දෙසැම්බර් මාසයේ අවසන් දින හතරේදී පමණක් විදේශ ගමන් බලපත‍්‍ර දස දහසකට වැඩි ප‍්‍රමාණයක් නිකුත් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
2016 අයවැයෙන් ජනවාරි 01 වැනිදා සිට විදේශ ගමන් බලපත්ර ගාස්තු ඉහළ දැමීම නිසා මෙලෙස ගුවන්ගමන් බලපත් ලබාගෙන ඇති අතර රුපියල් 7500 ක් ලෙස පැවති ගුවන් ගමන් ගාස්තුව ජනවාරි පළමුවැනිදා සිට 10000 දක්වා ඉහළ නංවා තිබේ.
සාමාන්‍ය සේවය යටතේ රුපියල් 2500 ක ගාස්තු යටතේ නිකුත් කළ ගුවන්ගමන් බලපත‍්‍රය රුපියල් 3000ක් දක්වා වැඩි කිරීමත්, එමෙන්ම අවුරුදු 16ට අඩු ළමුන් සඳහා වසර 3ක් සඳහා රුපියල් 1500 ක් ගාස්තු යටතේ ලබා දුන් ගුවන්ගමන් බලපත‍්‍රය 2000 කින් ලෙස ගාස්තු වැඩි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් මේ ගොල්ලො වෙනුවෙන් කතිරෙ ගහනවටත් අපෙන් අය කරයි.(අ)
යහපත් සේවාවක් (අ)
රජය ගුවන් ගමන් බලපත්ර ගාස්තු වැඩි කළාට එමගින් පොදු ජනතාවට පහරක් වදින්නේ නැහැ. විවිධ ක්‍රම උපාය මගින් ලෝකයේ හැම රටක්ම අදායම් උපයන්නේ එමගින් රටෙත්, ජනතාවගේත් සුබ සිද්ධිය සඳහා ඒ මුදල් වැයකිරීමට බව නොතේරුම් ගත් අය තමා මේ විදියට රජයක් විවේචනය කරන්නේ. (අ)
ඔබතුමාට බොහොමත් ස්තුතියි
නන්දලාල්, රජයකට අදායම් අවශ්‍යයි. එහෙම නැතිව පාලකයන් ගෙදරින් ගෙනැල්ලා සුබ සාධන වලට වියදම් කරන්නේ නැහැනේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ අදායම් ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් වියදම් නොකර තමන්ගේ සුබ සිද්ධියට වියදම් කිරීම. අපි බලමු මේ රජයවත් ලොකු වෙනසක් කරයිද කියලා. (අ)
යහපාලනය පේනවානේ දැන් ඉතින් හොඳට (ම)
ශාන්ත ඔබ 100% නිවැරදියි. ජයවේවා. (ස)
මට මතක හැටියට මගේ පළමු පාස්පෝර්ට් එක ගනිද්දී මගේ වයස අවුරුදු 25 විතර..රුපියල් 20 ක මුද්දර ඇලවුවා මතකයි." ඕල් කන්ට්‍රි "කියලා ස්ටිකර් ඒ කාලයේ තිබුනේ නැහැ.නිකම්ම නිකම් රබර් සීල් එකකින් " ඕල් කන්ට්‍රි 'කියලා වැදුනා. "බොන්ඩ්"එකට අත්සන් කරන කෙනාගේ සුදුසුකම තමයි මාසෙකට රුපියල් 750 කට වැඩිය වේතනයක් හෝ අදායමක් ගන්න කෙනෙක් වීම. ඒවගේම තමයි ඒ කාලයේ ආගමන විගමන කාර්යාලය තිබුන ගල්වල පැත්තේ පාස්පෝර්ට් " කාක්කෝ " වැහි වහලා.රුපියල් 300 විතර දුන්නොත් ඕන නීතිවිරෝධී වැඩක් කරගන්න පුළුවනි ඒ " කාක්කන්ට " කියලා. හැබැයි ඉතින් රුපියල් 300 කියන්නේ ..ඒකාලයේ සැහෙන ගණනක්. ජිවිතයේ ආමග දිහා ආපසු හැරිලා බලද්දී ...ලොකු සතුටක් දැනෙනවා. ඒවගේම දරන්න බැරි පාලුවකුත් නැත්තේම නැහැ. (ස)
ගුවන් ගමන් බලපත්ර ගාස්තු ඉහලට........ මේ රජයෙන් දැනට කරපු ලොකුම සේවය තමයි මේ. මැදපෙරදිග එන්නේ හොඳට කන්න අදින්න ,දරුවන්ට හොඳට උගන්වන්න,ඉන්න සැප පහසු සුවුසල් මන්දිර තිබෙන මිනිස්සුනේ. ඒ නිසා ඔය ගුවන් ගමන් බලපත්ර ගාස්තු ඉහලට දැම්මට අපේ කිසිම අකමැත්තක් නැහැ.දැන් හොඳටම සනීපයි. (ස)
