විවාහක කතකට ජංගම දුරකතනයෙන් අයුතු යෝජනාවක් කළ බවට වරද පිළිගත් ගුවන් හමුදා භටයකුට රුපියල් තුන් දහසක දඩ නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මාස තුනක සිරදඩුවමක් පනවා එය පස් වසරකට අත්හිටුවීය.
විවාහක කතකට ජංගම දුරකතනයෙන් අයුතු යෝජනාවක් කළ බවට වරද පිළිගත් ගුවන් හමුදා භටයකුට රුපියල් තුන් දහසක දඩ නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මාස තුනක සිරදඩුවමක් පනවා එය පස් වසරකට අත්හිටුවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නේ නැති නිසයි අහන්නේ. මෙයා ඇමති වරයෙක් කලා නම් මේ දඩුවමද ඔහුටත් ලැබෙන්නේ? ආශ්චර්ය නේද? (නදී)
එක් කෙනෙක් දෙන්නෙක් වැරදී කරාම ඔහොම කියන්න එපා නන්දන. ඔයාලට දැන් තමයි ඒගොල්ලෝ ප්‍රශ්නේ. එදා බරක් උනේ නෑ නේද? (ස)
මිනිස්සු උනාම ඉන්න ඕනේ මනුස්ස කම රැකගෙන (දී)
හොදම වැඩේ (දී)
වරද කාගේද මගේද ඒ මනුස්සයාගේ වරදට දඩුවමක් දුන්නා එච්චරයි (දී)
අයුතු යෝජනාවක් කිරීම නීතියට අනුව වැරදිද? මම අදහස් කරන්නේ අනිත් පාර්ශවය යෝජනාව ප්‍රතික්ෂේප කරා නම් එතනින් එහාට යෝජනාව කරපු කෙනා දිගින් දිගටම බලපෑම් හෝ තර්ජනය කිරීමක් කලේ නැත්නම්. නීතිය දන්නා කෙනෙක් පැහැදිලි කරා නම් හොඳයි. මොකද මේ වගේ අනවශ්‍ය දේවල් නිසා උසාවි වල වටිනා කාලය සහ මහජන මුදල් අපරාදේ නාස්ති වෙනවා. (නදී)
මෙතැනදී බන්දුල පෙරේරා ගේ අදහසට සම්පුර්ණයෙන්ම එකග වෙනවා,ඕව එකපාරම උසවියන්න ඕන දේවල් නෙවෙයි ,කව්රු හරි කියනවනං හොද දඩුවම දැන් හරි කියල ඒක සම්පුර්නෙන්ම වැරදි...මේකට ඒ මනුස්සයාගේ රස්සාව නැති කරලා දුන්න දඩුවම ලොකු වැඩි.. (දී)
බන්දුල පෙරේරා නම් හරිම මෝඩයෙක්. (නි)
ජයලත් අනුර, එක්කෙනෙක් දෙන්නෙක්??? ඔයා පත්තර කියවනවද? ලංකාදීපෙම ඊයේ සිට පලවන 'පංච මහා ඝාතනය' කලේ කවුද? (ස)
කරුමේ කියන්නේ මේවාට තමයි (දී)
ගුවන් බටයගේ රැකියාව නැති කාලේ උසාවිය නොවෙයි ගුවන් හමුදාවයි. එය හමුදා නීතිය. අපට ඒ ගැන කතා කරන්නන දෙයක් නැත. (ස)
හොද වැඩේ ගෑනුන්ට පැණි හලන්න යනවට. (දී)
වැරැද්ද කවුරු කලත් වැරදියි. වැරැද්දට දඩුවම් දෙන්න ඕන. පොඩිවුන් කරන්නේ යෝජනා විතරයි. ලොකුවුන් කරන දේවල් කාටවත් පේන්නේ නෑනේ. ඔය අංකල්ලා ඇන්ටිලා ඔක්කොම බොරු දේවල් කියනවා ඔයිට වැඩිය කතා කරන්න දේවල් නැද්ද?? (ස)
අනේ හොඳ වැඩේ, මට නම් මැරෙන්න හිනා. ඇයි අනේ අපිට පාරේ බැහැල යන්න නැහැ. (ස)
බන්දුල පෙරේරා, ඔහේ හරිම මෝඩයෙක්. අනුන් නිසා තමන්ගේ ඇදුම් ගලවා ගන්න එපා. කට අරිනකම් උගතා මෙවැනි අයට මෙය දඩුවමක් නොවේ. විවාහක කතකට ඉන්න නොදෙන මුන් අහිංසක මල් කැකුළු කීයක් විනාශ කරනවද? මේ අපේ ජාතියේ උරුමය තකා රැක ගන්න ඕනි කාන්තාවන්. (ස)
ඇයට තිබුනානේ යෝජනාව කල විගස එයට පියවරක් ගන්න (දී)
කාන්තාව ගිය දුර වැඩියි. අපි ඒ කාලේ කොළඹ රැකියාවට යනකොට විවාහක පිරිමි (නෝනා එක්ක ඉන්නකොට) ත් එක එක දේවල් කියල තියෙනවා මුණටම. එක වචනෙන් ඒක විසඳුවා. එතනින් ඉවරයි. කාන්තාවටත් සිම් එක වෙනස් කලා නම් ඉවරයි. පිරිමි කියන ජාතිය හදන්ට බැහැ.. බලුවලිගේ ඇදේ වගේ. නේද බන්දුල? (ස)
නන්දන මහත්තයා ඉතාලියේ ඉන්නේ ගෙදර අයත් එක්ක නෙමෙයි වෙන්න ඇති..එහෙමනම් ගෙදර අය අද ඔය එවන සල්ලි වලින් සතුටේ සුවසේ ජීවත් වෙන්නේ ඔය රණ විරුවන්ට පින් සිද්ධ වෙන්න තමයි මහත්තයෝ..ගුණ මකුවෝ වෙන්න එපා....මේ රටේ වුණ් පලවෙනි සමුහ ඝාතනය නෙමෙයි මහත්තයෝ ඔය.හෝකන්දර වගේ ඝාතන කලේ හමුදාවෙන් පැනපු එව්වෝ නෙමෙයි.ලක්ෂ ගානක් ඉන්න හමුදාවල හැම එකවම එක අච්චුවට හදන්න බැහැ.මෙතන තියෙන්නේ මිනී මැරුම් ප්‍රශ්නයක් නෙමෙයි..මේ සුළු වරද ගැන පට්ට පතුරු අරින අයව දැක්කම මතක් වෙන්නේ ජේසු තුමාගේ පව්කාරයට ගල් ගැසීම තමයි..කට්ටිය ඔක්කොම ගෑණුන්ට පැණි නොහලනම කට්ටියනේ.. (ස)
හිරේ ගියොත් නේ රැකියාව අහිමි වෙන්නේ.(නදී)
හිරේ ගියොත්නේ මේ රැකියාව අහිමි වෙන්නේ.(නදී)
නිකන් ඉන්න බැරුව කරන වැඩ (දී)
හිරේට ගියාම රස්සාව නැති වෙනවාද (දී)
දෙයියෝ දනිති අපි නොදනිති. මේවා හරිද වැරදීද කියලා. (ස)
බන්දුල දවල් කෑම කාලද ඉන්නෙ. මට පේන හැටියට බන්දුලත් හොඳ පැණියෙක් වගේ. (ස)
ජංගම දුරකථනය මොනතරම් වටිනා උපකරණයක්ද? එක මාසයක් මුලු රටේම දුරකථන ගොලු වුණොත් වටිනාකම තේරේවි.කිසිම නවීන උපකරණයක් හරියට පාවිච්චි කරන්න දන්නේ නැති අපේ රටේ මෝඩයෝ (නි)
උපාලි, ඔයා හරි. ඔයත් ස්වාධීනව හිතන කෙනෙක්. (නි)
බන්දුල පෙරේරා හැමදාම ලියන්නේ මෝඩ දේවල් මෙයා ඔලුවක් නැති කෙනෙක් අංගොඩ ගියානම් හොඳියි. මෝඩ හරකෙක්. (නදී)
