(ඉන්දිකා රාමනායක)
ඕස්ට්‍රේලියා සිඩ්නි නුවරට ගුවන් මගින් රැගෙන යාමට තිබූ පාර්සල් වල තිබී මැණික් ගල් 14 සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළේ පාර්සල් ගබඩාවේ සේවය කරන සේවකයන් දෙදෙනකු ඊයේ (14) අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපල පොලීසිය පවසයි.
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානය මඟින් රැගෙන එන ලද අධිවේගී තැපැල් මලු වල බහා තිබූ මෙම මැණික් ගල් 14 පසුගිය අප්‍රේල් 26 දින කටුනායක බණ්ඩාරනායක ගුවන් ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිට සිඩ්නි නුවර පුද්ගලයකු වෙත රැගෙන යාමට නියමිතව තිබූ බව පොලිසිය පවසයි.
අධිවේගී තැපැල් මලු වල තිබූ මැණික් ගල් 14 අස්තානගත වී ඇති බවට එහි හිමිකරු ඕස්ට්‍රේලියාවෙ ෆෙඩරල් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ල අනුව ගුවන් තොටුපොළ තොටුපල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර ගබඩාවේ සවිකර තිබූ සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයේදී ගබඩාවේ සේවකයන් දෙදෙනෙකු විසින් මේවා සොයාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 23,25 යන වයස්වල පසුවන හසලක හා තෝලංගමුව පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා අද (15) ගමු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd