IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගුවන් නියමුවා 165කගේ පණ බේරයි

මගීන් 165ක් සමගින් බුකාරෙස්ට් නුවර සිට රෝමයේ සිආම්පිනෝ ගුවන්තොටුපළ දක්වා පැමිණි හංගේරියාවේ විෂ් ගුවන් සමාගමට අයත් යානයක් ගොඩබෑමට සුදානම් වෙත්ම එහි වම් පස රෝදය පහළට නො එමෙන් ගුවන් නියමුවන් මහත් අභියෝගයකට මුහුණ දුන්හ.

විගස දිග ධාවන පතයක්  ඇති ළගම පිහිටි ෆියුමින්චිනෝ ගුවන් තොටුපළට යානය හැරවු නියමුවෝ ඉදිරි පස රෝදයත් දකුණු පස රෝදයත් දකුණු පස ඈන්ජිමත් පමණක් උපයොගි කර ගනිමින් යානය සාර්ථකව ගොඩබැස්සුහ.

මගීන් තිදෙනෙකුට සුළු තුවාල සිදු වු බවත් කුඩා දරුවන් ඇතුළු අනෙක් මගින් දැඩි කම්පනයකට පත්වසිටි බවයි. ෆියුමින්චිනෝ ගුවන් තොටුපළ පොලිසිය කියයි.


 



අදහස් (0)

ගුවන් නියමුවා 165කගේ පණ බේරයි

පවන් Sunday, 09 June 2013 06:37 PM

ප්ලේන් එකක් නිසා දෙවියන්ට හිනා වෙන තරම් මිනිස්සු දැන් ලංකවේ ඉන්නේ. ලිඳෙන් ගොඩ එන්න, ලෝකය දිහා ඇස් හැර බලන්න. (නි)

:       0       0

කැනඩා දිසා Monday, 10 June 2013 06:54 AM

මම මුලින් හිතුවේ මත්තල වුනා කියලයි (නි)

:       0       0

සිල්වා Monday, 10 June 2013 12:29 PM

ඔය කියන දෙයියෝ කොහොමද හොයා බලන්නේ රටින් රටට? මට නම් හිතාගන්න අපහසුයි (නි)

:       0       0

මාලා Sunday, 09 June 2013 01:12 PM

ඕක මෙහෙ උනා නම් ගුවන් නියමුවා ඡන්දෙ ඉල්ලයි.(නදී)

:       0       0

නිමල් පෙරේරා Monday, 10 June 2013 08:30 AM

මොන රටක වුනත් මිනිස් ජීවිත රැක ගන්න ගත්ත උත්සාහය අපි අගය අගය කරන්න ඕනෑ. (නි)

:       0       0

ශීලා Sunday, 09 June 2013 01:10 PM

පුරාජේරු කාරයෝ හිතනවද ඕක මෙහෙ උනා නම් හොදයි අපට පුරාජේරු ගහ ගහ ඉන්න කියලා.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 09 June 2013 01:17 PM

විස්කම් වැඩක්. නියමුවන්ගේ දක්සකම් නිසා ජීවිත ගනනාවක් බේරුවා. නියමුවා කල හපන්කමට උසස්වීමක් දිය යුතුයි.(නදී)

:       0       0

සුරංග Sunday, 09 June 2013 08:20 PM

ගුවන් නියමුවන් පුහුණු කරද්දී හදිස්සි අවස්ථාවක ක්‍රියා කරන්නේ කොහොමද කියලා උගන්නනවා. (නි)

:       0       0

සැම් Monday, 10 June 2013 08:34 AM

ගුවන් නියමු තනතුර ලබාගන්න පෙර සෑම පුහුණුවන නියමුවෙකුටම මේ වගේ අවස්ථා සිමියුලේටර් එකක කරලා සාර්ථකව ප්‍රතිපල පෙන්වන්න ඕනා. රෝද සියල්ලම නැතුවත් ගොඩබැමට පුහුණු විය යුතුයි.(නදී)

:       0       0

චන්දි Sunday, 09 June 2013 02:26 PM

මේ පුංචි දරුවන්ගේ මුහුණු දිහා දෙවියෝ බලන්න ඇති නේද!! අගය කල යුතුයි.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 09 June 2013 02:40 PM