කරුණාකර අදාළ නිලධාරින් මේ දේවල් වැඩි වීමට ඉඩ නොදී නිසි සැලසුම් සකස් කරන්න. ඔබ පත්තර කියවනවා නම් ඔයා කියන අදාළ නිලධාරින්නුත් කරන කියන දේවල් බලාගන්න පුළුවන්. වැටත් නියරත් ගොයම කනවා නම් කාටද කියන්නේ (නදී)
"හිරේට ගියාම රස්සාව නැති වෙනවාද" ඔව් පුතේ ඔව්. ඕවා සාමාන්‍ය දැනීම. හැබැයි මන්ත්‍රීලා ගැන අහන්න එපා. ඒගොල්ලන්ට මෙ රටේ නීතිය වලංගු නැත.(නදී)
ඔයාල හැම දෙනාම හරියට මෝඩයෝ වගේ ලියන්නේ. මේකේ කිසිම දෙයක් හරියට ලියල නැහැ. මොන වගේ බල පෑමක් කරාද කියලා සියලුම කතාව දන්නේ සිද්දිය උණු අය. ඒ නිසා ඔයාල හිතන්න වරදක් කරා නම් දඩුවම් දෙන්න ඕනා. ඔයාලගේ කෙනෙකුට මේදේ උනා නම් ඔයාලා මොනවද කරන්නේ කියල හිතන්න මේ ගහැනු කෙනා ඔයාලගේ කෙනෙක් උනානම් මොකද කරන්නේ ? (නදී)
රොෂාන් මල්ලි, ඔයා තාම හරියට මෝරලා නැති කෙනෙක් වගේ පෙන්නේ.ඔයාට උපදෙසක් දෙන්නම් බොහොම ආදරෙන්.ගැහැනියෙකුට ඕනෑ උගත් වැදගත් මිනිහෙක්ව විනාශ කරන්න පුළුවන් බොහොම ලේසියෙන්.එහෙම දේවල් මේ රටේ අනන්ත වෙලා තියෙනවා.වත්තේ වැට මායිමට රණ්ඩු වුණත් ගෑණි පොලිසියට දුවන්නේ ඇදුම් ඉරාගෙන අල්ලපු වත්තේ එකා ගෙට පැනලා අතවර කරන්න හැදුවා කියලා.අනේ ඉතින් අර අහිංසකයාගේ ආත්මෙත් ඉවර වෙලා පොලිසියෙනුත් හොදට කාලා හිරෙත් තපින්න වෙන්නේ.ගැහැණුන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන් බව පොඩ්ඩක් හිතේ තියාගෙන ජීවිතේ සුන්දරත්වය විදින්න. (නි)
සිරියලතා, ඔයාත් අර ජාතියේ කෙනෙක් වගේ පෙනෙන්නේ.ඔයාට කවුරුත් කෝල් කරන්නේ නැත්තේ දැන් පනහ පැනලා හින්දා වෙන්න ඇති (නි)
සමන්තට කියන්නේ පොදුවේ රණවිරුවන්ට අපහාස කරන්න එපා. දැන් ඔයාලා ඔය ලස්සනට ක්ලීන් සූට් ගහලා පාරේ බැහැලා යන්නේ ඔවුන්ට පින් සිද්ධ වෙන්න. නැත්නම් අවුරුදු ගණනකට කලින් ඔයාලා ගමනක් ගිහින් ගෙදර එන්නේ වැසිකිළියට යන්න බලාගෙන.ඇත්ත නේද? (නි)
බන්දුල පෙරේරා, මට තේරෙනවා ඔබ කියන්න උත්සාහ කරන දෙය. නමුත් මෙය ඉතා සීග්‍රයෙන් වර්ධනය වන දරුණු සමාජ ප්‍රශ්නයක්. මංකොල්ල කෑම්, ස්ත්‍රී දුෂණ, කුලී මිනි මැරීම්, මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම් වැනි මේ හැම දෙයකටම මොවුන් සම්බන්ධ වීම දැන් දැන් වැඩි බව මාධ්‍ය මගින් දැනගන්න ලැබෙනවා. මෙය වහාම නැවතිය යුතුයි මොකද මොවුන් යුද්ධයට මනා පුහුණුවක් ලබපු පුද්ගලයන් නිසා. (නදී)
