අයහපත් කාලගුණ තත්වයක් හේතුවෙන් අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වීමට නියමිතව තිබු ගුවන් යානා තුනක් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හරවා යැවු බව ගුවන් බලධරයෝ කියති.
අද අලුයම 5.20 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවන් යානය අලුයම 5.48ටද, 5.50 ට බෙයිජින් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 869 උදෑසන 6.03 ටද, දෝහා සිට පැමිණි යූ.එල් 218 දරණ ගුවන් යානය උදෑසන 6.03 ටද මත්තලට ගොඩ බෑ බව වාර්තා වෙයි.
ජායාරූප - සනත් ගමගේ
![1_(3)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/1_31.jpg)
![1_(7)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/1_71.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිමාල්, මේක බස් හෝල්ට් එකක් නෙමෙයි පහුවෙනිදා ඉඳලා ප්ලේන් එන්න. ඒකට කාලයක් යනවා. (නි)
නිමල්, මහින්ද සරණං ගච්චාමි. හීරලුවෙක් වෙන්න එපා.(කෞ)
මත්තල දියුණු කරන්න ඕනෑ. තවත් රටේ ගුවන් තොටුපළවල් වැඩියෙන් තිබුණාට කමක් නැහැ දියුණුවෙන රටක ලක්ෂණය ඒකයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැදුවා කියලා ඊර්ෂ්‍යාවෙන් ඒවා වසා දමන්න හොඳ නැහැ (නි)
හිමාල්, අපට ලෝකේ අනිත් අයත් එක්ක ගියේ නැත්නම් අපි වනචාරියෝ වෙනවා. දියුණුව කියන්නේ ඒකට තමයි. අපිට ඇමෙරිකාව වෙන්න බැරි වුණත් ඇමෙරිකාවේ එක ප්‍රාන්තයක ළඟ ළඟ නගරවල කොච්චර ගුවන් තොටුපල තියනවද කියලා අන්තර්ජාලයට ගිහින් බලන්න. අවකැපෙන කතා කියන්න එපා (නි)
මෙය කවදා හෝ ලංකාවේ විශාලම ගුවන් තොටුපළ වෙනවා. ලංකාවට විශාල ආයෝජනයක් වෙනවා. දේශපාලන විදියට බලන්න එපා. කුරුල්ලන් ඕනෑම ගුවන් තොටක ඉන්නවා. නිව්යෝර්ක් ගුවන් තොටුපළ උකුස්සන්ගේ විමානයක්. එම නිසා ශබ්ද තරංග යවා කුරුල්ලන් පලවා හරිනවා. මත්තලත් ඒ විදියට දියුණු කළහැකිය. මම විදේශයක සිටින ගුවන්යානා ඉංජිනේරුවෙකි (නි)
සුබ පැතුම්! (නි)
අධික මීදුමෙන් කටුනායක ගුවන් තොටුපල වැහිලා තිබුනේ (නි)
මේවා අපේ කොටසකට දකින්න බැහ. (ර)
මේ ගුවන් යානා වලින් ආපසු යන අය මත්තලට ගියාද? (නි)
