ගුවන් යානයක කොටසක් අලුත්ගම මොරගොල්ලේ මුහුදෙන් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමට ගුවන් යානා පිළිබඳ විශේෂඥයකු යවන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් සෙනවිරත්න මහතා කියයි.
එම කොටස අයත් වන්නේ හෙලිකොප්ටරයකට ද එසේත් නැතහොත් වෙනත් ගුවන් යානාවකට ද යන්න තවම ප්‍රකාශ කළ නොහැකි බව ද සෙනවිරත්න මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ගුවන් යානා රෝදයක රිම් එකක කොටසක් කීලෝමීටරයක් පමණ ඈත මුහුදේ තිබී ධීවරයන් ගොඩට ගෙන ආ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
370 යානයේ කොටසක්ද බලන්න. (ස)
ගුවන් යානය ගිලපු කෙනා......වමේ ඉන්නවා. (ස)
ලංකාවට සිවිල් ගුවන් සේවා අධිකාරියක් නැද්ද? (අ)
මට පෙන විදියට සුනාමියට ගහගෙන ගිය මොකක් හරි වාහනයක වෙන්න පුළුවන් (අ)
ඉවසලා බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
මේක ගොඩක් පරණ එකක් වගේ..කොහොමටවත් අද ඊයේ අතුරුදන් වුනු එකක්නම් නෙමෙයි.රොෂාන් කියන දේ හරි කියල හිතෙනවා.(අ)
කාලය නාස්ති කිරීමක්.වීල් බැරක්ක,කරත්ත,පොඩි ළමයකුගේ සෙල්ලම් බයිසිකලයක රෝද මීට වඩා ලොකුයි...මේක ඉස්පිරිතාලවල තියෙන තල්ලුකරන් යන්න පුළුවන් ඇදන් වල රෝදයක්... (ස)
පෙනෙන හැටියට පරණ වුණාට මුහුදේ තියෙන්නේ ලුණු වතුර කියලත් අමතක කරන්න හොඳ නැහැ නේද? (නි)
කතා දෙකක් නෑ මේ තියෙන්නේ MH370 යානයේ පසු පස වමේ රෝදයේ රීම් එකයි අැක්සල් එකයි .. (ස)
අංජනම් බලන්නේ නැතුව අදාල රටට දැනුම් දුන්න නම් ඉවරනේ. එයාල හොයාගනිවිනේ කුමක්ද කියලා..(නදී)
රොෂාන් කියන දේ හරි (ස)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(නදී)
මාත් බන්දුල මහතාට සහ රොෂාන් මහතාට එකගයි (ස)
ඔවැනි කොටස් අන්තර්ජාලයේ විකුණන තියනවලු....(ස)
මේක නම් ගොඩක් පැරණි යානාවක කොටසක් වගෙයි නේද? (නි)
මේක නම් අතහරින්න හොඳ නැහැ. දිගටම සොයා බලමු. (නි)
ඕක අපේ අර අහවල් "විද්වත්" සභාවට ඉදිරිපත් කළා නම් හරියටම කියයි (නි)
මේක ඇත්තටම මොකක් වෙන්න ඇද්ද? (නි)
රොෂාන් මෝඩ කතා කියන්න එපා. පැහැදිලිවම ගුවන් හමුදාව කියනවා මේක යානයක කොටස් කියලා. ඔයා කියනවා වෙන කතාවක්. (නි)
මේකේ ඉන්න පොලිස් මහත්තයා ගේ මූණේ හැටි පොඩ්ඩක් බලන්න. (ස)
ඕක මලයාසියා ගුවන් යානයේ කොටසක් උනොත් අපේ සුප්‍රකට ජ්‍යෝතිෂවේදි තුන් දෙනාගෙන් එක් කෙනෙක් කරපු ප්‍රකාශය බොරු වෙනවනේ. (ස)
වැඩක් නෑ පරණ දේවල් හොයල.වැඩක් තියන දෙයක් හෙව්වා නම් මොකද? (ස)
මේක මැලේසියාවේ ගුවන් යානය වෙන්න බෑ. මේක පරණ කුඩා ගුවන් යානයක රෝදයක්. (ස)
මේ බන්දුල පෙරේරා ඉන්නේ. මම හිතුවේ හැංගිලා කියලා. (ස)
ගුවන් යානයක රෝදයක් නෙවෙයි. ඕක පොඩි ළමයකුගේ සෙල්ලම් බයිසිකලයක පොඩි රෝදයක්. රටේ ප්‍රශ්න ඉවර නිසා දැන් මුහුදු පතුලේ තියෙන සුන් බුන් හොයනවා. (ස)
පෙනුමෙන් නැති වුණ යානයේ අමතර රෝදේ වගේමයි (දිල්)
පොලිසියේ මහත්තුරුයි හමුදාවේ මහත්තුරුයි පොටෝ වල ඉන්නේ. ඒ උනාට මේක හොයාගෙන අවේ ධීවරයෙක් නේද? (දිල්)
සුනාමියට ගහ ගෙන ගිය ත්‍රිරෝදයක රෝදයක් (අ)
වීල් බැරක්කයක කැල්ලක් වගේ....කරත්ත රෝදයක් නම් නෙවී.(අ)