විපුල,මත්කුඩු කන්ටේනර් එකයි,එතනෝල් කන්ටේනරයයි දෙකම වරායට ගෙනාවේ කවුද කියලා දන්නවනේ.මෙයා හමුදාවක එක්කෙනෙක් නිසා,මේක ඇත්ත වෙන්න පුළුවන්. මම කියන්නේ සමන්ගේ අදහස. (නි)
බන්දුල පෙරේරා, අනේ අංකල් මට අංකල්ගෙ ගෙදර ෆෝන් නම්බර් එක දෙන්නකෝ. (නදී)
මිනිස් වර්ගය ඉන්න ලෝකයේ මේ වගේ දේවල් ඇතිවන්නේ හොඳ හැදියාවක් හික්මීමක් නොමැති විටකදීය. මෙවැනි වැරදි දේවල් එක්තරා කොට්ඨාශයකට පමණක් දේවල් නෙමෙයි. නිලතල හෝ උසස් පහත් බේදයකුත් නැහැ. අවශ්‍ය වන්නේ හොඳ නරක හොඳට තේරුම් ගෙන හික්මීමක් ඇතුව ගුණ ගරුකව ජීවත් වෙන්ට පුරුදු පුහුණු අධිෂ්ටාන කර ගැනීමයි. කාටවත් දොස් කියලා හරියන්නෙ නැහැ. (ස)
අනේ රොෂාන් කොල්ලෝ,..මම දැන් ඒ වැඩ අත ඇරලා තියෙන්නේ..කොල්ල කාලේ ඕව කලාට දැන් දරු පවුල් කාරයා. පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එක සර්ච් කලානම් එකෙක් හොයා ගන්න තිබුන ඔය වැඩේ කරවා ගන්න.(නදී)
අදහසක් දාන්න බැහැ වගෙයි (නි)
කෙසේ වෙතත් පළවන පුවත් අනුව නම් රණවිරුවෙක් සමග තනිව එක මඟ යාම භයානකයි. (නි)
මෙතන ප්‍රශ්නය රණවිරුවෙක්ද නැද්ද කියන එක නොවෙයි. එක මනුස්සයෙක් නිසා මම දන්නා ගැහැණු ළමයෙක් සිම් එකත් මාරු කලා. දුරකථන සමාගමට කියන විට අධිකරණ නියෝග ඕන කියනවා. පොලිසියට කියන විට නඩුවලට වියදම් කරන්න කියනවා. හොඳම දෙය මේ වගේ දඩුවම් දෙන්න ඕනේ. ළමා අපචාර වලට මරණ දඩුවම ගෙනෙන්න ඕනේ. (ස)
සිරියලතා අක්කේ ඇයි ඔයාට මැරෙන්න හිනා යන්නේ?මට දැන ගන්න පුලුවන්ද?කෙල්ලෙක්ගෙ පස්සේ යන එක මීට කලින් අහලා නැද්ද?ඔයාගේ පස්සෙන් කව්රුවත් එලවලා නැද්ද? මට හිතෙන්නේ ඔයාට ඉරිසියාව කියලා (නදී)
මෙතන සිදුවුනේ මොකක්ද කියල නම් හරියටම පැහැදිලි නැහැ. නමුත් ගුවන් භටයා වරද පිළි නොගෙන හිටියා නම් මොකද? සාක්කියට තියෙන්නේ කාන්තාවගේ දෝශාරෝපනය විතරයි. ඒක ප්‍රමාණවත් නැහැ. කාන්තාව කතාව රෙකෝඩ් කළා නම් හරි. එහෙම රෙකෝඩ් කිරීමක් නැතුව තිබියදීත් ගුවන් භටයා වරද පිළිගැනීමට තරම් නිහතමානී වුනා නම් ඔහු සැබවින්ම අවංක මිනිහෙක්. සිද්ධියේ පසුබිම නොදැන කාගේ වැරද්ද ද කියන්න බැරි වුනත් මෙතන සමහරු මුළු හමුදාවම අපරාධකාරයෝ බවට පත්කරලත් ඉවරයි. (නදී)
ජයලත් අනුර, ඔය රණවිරුවෝ කියන අය තමා අද රටේ අපරාධ කරන තරමක් කරන්නේ. මිනී මරන්නේ, මංකොල්ල කන්නේ, ගංජා අදින්නේ, ස්ත්‍රී දූෂණ කරන්නේ 75%ක්ම ඔය කියන අය තමා. (නි)
