා, අනිත් පැත්තෙන් රණවිරුවන්ව එල්ලුම් ගස් යවන්න ප්ලෑන් කරනවා. කාට කියන්නද මේවා. (බ)
මේ වැඩ හොඳයි. ඒත් මොනවාහරි කරලා බඩු මිල අඩු කරන්න (නි)