ගුවන් තොටුපලකට ආදායම් එන්න ඒකට ගුවන් යානා එන්නම ඕනෑ නැති බව නොදන්නා එහෙම නැත්නම් නොදන්නා බව හඟවන මිනිස්සු ලියන කොමෙන්ට්ස් දැක්කාම ඒවා ලියන අයගේ සාමාන්‍ය බුද්ධිය ගැන ගැටලුවක් ඇති වනවා. සිද්ධියක් දිහා විවෘත මනසකින් දකින්න මේ අයට මේ ආත්මයේදී නම් බැරිවේවි. ලාභ පාඩු ගැන විතරක්ම හිතනවා නම් ඒ කාලේ තිරිකුනාමලේ වරාය ලඟින් ඔලිවිල් වරාය හදන්න වැය කල මුදල ගැන කවුරුත් කතා කරන්නෙ නැත්තේ මොකද? අද දින තෙක් එකම නැවක් වත් ඒ වරායට නාවත් අදටත් ඒක නඩත්තු කරන්න වෙලා තියෙන්නෙ කොලබ වරායට බව නොදන්නා කෙනෙක් ඉන්නවාද? (ර)
ජොහාන් සහ හිමාල්, එල්.ටි.ටි. එක කටුනායකට අහසින් ඇවිත් බෝම්බ දාපු වෙලාවේ ඔයාල දෙන්නා කොහෙද හිටියේ... ? අදත් එල්.ටි.ටි. එක ඉදල ඔය කලින් වගේ ප්‍රහාරයක් එල්ල කළොත් සේරම ගුවන් යාන ආසන්නම ගුවන් තොටුපලට හරවල යවන්නද? හැම දේම නරකට බලන්නවත් දේශපාලනය ගාව ගන්නත් එපා. කාලයක් ගතවෙන්න ඕනෑම දෙයක් දියුණුවෙන්න. මොන ආණ්ඩුවක් යටතේ හරි අනාගතයට යහපත් වෙන දෙයක් කරනවානම් එක තමයි වැදගත්.(බ)
මත්තලට නම් ඉදල හිටලා හරි බානවා සී එස් එන් එකට කවුද බාන්නෙ (බ)
අසෝක කියපු දේ හරියටම හරි. (ර)
මෙවැනි දේවල් වලට විවේචන කරන අයට අනාගතේ මේවා දැකල විඳවන්න වෙයි (බ)
ජනක හරි. හදල හරියට අවරුදු 4 ක් . තාමත් ප්ලේන් එන්නේ නැහැ කියන්නේ ඉතින් නැහැම තමා. මෙහෙමත් මුදල් නාස්තියක් (බ)
අන්තිමට ඉතුරු වෙන්නේ මේ මනුස්සය හදපු දේවල් විතරයි.(කෞ)
රටක ගුවන්තොටුපොළවල්, වරායවල්,මංමාවත්, හැදෙන්නේ රටේ දියුණුවට මිස විනාශයකට නොවේ. (බ)
හොරකම් කරන්න බලාගෙන වැඩ කළොත් අන්තිමට විනාශය තමයි. (බ)
රට ගැන නොහිත බඩ ගැන හිතන මිනිස්සු ඉන්න එක නිසයි මේ රට දියුණු කරන්න බැරි. (කෞ)
රටේ හතර කොනේ ගුවන් තොටුපල් හෑදුවත් මට නම් කමක් නෑහෑ පරිසරය ගෑනත් හිතන්න ඕනේ සතුන්ටත් නිදහස ඉන්න දෙන්න ඕනේ (බ)
වැදගත් වෙන්නේ රටකට දෙවැනි ගුවන් තොටුපලක් තියෙන එක. මගීන්ගේ ආරක්ෂාව, ගුවන් යානා වල ආරක්ෂාව ජාත්‍යන්තර විශ්වාසය ලබාගන්න පුළුවන් වෙන්නේ දෙවැනි ගුවන් තොටුපලක් තිබුනොත් තමා.මේක අනාගතය වෙනුවෙන් කරපු විශාල ආයෝජනයක්. මේකේ ප්‍රතිපලය අනාගතයේදී අපිට විතරක් නොව අපේ දරුවන්ටත් ලැබෙනවා. මේක තේරෙන්නේ නැති පිරිසක් මෙතන ඉන්න බව පෙනෙනවා. (බ)
රටකට අමතර ගුවන් තොටුපලක් තිබීම අවශ්‍යයි. ගැටලුව එක වෙනතැන් තියෙද්දීත් වනය කපල මත්තලම හදපු එක විතරයි. (ර)
