කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නඩත්තු කටයුතු නිසා ගුවන් ගමන් වාර 200 ක් පමණ අවලංගු කිරිමට සිදු වන බව ශ්‍රි ලංකා ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා කියයි.
ගුවන් තොටුපළ 2017 ජනවාරි 6 වැනි දා සිට අප්‍රේල් 6 වැනි දා දක්වා දිනකට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා වසා පවතිනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපේ මත්තල ගුවන්තොටුපලට ඕවා හරවන්න බැරිද.? මන් හිතන්නේ ගුවන් සමාගම් කැමති නැහැ වගේ එහේට යන්න.? (ර)
කිව්වත් වගේ වෙන මාර්ගයක් නැත්ද 200 එන්නේ නැහැ කියනවට වඩා.? (ර)
අපිත් කැමති නැහැ රජයට අලාභ වෙනවාට. මොණරුන්, සර්පයින්, වල්සත්තු නිදැල්ලේ හැසිරෙන මත්තලට ගුවන් යානා ගෙනයාමට සමහර සමාගම් කැමතිත් නැහැ. මගේ ගමේ තිබෙනවා පොඩි ගුවන් පථයක්. පුළුවන් නම් එහාට යානා බස්සන්න. එතකොට රජයට පාඩු වෙන්නෙත් නැහැ. ඒක තියෙන්නේ අගනුවරට කිට්ටුව. නම රත්මලාන. උත්සාහ කරලා බලන්න. (නි)
මේවා ඉතින් අවුරුද්දක් වහල තිබ්බත් තමන්ගේ පඩිය අතට එනවනේ. රට ගැන කැක්කුම ඔබට තවමත් නැද්ද කියලා තමයි අහන්න වෙන්නේ. (නි)
මත්තල තියෙන්නේ වී වේළන්නනේ. ඒ නිසා එහෙට ගුවන් යානා යවන්නේ නැහැ. මෙහෙම ආණ්ඩුවක් නම් ලොවෙත් නැහැ. (නි)
මත්තල හැදුවේ වී දාන්න නෙමෙයි (බ)
සැහෙන පාඩුවක් වෙයි වගේ (බ)
මත්තලට යවන්න තිබුනනේ. එ්කත් දේශපාලන බලපෑමක් වෙන්න ඇති. (නි)
ඇයි මත්තල පාවිච්චි කරන්න බැරිද? (නි)
ගුවන් ගමන් වාර 200 ක් අවලංගු කිරීමට සිදුවෙනවද, එහෙම නැතිනම් රාත්‍රී කාලයට වෙලාව වෙනස් කරනවද (rescheduling) කියල පැහැදිලිව කියනවා නම් හොඳයි. (ර)
මත්තල ගුවන්තොටුපල තියෙද්දී අයි ගුවන්ගමන් අවලංගු කලේ?ඔලුවෙන් වැඩක් ගන්න හිතුවොත් හොදයි මේ රට ගැන හිතලා..? (ර)