ශාන්ත - කටාර්.ඔය මේ වාහනයක් ගන්න පොඩි සහන ඉල්ලනවා. ඉස්සර හිටපු පාලකයන් යන යන පන්සල් වල වායුසමීකරණ 7-8 ක්ම සවි කරලා තිබෙන දර්ශන දැක්ක නිසා මේවා අධි සුඛෝපබෝගී ගණයට වැටෙනවා කියල නොදැන මමත් වායුසමිකරණයක් අරගෙන ආව. පැදුරක් එලලා මගේ පෙට්ටියේ තිබෙන බඩු ටික එකක් නෑර එළියට ඇදල වායු සමිකරණක් තිබුන කියල ලොකු මුදලකින් බදූ ගැහැව්වා. ඒක අධිසුඛෝපබෝගී ගනයටලු වැටෙන්නේ.කාට කියන්නද? (ස)
ඉන්න හිටින්න පැල් කොටයක් අටවා ගන්න, කරන්න දෙයක් නැති කමටයි අන්තිමට ජීවිතය පරදුවට තියල මිනිස්සු/ගැහැණු මැදපෙරදිගට එන්නේ.එහෙව් එන මිනිසුන්ට මේ වගේ බදූ ගහන එකනම් අහස පොලව නුහුලන අපරාධයක් . (ස)
රජයකට අදායම් අවශ්‍යයි කියල අසරණ මිනිස්සුන්ව මරන් කාල හරි යනවද? (ම)
මනෝ මහතාගේ කතාවට මම එකඟයි. නන්දලාල් මහතා ඔයා කොහේද ඉන්නේ..? ආයේ දෙකක් නෑ ඔය ආණ්ඩුවට කඩේ යන කෙනෙක්. මේ රටයන හැම මනුස්සය්කුම සැපක් විදින්න යනවා නෙවෙයි. 90% ක්ම සුළු පඩියකට සේවයට එන්නේ. බොරුනම් ඇවිත් බලන්න. මේවටත් රජයක් විදියට වගකියන්න ඕනේ. (බ)
ඡන්දෙ ගත්තේ බොරු කියලනේ බොරුවට බඩු අඩු කළානේ දැන් කාපල්ලකෝ (බ)
රජයට අදායම ඕනෙනම් කොන්ද කෙලින් තියාගෙන පසුගිය කාලේදී රටේ සිද්ධ වුණ මෙගා ගසා කෑම් ගැන හොයල දැඩි දඩුවම් දීල ඒ මුදල් රාජ සන්තක කරන්න (ම)
අසරණ මිනිස්සු ගැන බදු පෙට්ටිය පැදුරේ දිග හැරලා ගහන බදු ගැහිලි (ම)
විදෙස් ගමන් බලපත්‍රය 'ලබා ගැනීමේ අරමුණ' මත බදු පැනවීම ව්‍යුහගත කරන්න බැරිද?. 'විනෝද ගමන්' 'වියාපාරික ගමන්' 'ස්ථිර පදිංචි' 'රැකියා' 'කෙටි නිවාඩු' වගේ වර්ග කරලා බදු පනවුවානම් හොඳයි කියලයි මට හිතෙන්නේ. (ම)
ඔහොම යන් ඔහොම යන් (හේ)
යහපලානේ හැම තැනින්ම බේරෙනවා.(හේ)
කම්බා හොරු ඉදිරියේ නිවට නියාලු ප්‍රතිපත්තියක් අනුගමනය කළාට අසරණයන්ට නම් කොන්ද කෙලින් තියාගෙන තීන්දු තීරණ ගන්නවා වගේ. (බ)
මම හිතන් හිටියේ යහපාලනය නිසා ලංකාවට ඇවිත් දෙවියනේ කියල ජිවත් වෙන්නයි. මදැයි...(බ)
හැම පැත්තකින්ම වටකරලා දෙන්න වාගේ හදන්නේ. යම පාලනේ. (බ)
අපි පැතූ වෙනස මදි නොකියන්න ලැබෙනවා. දැන්නම් හරී සනීපයි. සනීප වැඩිද මන්දා! (නි)
පාස්පෝර්ට් හදාගෙන දුක් විඳගෙන රට එනවා, රටට විනිමය උපයා දෙනවා. ඒත් අන්තිමටම කිසිම පිහිටක් සරණක් නැහැ. අඩුමගානේ වාහනයක් ගන්න පොඩි සහනයක්වත් දෙනවා නම් වටිනවා නේද? (නි)
ඡන්දෙ දුන්න අයට තමයි මඩු වලිගෙන් තලන්ට ඕනේ (අ)
දුක්විඳින්න අපිටම තලන්න මෙහෙම අපිට ගහල මදි (අ)
ජයවේවා අපේ යහපාලානේ (අ)
රටට වැඩිම විදේශ විනිමය ලබාදෙන විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ලැබෙන ප්‍රතිලාභ නම් හරිම අපූරුයි. (අ)