ගුවන්තොටුපළකට නැවක් ආවොත් ඔන්න කියන්න පුළුවන් අපේ රටේ ගුවන්තොටුපළකට යානයක් එන එකත් පුදුමයක් (බ)
අසෝක අපි ඉන්නේ ලංකාවේ ආසියාවේ ඇමෙරිකාවේ නොවේ දුසන වංච උනා වගේ ම රටෙත් යමක් සිදු උනා අපි පාරේ බැහැල යනවා ජීවිත අවදානම නැති උනේ තවත් දහස් ගානක් දිවි පුදලා එවකට දෙසපාලකයන් ශක්තිමත් උන නිසා යුද බිමට සාමය උදා උනා ගුවන් තොට යටිතල පහසුකම් දියුණු කරන්න එතකොට මගීන් සංචාරකයන් එනවා කුහක කම් දුරු කරමු. (ර)
බාන එකනම් මොකක්ද නග්ගන එකනේ ප්‍රශ්නේ ? අලි එළවන්ඩ අලි වෙඩිත් ගහපල්ලකෝ ! (බ)
භාණ්ඩයක් නිෂ්පාදනය කරලා වෙළඳ පොළට දැම්ම පලියට ඒ භාණ්ඩය ගැන මිනිස්සුන්ට දැනීමක් ඇතිවෙන්නේ නෑ. අනික යහපාලනය කියපු කතාවල හැටියට ඔය ගුවන් තොටුපළට ගුවන්යානා ගොඩ බස්සවන්න ගුවන් යානා සමාගම් කැමති වුණත් ඒ අය කොහොම හරි වලක්වයි. අනික අර තියෙනවයි කියපු ගල බේර බේර ලෝකේ තියෙන විශාල නැව් කීයක් ආවද හම්බන්තොට වරයාට. (ම)
පුවත් හොදින් කියවා බලන්න. විදේශ ගුවන් යානා 1යි අපේ ගුවන් යානා 2යි. (ර)
ඉස්සර මහින්ද මහත්තය මත්තල ට ගුවන් යානා අවේ නෙති උනත් අපිට පාඩු නැහැ කියද්දී කට්ටිය හිනා උනා. මතක තිය ගන්න ඉන්දියා ඓර්පොර්ට් එක දෙවෙනි එක විදිහට තියා ගන්න අපි මුළු අවුරුද්දෙම සල්ලි දෙන්න ඕන. මත්තල නිසා එක අපේ රටටම ලැබෙන්නේ. මෝඩ පොස්ට් දාන්න එපා දෙයක් දන්නේ නැතිව. (කෞ)
ඔය අයහපත් කාලගුනේ බලපෑම ශ්‍රී ලන්කන් ගුවන් යානා වලට මිට කලිනුත් ඇති උනා. ෆ්ලයි ඩුබායි ගුවන් යානා වලටත් ඔය කාල ගුනේ ඉඳ හිටලා හරහට හිටිනවා. ප්‍රශ්නේ තියෙන්නේ කරුමෙටවත් අනෙක් ගුවන් යානා වලට ඔය කාලගුනේ හරස් වෙන්නේ නැති එකනේ? මගීන්ගේ පහසුව තකා සුදුසු තැනක ගුවන් තොටුපොළක් හැදුවට විරුද්ධ වෙන්න තරම් මොලේ අමරුකාරයෝ ලංකාවේ ඉන්න නම් විදිහක් නැහැ. මොනවා කරන්නද දැන් ඉතින් පෙරලුනු පිට හොඳයි කියලා පෙරලුනු පැත්තෙන් හරි වැඩක් ගන්න පුළුවන් නම්, ඒකත් ලොකු දෙයක් තමයි. (ර)