චන්දි, දෙයියෝ බලනවානම් ඉතින් පොඩි ළමයිට පිළිකා වැනි දරුණු ලෙඩ රෝගත් හැදෙන්නේ නැතුව තියෙයි නේ. දෙයියෝ ඇයි ඉතින් මේ වගෙන් මේ ළමයින්ව වලක්වා ගන්න බැල්ම හෙලන්නේ නැත්තේ. නිවාඩු පාඩු වෙලාවක මහරගම ළමා වාට්ටුව පැත්තේ රවුමක් යන්න කියන්නකෝ.(නදී)

:       0       0

මනෝහරන් Sunday, 09 June 2013 02:51 PM

චන්දි දෙවියන්ට වම් පැත්තේ රෝදේ දිහා බලන්න බැරි උනේ මොකද? (නදී)

:       0       0

රංග Sunday, 09 June 2013 02:58 PM

165 එච්චර හොද ගානක් වෙන්නේ නැතිව ඇති. සතියකට කලින් පිලිපීනේ යානයකුත් අනතුරට පත් වුනේ මගින් 165 දෙනෙකුත් සමගයි. හැබැයි ඒ ගුවන් යානයේත් ගමන් කල පිරිසටත් මේ වගේ අත් දැකීමකටම මුහුන පාන්න සිද්ද වුනා.(නදී)

:       0       0

සජිත් Sunday, 09 June 2013 03:04 PM

පිටිගල හා මනෝහරන්, දෙවියෝ වගේ පුවතක් කියවන්න ඕගොල්ලන්ට අවස්තාව ලබා දීම පිළිබඳව සලකා බලන්න.(නදී)

:       0       0

සංජු Sunday, 09 June 2013 03:20 PM

මාලාගේ කටේ මසුරන් දන්නා ඕනා.(නදී)

:       0       0

විරාජ් කාලිංග Sunday, 09 June 2013 03:25 PM

නියමුවාගේ දක්ෂතාවය හා මගීන්ගේ වාසනාවට මෙහෙම හරි බේරුනේ.(නදී)

:       0       0

සන්ජේව ජගත් Sunday, 09 June 2013 03:28 PM

දෙවියෝ ලෝකය දිහා බලනවා නම් මෙච්චරටම මිනිස්සු මරා ගනියිද? මැරෙයිද? නියමුවන්ගෙ දක්ෂතාවය නිසා මිනිස්සු බේරුනා. දෙයියන්ට බැරිවුනා පහත් නොවුන රෝදය පහත් කරන්න. මිනිස්සුනේ යතාර්තය තේරුම් ගන්න.(නදී)

:       0       0

කාලිංග Sunday, 09 June 2013 03:32 PM

අපි පෛලට් ට අපි ගරු කරනවා (දී)

:       0       0

රංජනී Sunday, 09 June 2013 03:46 PM

දක්ෂ ගුවන් නියමුවන් නිසා ජීව්ත ගානක් බේරුනා හැරෙන්න දෙවියන්ගේ හපන්කමක් නෙවේ.(නදී)

:       0       0

බංඩාර Sunday, 09 June 2013 04:14 PM

මේවට මුහුණ දෙන්න ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය පුහුණු වෙලා ඉන්නේ. මොනවා උනත් නියමුවන්ගේ දක්ෂකම අගය කල යුතුයි.(නදී)

:       0       0

චන්දි Monday, 10 June 2013 12:21 AM

පිටිගල,හා මනෝහරන් ,හැම කෙනෙක්ම එකම විදියට හිතන්නේ නැහැ නේද? මම ලිවේ මගේ අදහස මම නම් උදේට ඇදෙන් බහින්නෙත් දෙවියන්ගේ පිහිටයි කියලා ඔයාල නිකමටවත් කතරගමවත් ගිහින් නැද්ද අපට සමහර ලෙඩ රෝග දෙවියන් දීල තියෙනවා කියල මන් අහල තියෙනවා උදා:පැපොල/කම්මුල්ගාය වගේ ඒවා.(නදී)

:       0       0

විමලසේන හ.ද. Monday, 10 June 2013 01:51 AM

මේ අනතුර ලංකාවේ එහෙම වුනා නම් මොනවා වෙයිද? (නි)

:       0       0

ඩී.උපුල් Sunday, 09 June 2013 05:37 PM

අපිට වුනා නම් මත්තලට බස්සන්න තිබුනා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site