ගුවන් යානයක කොටසක් අලුත්ගම මොරගොල්ලේ මුහුදෙන් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමට ගුවන් යානා පිළිබඳ විශේෂඥයකු යවන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් සෙනවිරත්න මහතා කියයි.
එම කොටස අයත් වන්නේ හෙලිකොප්ටරයකට ද එසේත් නැතහොත් වෙනත් ගුවන් යානාවකට ද යන්න තවම ප්‍රකාශ කළ නොහැකි බව ද සෙනවිරත්න මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ගුවන් යානා රෝදයක රිම් එකක කොටසක් කීලෝමීටරයක් පමණ ඈත මුහුදේ තිබී ධීවරයන් ගොඩට ගෙන ආ බවයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ගුවන් රෝදය බලන්න විශේෂඥයෙක් යයි
සුරංග කන්තලේ Thursday, 29 May 2014 05:10 PM
370 යානයේ කොටසක්ද බලන්න. (ස)
කුමාරසිරි Saturday, 31 May 2014 03:40 PM
ගුවන් යානය ගිලපු කෙනා......වමේ ඉන්නවා. (ස)
සඳුන් Friday, 30 May 2014 05:33 PM
ලංකාවට සිවිල් ගුවන් සේවා අධිකාරියක් නැද්ද? (අ)
රොෂාන් Thursday, 29 May 2014 07:55 PM
මට පෙන විදියට සුනාමියට ගහගෙන ගිය මොකක් හරි වාහනයක වෙන්න පුළුවන් (අ)
කෝලිත Sunday, 01 June 2014 08:22 PM
ඉවසලා බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
බන්දුල පෙරේරා Thursday, 29 May 2014 09:10 PM
මේක ගොඩක් පරණ එකක් වගේ..කොහොමටවත් අද ඊයේ අතුරුදන් වුනු එකක්නම් නෙමෙයි.රොෂාන් කියන දේ හරි කියල හිතෙනවා.(අ)
ජයන්ත Saturday, 31 May 2014 10:13 AM
කාලය නාස්ති කිරීමක්.වීල් බැරක්ක,කරත්ත,පොඩි ළමයකුගේ සෙල්ලම් බයිසිකලයක රෝද මීට වඩා ලොකුයි...මේක ඉස්පිරිතාලවල තියෙන තල්ලුකරන් යන්න පුළුවන් ඇදන් වල රෝදයක්... (ස)
ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 29 May 2014 09:39 PM
පෙනෙන හැටියට පරණ වුණාට මුහුදේ තියෙන්නේ ලුණු වතුර කියලත් අමතක කරන්න හොඳ නැහැ නේද? (නි)
බෙනට් Sunday, 01 June 2014 11:00 AM
කතා දෙකක් නෑ මේ තියෙන්නේ MH370 යානයේ පසු පස වමේ රෝදයේ රීම් එකයි අැක්සල් එකයි .. (ස)
චන්ද්‍රා Tuesday, 03 June 2014 03:57 AM
අංජනම් බලන්නේ නැතුව අදාල රටට දැනුම් දුන්න නම් ඉවරනේ. එයාල හොයාගනිවිනේ කුමක්ද කියලා..(නදී)
දුමින්ද Friday, 30 May 2014 12:01 AM
රොෂාන් කියන දේ හරි (ස)
ප්‍රියන්ත Monday, 02 June 2014 03:58 PM
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(නදී)
උද්දික Friday, 30 May 2014 01:14 AM
මාත් බන්දුල මහතාට සහ රොෂාන් මහතාට එකගයි (ස)
ගයන් Friday, 30 May 2014 02:41 AM
ඔවැනි කොටස් අන්තර්ජාලයේ විකුණන තියනවලු....(ස)
ලක්ෂිත Friday, 30 May 2014 07:21 AM
මේක නම් ගොඩක් පැරණි යානාවක කොටසක් වගෙයි නේද? (නි)
සහන් Friday, 30 May 2014 07:24 AM
මේක නම් අතහරින්න හොඳ නැහැ. දිගටම සොයා බලමු. (නි)
ගමගේ Friday, 30 May 2014 07:48 AM
ඕක අපේ අර අහවල් "විද්වත්" සභාවට ඉදිරිපත් කළා නම් හරියටම කියයි (නි)
කුමාර Tuesday, 03 June 2014 03:34 PM
මේක ඇත්තටම මොකක් වෙන්න ඇද්ද? (නි)
නිමල් Friday, 30 May 2014 08:14 AM
රොෂාන් මෝඩ කතා කියන්න එපා. පැහැදිලිවම ගුවන් හමුදාව කියනවා මේක යානයක කොටස් කියලා. ඔයා කියනවා වෙන කතාවක්. (නි)
හේමන්ත Friday, 30 May 2014 08:36 AM
මේකේ ඉන්න පොලිස් මහත්තයා ගේ මූණේ හැටි පොඩ්ඩක් බලන්න. (ස)
අජිත්කරුණාරත්න ලියනගේ Friday, 30 May 2014 08:39 AM
ඕක මලයාසියා ගුවන් යානයේ කොටසක් උනොත් අපේ සුප්‍රකට ජ්‍යෝතිෂවේදි තුන් දෙනාගෙන් එක් කෙනෙක් කරපු ප්‍රකාශය බොරු වෙනවනේ. (ස)
සිදත් Friday, 30 May 2014 08:40 AM
වැඩක් නෑ පරණ දේවල් හොයල.වැඩක් තියන දෙයක් හෙව්වා නම් මොකද? (ස)
නිමන්ත Friday, 30 May 2014 08:44 AM
මේක මැලේසියාවේ ගුවන් යානය වෙන්න බෑ. මේක පරණ කුඩා ගුවන් යානයක රෝදයක්. (ස)
සමන් Friday, 30 May 2014 08:54 AM
මේ බන්දුල පෙරේරා ඉන්නේ. මම හිතුවේ හැංගිලා කියලා. (ස)
නිශාන්ත Friday, 30 May 2014 09:31 AM
ගුවන් යානයක රෝදයක් නෙවෙයි. ඕක පොඩි ළමයකුගේ සෙල්ලම් බයිසිකලයක පොඩි රෝදයක්. රටේ ප්‍රශ්න ඉවර නිසා දැන් මුහුදු පතුලේ තියෙන සුන් බුන් හොයනවා. (ස)
සරත් Friday, 30 May 2014 11:08 AM
පෙනුමෙන් නැති වුණ යානයේ අමතර රෝදේ වගේමයි (දිල්)
ගාමිණී Friday, 30 May 2014 11:51 AM
පොලිසියේ මහත්තුරුයි හමුදාවේ මහත්තුරුයි පොටෝ වල ඉන්නේ. ඒ උනාට මේක හොයාගෙන අවේ ධීවරයෙක් නේද? (දිල්)
ගිරිගෝරිස් Friday, 30 May 2014 12:37 PM
සුනාමියට ගහ ගෙන ගිය ත්‍රිරෝදයක රෝදයක් (අ)
දහම් Friday, 30 May 2014 12:41 PM
වීල් බැරක්කයක කැල්ලක් වගේ....කරත්ත රෝදයක් නම් නෙවී.(අ)