"මතක තිය ගන්න ඉන්දියා ඓර්පොර්ට් එක දෙවෙනි එක විදිහට තියා ගන්න අපි මුළු අවුරුද්දෙම සල්ලි දෙන්න ඕන ලංකාවට පැමිණෙන සියලුම ගුවන් යනා වලට. මත්තල නිසා එක අපේ රටටම ලැබෙන්නේ.' හරි කතාවක් එක මහත්මයෙක් ලියලා තිබුනා. එ වගේම සියලුම ගුවන් යානා ලංකාවට දකුණෙන් ඇති රටවලට යනවිට මත්තල තරංග උඩින් අනිවාර්යෙන් යා යුතුය, ඒ සියලුම ගුවන් යානා මත්තලට ගෙවිය යුතුය. විශේෂයෙන් 380 යානා හදිසියට බස්සවන්න පහසුකම් සහ දිග ගුවන්පතයක් සහ පහසුකම් ඇත්තේ මත්තලය. කටුනායක සහ දකුණු ඉන්දිය ඓර්පොර්ට් 380 වලට බාන්න ඉතාම අපහසුය. එම නිසා කවන්ටාස් ඔස්ට්‍රේලියන් ගුවන් සේවය , සිංගප්පුරු ගුවන් සේවය බ්‍රිටිෂ් ගුවන් සේවය වැනි 380 ගුවන් යානා ලංකාව පසුකරනවිට හදිසි එයාර්පොර්ට් එක ලෙස මත්තලට ගෙවීම් කරනවා, අනික් කරුණ රට මැද්දේ ජාත්යන්තර ගුවන් තොටුපළවල් වලට ජාත්යනතරය අනුමැතිය දෙන්නේ විශාල මුහුදක් වැනි ජලය හෝ කාන්තාරයක් වැනි දෙයක් ගුවන් පතයේ උතුරේ හෝ දකුණේ තිබිය යුතුය. හදිසියකට වතුරට බාන්න. එම නිසා ලංකාවේ පළාත් 7 ක් ගවේෂණය කර හොදම තැන ලංකාවේ දකුණය. (ර)
දැන් තමයි මත්තල ගුවන්තොටුපලේ අගය තේරිලා තියෙන්නේ.(හේ)
අනේ මන්ද මෙහෙම කුහක සිතිවිලි තියන මිනිස්සු ඉන්න ලෝකයේ තියන ලස්සනම රටක ඉපදෙන්න උනානේ රට වගේම මිනිස්සුගේ හිතත් ලස්සන උනානම් කොපමණ හොඳද කියලා හිතෙනවා ,හම්බන්තොට වරායත් මත්තල ගුවන්තොටුපොලත් තව වසර 10ක් යන කොට කොහොමද බලන්න. (ර)
අසෝක කියපු දේ හරියටම හරි. (ර)
හොද ප්‍රවණතාවයක්.(හේ)
මොළයක් නැති මිනිස්සු! ඇත්තටම කියනවා නම් මේ රටේ දේශපාලකයන්ට මිනිහෙක් මැරෙනවා කියන එක පොඩි දෙයක්. ඒක නිසා තම වී ගබඩා කරන්න හැදුවේ. (නි)
දේශපාලන හිතවතුන්ට හොදම පිළිතුරක් (බ)
ගුවන් තොටුපලකට ගුවන් යානාවක් ගොඩ බෑව කියන එක පත්තරේක දාන්න වෙනවනේ, ලෝකේ වෙන කොහෙවත් තියේද ඔහොම දේවල්. ලංකාවට වෙන ගුවන් තොටුපලක් අවශ්‍යයි , එ්ත් මෙතන වුනේ තෝරාගත් ප්‍රදේශය වැරදි, රටේ මැද හරියට වෙන්න කුරුණෑගල දඹුල්ල පැත්තට වෙන්න දැම්මනම් කි දෙනෙක් ඕක පාවිච්චි කරනවද,රට යන මිනිස්සු වැඩිපුර ඉන්නේ ඔය මාර්ගයේ,මහා කැලේ කපල අවාරෙට ගුවන් යානා ගෙන්න මහා ධනස්කන්දයක් යට කරපු එක නම් මහා අපරාදයක්, (බ)
රටක දෙවන ගුවන් තොටුපළක් තියෙන්න ඕන නම් ඒක මත්තලම හැදුවේ ඇයි? මේකෙන් බූන්දල රක්ෂිතයට ලොකු ප්‍රශ්නයක් වුනා. අදටත් ගුවන් යානයක් එනවා නම් බල්ලො එලවන්න වෙඩි දානවා. සරුංගල් නූල් කඩලා යන්න හෙලිකොප්ටරයක් නග්ගනවා.කුරුල්ලො එලවන්න කෆීර් යනවා. මේක ප්ලෙන් එනවා බලන්න වන අලිත් ඉන්නවා වටේටම. මේකට කවදා හරි ප්ලේන් එයි කියලා බලන් ඉන්න පුළුවන්, අර ගත්ත ණයට පොළී ගෙවන්නේ කවුද? අවාරෙට එන ප්ලෙන් දෙක තුනෙන්ද? (බ)
