පැරීසියේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පියාසර කරමින් සිටි ගුවන් යානයක බීමතින් කළහාකාරී ලෙස හැසිරී මගීන්ට බැණ තර්ජනය කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගත් පුද්ගලයකුට රුපියල් විසිපන්දහසක දඩයක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අද (25) නියම කළේය.
එසේම, එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුනක සිර දඩුවමක් ද මහේස්ත‍්‍රාත් විසින් චූදිතයා වෙත නියම කළේය. මෙලෙස ඇප නියම වූයේ පරණ අම්බලම, උස්වැටකෙයියාව මිහිඳුකුලසූරිය තිලක් ප‍්‍රසන්න නැමැත්තාටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මීය රා කට්ටක් ගහල. මූ වගේ මෝඩයෝ තවත් උස්වැටකෙයියාවේ ඉන්නවද. ඉබ්බෝ කවද්ද ටොනික් බිවුවේ (බ)
මිහිඳුකුලසූරියල ඔය වගේ කියල මම කවදාවත් හිතුවේ නැහැ .පැරිස් වල ඉදලනේ ගියේ අහන්න දෙයක් නැහැ (බ)
රුපියල්25000 නම් කරපු වැරැද්දට ප්‍රමානවත් මදි.අඩුම තරමින් ලක්ෂකවත් දඩයක් නියම කල යුතුයි (අ)
මේකට හොදම උත්තරය තමයි කුවේට් ගුවන්සේවය වගේ බොන්න නොදෙන එක.යන යන තැන මළ පෙරේතකම. මටත් එපා වෙලා ඉන්නේ.බීල බීලා තව ඉල්ලනවා.කොයි දෙකත් සීමාවක් තියෙන්න ඕනි.ගුවන් යානයට ගොඩවෙන්නෙත් බීලා .සිංහලේ පෙන්වන්න හදනවා එකයි (බ)
ගුවන් යානයකදී මගීන්ට තර්ජන කරන මත්පැන් බි අනිකුත් අයට බනින අවහිර කරන අයට බටහිර රටවලනම් , මිට වඩා ලොකු දඬුවම් දෙන්නේ , ඩී එම් එස් මහතා කි පරිදි පොඩි එකෙක් නිසා නම ගම සඳහන් කරලා , ඕක ලොක්කෙක් මෙති ඇමති කෙනෙක් හෝ ඔවුන්ගේ පුතකු අතින් වුනානම් කිසිවකු කිසි දිනක ඔවුන්ගේ නම ගම නොදනී , දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි (බ)
උස්වැටකෙයියාව ගමටම කැළලක් එකතු කරපු මේ වගේ අය තවදුරටත් ගමේ තියා ගන්නවද එහෙමත් නැතිනම් නැවත පැරීසියට එලවනවද කියලා හිතලා බැලුවොත් නරකද? (හේ)
ඇමරිකාවේ මෙවැනි සිද්දියකට පෙඩරල් දඩුවම් දෙනවා. හැබැයි,ලොකු ධනවතුන්ට ඒ දඩුවම ලිහිල්. මේ ළගදි ගුවනේදී බීල යකා නටපු,පැරිස් හිල්ටොන් ගේ සහෝදරයාට නඩුකාරතුමා අවවාද කර ගෙදර පිටත් කළා. තව වයස 16 පිරිමි ළමයෙක්,මෝටර් රථයක් නොසැලකිල්ලෙන් පදවා,බස් නවතුම්පොලක සිටි හතර දෙනෙකු යට කර මැරුවා.ඔබට පුදුම හිතයි මොකද්ද ඒ අපරාධයට ලැබුන දඩුවම ගැන ඇසුවොත්.අවවාද කර ගෙදර යැවීමයි. විත්තියේ නිතින්ගේ නිදහසට කරුණ වුනේ,මේ ළමයා, ඉතාම ධනවත් නිසා,මව්පියන් විසින් නොමග යවා ඇති බවයි.මා මේ සිද්ධීන් මතක් කරන්නේ, හැම විටකම, අපේ රටේ නරකම පෙන්නෙන මිනිසුන් ජිවත්වන නිසා. (බ)
මොකක් ද මේ එයාර් ලයින් එක. සමහර එයාර් ලයින් මෙහෙමෙ හැසිරෙන මගීන් බ්ලැක් ලිස්ට් කරනව. මේ දඬුවන නම් හොඳටම මදි. (ර)
මිනිස්සු බොනවා තමයි. නමුත් බීලා, බීලා වැඩිවුණාම කියනවා කරත්තයට හසුවුණ කජු ලෙල්ල වගේ කියලා. කියලා වැඩක් නැහැ, ගම කනවා (නි)
සමහර ලංකාවේ අය “අපි ෆලයිට් එකේ කරටි කැඩෙන්න ගැහුවා“ කියලා කියන්නේ මහා වීරකමක් කළා වගෙයි (නි)
සුනිල්, මෙම ගුවන් යානය යූ.එල්. 564. (නි)
උස්වැටකෙයියාව පැත්තෙ නම් අර හොරට පෙරන ඒවා හොඳට ගහල පුරුදු කෙනෙක් , ගුවන් යානයේදී මගීන්ට දෙන හොඳ විස්කි ගහලා පුරුදු නැතුව තමන්ගේ වරිගේ ගති ගුණ මතු කරගෙන කරපු වැරද්දක් , ගහපු දඩය හොඳටම ඇති පාඩමක් ඉගෙන ගන්නවා නම් , මහේස්ත්‍රාත් තුමාට ස්තුතිය , නියම කරපු දඬුවමට (අ)
ආනන්ද දොඩන්ගොඩ පැත්තේ නතුවමද පෙරන දේවල්.......පරිස්වල ඉඳල එන කෙනෙක්...නුපුරුදු වෙන්නත් බෑ...නම ප්‍රසන්න උනාට කරපු අප්ප්‍රසන්න වැඩේට ...හොඳ පාඩම්. (අ)
මොහු ප්‍රාදේශීය සභාවක කෙනෙක් විය යුතුයි. දැනට එහෙම එකක් නැත්නම් ලබන සැරේ නාමයෝජනා හෝ ලබාදීම සුදුසුයි (නි)
පොඩි පොඩි මිනිස්සුන්ගේ නම් ගම් කිසිදු පැකිලීමකින් තොරව ප්‍රසිද්ද කරනවා නමුත් ලොකු මිනිස්සුන්ගෙ නම් ?(අ)
සුනිල්ගේ අදහස කාලෝචිතයි. (නි)