ගුවන් තොටුපළේ ගුවන් ගමන් පාලකවරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය යළි ආරම්භ කළ බව ගුවන්තොටුපළ ආරංචි කියයි.
අද (5) පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට යළි අවතීර්ණවූ බව ඔවුහු කියති.
සඳුදා (3) පස්වරුවේ සිට ඔවුන් අකුරට වැඩ කිරීම ඇරඹූ අතර අඟහරුවාදා (4) ඇමැතිවරයා ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මත එම ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ ප්‍රශ්න කවදා අවසන්වෙයිද කියලා (නි)