ඇයි රත්මලාන ගුවන්තොටුපොළ දියුණු කරලා ගත්තානම් ඉවරයි.අර අහිංසක සත්තුන්ට උන්ගේ පාඩුවේ ඉන්න හැරලා. සල්ලිත් ඉතුරුයි. සාමන්‍යයෙන් ගුවන් තොටුපොළවල් වලට ගුවන් යාන එනවා වරායවල් වලට නව එනවා ඕක පුදුමයක් නෙමේ එ්ත් මේ මත්තලට සහ හදපු වරායට ආපුවාම අපේ අයට පුදුමයි මැජික් වගේ (බ)
මහින්ද රාජපක්ෂ උතුමාණන් කරපු දේවල් වල අගය පෙන්නේ දැන්. දුර දිග බලා එතුමා කල වැඩ නිසානේ ඔහොමවත් ගුවන් යානා හදිසියකදී ගොඩ බාන්නේ. (ර)
බොහෝ අය මේ ගැන සතුටු වෙනවා.නමුත් අපේ රටට මීට වැඩිය අවශ්‍ය බොහෝදේ තියෙනවා.මේ බාලා තියෙන්නේ හදිසියකට.ඉතින් මේකට මෙච්චර වියදමක් මොකටද? අපි ඉන්න මෙල්බර්න්වලට දවසකට එනවා ලංකාවට සතියකට එන තරම් ගුවන් යානා. එ්ත් තියෙන්නේ එක ගුවන්තොටුපොළයි (බ)
අපේ රටේ මිනිස්සු මහාවැලි ව්‍යාපාරය හදන වෙලාවෙත් කිවේ අද මත්තලට කියන කතාමයි. අනාගතය දකින්නේ නැති මෝඩ රැල. තව අවුරුදු 20 න් පස්සේ මහින්ද කරපු දේවල් හරි කියයි (බ)
පසු ගිය දවස් වල ඩුබායි සිට එන "ෆ්ලයි ඩුබායි ගුවන් සේවය" සහ අබු ධාබි සිට එන "රෝටාන ජෙට් ගුවන්" සේවය ලංකාවට යන්න එන්න දෙකටම දිරම්ස් 800(රුපියල් 31000) දක්වා අඩු කළා. ඒ කාලේ ශ්‍රී ලන්කන් එකේ ලංකාවට යන්න එන්න දෙකටම දිරම්ස් 1700 යක්.දෙගුණයක්.මත්තල පට්ට කැලය හරහා යන නිසා 800 ට වුනත් යන්න එන්නේ නැහැ.(බ).
යසට ඉන්දියාවට යන්න තිබුණ සල්ලි ටික නේද මේ ? (බ)
කරුණාපාල පොඩ්ඩක් ලෝක ඉතිහාසය කියවලා බලන්නකෝ. අද ලෝකයේ දියුණුම රට හැටියට ඔයාලා පිළිගන්න ඇමරිකාවේ බටහිර කොටස දියුණුවුණේ කොහොමද.(කෞ)
රෝමය බිහිවුනේ එක රැයකින් නෙවෙයි. (කෞ)
ජයා, අලින්ට වෙඩි ගහන්න ඕනෑ නැහැ. අලින්ට තේරිලා තියෙන්නේ ලොකු කරදරේක වැටිලා ඉවරයි කියලා. (නි)
දකුණේ සහ කොළඹින් පිට පිටිසර සංවර්ධනය ගැන අකමැති අය ටිකක් ලෝක ඉතිහාසයත් පසුගිය අවුරුදු 100 පමණ කාලයේ ලෝක ආර්ථිකය දියුනුවුනු හැටිත් ගැන කියෙව්වා නම් නරකද?(කෞ)
අයහපත් කාලගුණයට හරි ගොඩබාන්න මත්තල තිබුණ එක ලොකු දෙයක් (නි)