රණවිරුවොත් මනුස්සයෝ. හැම මනුස්සයම එකා වගේ නොවෙයි. අපි හිටියේ නැත්නම් ගැහැණු විතරක් නොවෙයි පිරිමිත් පාරේ බැහැලා යන හැටි බලන්න තිබුණා (නි)
අනේ යන්න රිස්වාන් මල්ලි ඔයා මොනවද දන්නේ. අපි කෙල්ලෝ කාලේ කොල්ලෝ අපේ පස්සේ පොලිම්නේ. දැන් කසාඳ බැඳලත් කොල්ලෝ පසෙන් එනවා කිවුවම හිනා යන්නේ නැද්ද අනේ. ඔයත් ඩුබායි ඉන්න එකේ මෙහෙ ඇවිත් සිංහල කෙල්ලෙක් පස්සේ යන්නකෝ. ඔයාව සම්පූර්ණ මිනිහෙක් කරයි අපේ කෙල්ලො... (ස)
මේ වගේ හැමෝටම දඩුවම් දෙනවා නම් කොච්චර හොදද? එක එක් කෙනාට නීතිය වෙනස්. පාර්ලිමේන්තුවේත් කොච්චර නම් ඉන්නවාද වැරදිකාරයෝ? කෝ එයාලට දඩුවම්? ලංකාවට සිරියාව, ලිබියාව වගේ වෙන්න හැම සුදුසුකමක්ම තිබෙනවා. අනේ මගේ රට! (නි)
අනේ ඇයි ඉතින් ඒ වගේ හොඳ වැඩක් අත් ඇරියෙ. (ස)
සමන්, එතකොට මත්කුඩු කන්ටේනර් පිටින් ගෙනාවෙත් රණ විරුවොද ? නීති විරෝදී එතනෝල් ගෙනාවෙත් රණවිරුවෝද ? ඒ අය දිවි හිමියෙන් රට රකින කොට දෙවි වරු ... එක්කනෙක් දෙන්නේ වැරදි කලාම සමස්ත රණවිරු සේනාවම නරකයි .... නිකන් ගුණ මකුවෙක් වගේ මෙතන අදහස් දාන්න එපා .. (දී)
හා හා හා සිරියලතා අක්කේ මට නම් මේකට මැරෙන්න හිනා.එහෙ ඇවිත් කෙල්ලෙක්ගෙ පස්සේ ගියොත් සම්පුර්ණ මිනිහෙක් නෙවේ තියන එකත් නැති කරගන්න වෙනවා.අපිත් ඒ කාලේ පස්සේ ගිය කට්ටිය තමයි දැන් ඩුබායි හිටියට. (ස)
රණවිරුවෝ සමාජයට හරිම ප්‍රශ්නයක් වීගෙන එන්නේ. කරුණාකර අදාළ නිලධාරින් මේ දේවල් වැඩි වීමට ඉඩ නොදී නිසි සැලසුම් සකස් කරන්න. (ස)
යෝජනාවක් කල පලියට මෙහෙම දඩුවමක් දීම සාදරණද ? ප්‍රාථමික මට්ටමෙන් , සමත මණ්ඩල පොලිසිය මගින් විසදිය යුතු ප්‍රශ්න උසාවි ගෙනියන පිස්සෝ කව්ද කියල හිතා ගන්න බැහැ. මේ මනුස්සයාගේ රස්සාවත් දැන් ඉවරයි..මේක කට වචනෙන්වත් කල බලපැමක්වත් නෙමෙයි නම් යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් ඒක එතනින් නතර නොවනවා නම් පොලිසිය මගින් අවවාදයක් ලබාදීමත් එතනිනුත් නතර නොවෙනවා නම් උසාවිය කරා යාමත් විය යුතු වුනත් මෙතැනදී කරලා තියෙන්නේ මේ කාන්තාවගේ මුළු ජීවිත කාලයටම බියෙන් සැකෙන් ජීවත් වෙන්න ඉඩ කඩත් සමාජයට තවත් අපරාද කරුවෙක් බිහිවෙන්න අඩිතාලම සකස් කර දීමත් පමනයි.(නදී)