වෙන්නප්පුව ශ‍්‍රීමත් ඇල්බට් ඇෆ් පීරිස් ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී පැවත්වුණූ ජිකෝ විවෘත කරාටේ ශූරතාවලියේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සුහාරා ෆායිස් සහ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ලංකා නාවුක හමුදාවේ ටී.අයි ගුරුසිංහත් ජයග‍්‍රහණ හිමිකරගත්හ.
මෙහි සමස්ථ ශූරතාවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හිමිකරගත් අතර අනුශූරතාවය ශ‍්‍රී ලංකා නාවික හමුදාව හිමිකරගත්හ.
කුම්තේ සහ කාතා ඉසව් වලින් පැවත්වූ තරගාවලියට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රී ලංකා යුධ හමුදාව සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු කරාටේ සංගම් 50 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 650 ක් සහභාගී වූහ.
ඉතාලියේ ජිකෝ කරාටේ ජාත්‍යන්තර සංගමය සහ ජිකෝ ශ‍්‍රී ලංකා ශාඛාව මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි. ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ සහ කණ්ඩායම් ඉසව් යටතේ තරග පැවැත්විණි..
-
-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්!(නදී)
නියමයි (නි)
අපෙන් සුබ පැතුම් !(නදී)
නියමයි අපෙන් සුබ පැතුම්!(නදී)
අපෙන් සුබ පැතුම්! (නි)