වී අරගෙන එන්න ඇති (නි)
කාලෝචිත වැඩක්. මත්තල කරපු එක අගයන්න ඕනෑ. (නි)
ගුවන් යානා එන්නේ කාලසටහනකට අනුව විතරයි. එහෙම නැතුව යානා ඔක්කොම ගොඩබාන්නේ නැහැ. ඉස්සර මත්තලට එහෙම කාලසටහනක් තිබුනා. දැන් එහෙම දෙයක් නැහැ. කොහොමත් ගුවන් තොටුපොළක් හැදුවහම ගුවන්යානා පෝලිමේ එන්නේ නැහැ. ටික කලක් යනවා. හීනමානය පැත්තක දාලා රටේ දේට ආදරය කරන්න. (නි)
මට තිබෙන දුක තමයි අපේ රටේ මිනිසුන්ට රටක දියුණුවක් ගැන නොතේරෙන එක. මම හිතන විදිහට මේ මිනිස්සු දන්නේ නැහැ රටක දෙවැනි ගුවන් තොටුපළක තිබෙන වැදගත්කම. සුනාමි කාලේ අපිට හොඳින්ම දැනුනා. කටුනායකට කොටි ගහපු වෙලාවෙ අපිට තවත් හොඳින් දැනුනා. මිනිසුනේ, අතහරින්න කුහකකම්, හිතන්න රට ගැන. එපා පාට කණ්ණාඩි දමාගෙන රටේ සංවර්ධනය දිහා බලන්න. අපිට අපි ගැනම ලැජ්ජා හිතෙනවා අපේ රටේ ගුවන් තොටුපළක වී ගබඩා කරන්න තරම් අයට අපි ඡන්දෙ දුන් එක ගැන (නි)
හිමාල් වගේ අය කොහොමත් උපයාගෙන කනවට වඩා හිඟාකන්න තමයි කැමති. අනුලා දන්නේ නැති ඒවා කතා නොකර ළිපේ තියපු හොද්ද බලනවා (නි)
හදිසියට ගුවන් යානා බාන්න වෙන කොහේහරි ගුවන් පථයක් හැදුවා නම් මදිද? ඩොලර් මිලියන 400 ක එකක් කැලේ හදන්න ඕනෑද? (නි)
මීට වඩා අයහපත් තත්වවල ගුවන් යන බස්සනවා අද තද මීදුමක් තිබුනද? මේ විධියට ගුවන් යානා වෙනත් ස්ථාන වලට යවන්න සිදුවෙනවානම් ශීත කාලයේ හුඟක් රටවල ගුවන් ගමන් අවලංගු කරන්න වේවි මත්තල හදපු එක හොඳ බව පෙන්වන්න කරන දේවල් ද ? (ර)
මහින්ද සර් ඔබ නැති පාඩුව මගේ රටට කියලා නිම කල නොහැක ඔබ කල දේ සදා අමරනීයයි ඔබට බුදුසරණයි. (ර)
රටක දියුණුවට පාර ඕකයි. දුරදක්නා නුවණක් ඇති නායකයෝ රටට අවශ්‍යයි. (නි)
කොහොමෙන් කොහොමහරි ගුවන්තොටුපොළ දියුණු උනොත් ඒ ඇති. (ර)
සමන් මහත්තයාගේ ලස්සන රටේ අවලස්සන සිත් ඇත්තන්ගේ සංගමය වෙනුවෙන් මටත් ලියන්න පොඩි අදහසක් ආවා. දැන් ඔය හැමදේම ලස්සනට පෙනෙන අයට,එයාලට කැතට පෙනෙන වගුරු බිමක් ගොඩකරලා ලස්සන ගොඩනැගිල්ලක් හැදුවත් ගොඩක් සුන්දර ලෙස තමයි පෙනෙන්නේ, මොන කරුමෙටද මන්දා කතා සිත් ඇති අපිට හිතෙන්නේ වගුරුබිම එතන තිබුනා නම් හොඳයි කියලයි, අභය භූමියත් උනත් එහෙමම තමයි. හැබැයි මෙතන රත්මලානේ, ගුවන් තොටුපොල හරි, ත්‍රිකුණාමලේ වරාය හරි වැඩි දියුණු කළා නම්, ඒගැන විරුද්ධ මතයක් දරන්න තරම් අපිට මොලේ අමාරුවකුත් නැහැ. භුමියේ පිහිටීම වගේම මොළයේ පිහිටීම අනුවත් අප එකිනෙකාගේ ආකල්ප හා තීරණ වෙනස් තමයි සමන් මහත්තයෝ. (ර)
හෙට දකින අද! (නි)
හරිම සතුටුයි (නි)
මම ඉන්නේ කැනඩාවේ හැමතැනම එයාර්පොට් තියෙනවා රට සංවර්ධනය දියුණු වීම ඉබේම වෙනවා. (ම)
ඇත්ත සවන්ත්, කාලයක් ගතවෙන්න ඕනෑ දෙයක් දියුණුවෙන්න. (නි)
දැන් වී ගබඩා කරන්නේ කොහෙද එතකොට? (නි)
මෙන්න බොලේ වී ගොඩබෑව මත්තලට ගුවන්යානා ගොඩබානවා? (නි)
ෂර්මන් මහතා අප නොදන්නා කරුණු බොහොමයක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි. ගොඩක් දෙනෙක් කිසිම පදනමක් නොමැතිව ආවේගශීලි අදහස් මෙහි පළකර තිබීම කණගාටුවට කරුණකි. (නි)
දැන් ඉන්දියාව තව මොනවාහරි ගිනි ගෙඩියක් සූදානම් කරාවි. ඉස්සර ඔහොම වුණාම චෙන්නායි අරිනවානේ. ඒ වියදමත් දැන් රටට ඉතුරුයි. පුහු දේශපාලන ගැතිකම් පැත්තකින් දාලා රටේ හැම කොනක්ම දියුණුවෙන දේ ගැන හිතුවා නම් දැන් ඉන්න ආණ්ඩුවටත් හොඳයි. (නි)
මම හිතන්නේ වී අරගෙන එන්න ඇති (නි)
මහින්දට ඇති දුරදක්නා හැකියාව දැන් ගොඩක් අයට නැහැ. (නි)
අවුරුද්දකට ගුවන් යානා කිහිපයක් ගොඩබාන්න අවුරුද්දක් ගුවන් තොටුපල සහ අවට නඩත්තුවට කියක් වියදම් කරනවද? (ම)
කුමාර, ඔය හරියටම හරි.අපේ අය හැමදෙයක් දිහාම බලන්නේ දේසපාලනය කර තියාගෙන ටිකක් වෙනස් විදියට හිතන්න පුරුදු වෙන්න ඕනෑ (ම)
පාට පක්ෂ කෙසේ වෙතත් රටකට දෙවෙනි ගුවන් තොටුපළක් අවශ්‍යයි. ඒක තේරෙන්නේ රටින් පිට ඉන්න අයට හා ගුවන් ගමන් යන අයටයි. (ම)
මේවාට මොනවත් නොකියනඑක තමා හොද (ම)
ඉඳලා හිටලා ප්ලේන් 3 ක් බාන්න අපි ඩොලර් මිලියන 400 කට ණය පොළී ගෙවනවා. මෙහෙමත් විකාර! (නි)
අපේ රට නැවත ගොඩගන්න කෙළින් වැඩ කරන මහින්ද මහත්තයා හැකි ඉක්මනින් අවශ්‍යයි. (නි)
මේවා අහනකොට ඡන්දෙ කාලේ යහපාලන කට්ටිය මත්තල ගුවන් තොටුපොළට එරෙහිව ගෙනගිය ප්‍රචාරයන් ගැන පිළිකුලක් ඇතිවෙනවා (නි)
ඇයි මෙච්චරකල් යහපාලනේ උදවිය කිව්වේ වැඩක් නැතුව ගුවන්තොටුපළවල් හැදුවා කියලනේ. කෝ ඒ කියපු අය? (නි)
දේශපාලන වාසි තකා මේවා කාබාසිනියා කරන්න හැදුවේ. මිනිසුන්ගේ උද්ගෝෂණ හමුවේ ඒවා නැවතුනා. නැත්නම් මේක වී ගබඩාව වෙනවා. පසුකාලෙක යකඩ වලට විකුණන්න පුළුවන්නේ කලින් කළා වගේ. (නි)
ගුවන් යානයක් බෑම ප්‍රවෘත්තියක් වෙන ලෝකයේ එකම ගුවන් තොටුපළ මේක වෙන්න ඇති. මෙච්චර වියදමක් දරලා හදලා මේ වගේ අවාරෙට පොල් වැටෙනවා වගේද ගුවන්යානා ගොඩ බාන්නේ? මේක නැති වුණා නම් ආසන්න වෙනත් ගුවන් තොටුපළකට හරවා යවන්න පුළුවන්. මේක හැදුවට වඩා ඒකට වියදම අඩුයි. (නි)
මහින්ද කළ ලොකුම වැරදි දෙක තමා මත්තල සහ වරාය. එකක ලොකු ගලක් අනෙකේ කුරුල්ලෝ. (බ)
පිටබැද්දර ජයා,ජෙහාන්,සුනිල්,හිමාල්,ඔයගොල්ලන්ගෙ හිත් හරිම කුහකයි. රනිල්ද මහින්දද මෙෙත්‍රී ද කියල නෙමෙයි බලන්න ඔීන ඵක අාණ්ඩුවක් රට වෙනුවෙන් දෙයක් කළහම ඊලඟට ළුන අය තවත් ළු්ක දියුණු කරන්න ඔිනෙ යම් වැරද්දක් වෙලා තියෙනවනම් අතීතයට බැන බැන ඉන්නෙ නැතිව වැරදි කරපු අයට දඩුවම් දීල , සිදුවුන වියදම අනාගතයෙ රටට අාදායම් අැති කරන දෙයක් බවට පත් කරන් ඕනේ. (බ)
මිනිසුන්ට මුල අමතක වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් රටේ දියුණුව සඳහා ඉදිකරන ගුවන් තොටුපළට මිනිස්සු විසින් කරපු මෝඩ වැඩ කොපමණද? මෙම ගුවන් තොටුපල නොතිබුනා නම් අද මොකද වෙන්නෙ? (නි)
හොද නෑ කියපු මත්තල දැන් හොදයිද ? (බ)
බහුතරයක්ම කුහකනොවී නිවැරදි දැක්මක් තුලින් තම අදහස් ලියා ඇති බව පේනවා.එය විකල්ප ගුවන් තොටුපලක් සේම සුබවාදි බවයි මගේ අදහස. (බ)
මේකේ අදහස් දැක්කම රන්දෙනිගල ජලාශය හදන් නැතුව එ්කත් ඉන්දියාවෙන් ගත්තම හොඳයි කියයි. කුහක අදහස් පිරිලා. (බ)
දැන් තේරෙනවද මත්තල ගුවන් තොටුපලේ අගය.(හේ) .
ලෝකය ඉදිරියේ අපේ රට ණය වලින් පිරුණු රටක් කරලා විනාශ කරලා දාන්න තරම් මේ රටේ මිනිස්සු මහින්ද මහත්තයට කළ වැරැද්ද මොකද්ද? ඇයි මෙහෙම ධනස්කන්දයක් නාස්තිකළේ? (නි)
ඇත්තටම එදා සහ අද කොහොමද? ඕක හැදුවේ වී දාන්න නොවෙයි. ගුවන් යානා ගොඩබාන්න. (නි)
මෙහෙම ගියොත් මත්තලට නැව් යවලා හම්බන්තොට වරායට ප්ලේන් බාන කල වැඩි ඇතක නෙමෙයි. අනෙක හරියට මහින්දගේ සල්ලි වලින් හැදුවා වගේ. පිට රටක හයි වේ එකක් හැදුවොත් ඒ රටේ ජනාධිපති එන්නේ නැහැ ඒවා විවෘත කරන්න. ඔබාමා ගේ ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවන් බින් ලාඩන්ව මරපු දවසේ ඔබාමාගේ කට අවුට් ඇමෙරිකාවේ ලයිට් කණුවක් ගානේ මහජන මුදලින් ගැහුවේ නැහැ. (බ)