(ඉන්දිකා රාමනායක)
ඕස්ට්‍රේලියා සිඩ්නි නුවරට ගුවන් මගින් රැගෙන යාමට තිබූ පාර්සල් වල තිබී මැණික් ගල් 14 සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළේ පාර්සල් ගබඩාවේ සේවය කරන සේවකයන් දෙදෙනකු ඊයේ (14) අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපල පොලීසිය පවසයි.
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානය මඟින් රැගෙන එන ලද අධිවේගී තැපැල් මලු වල බහා තිබූ මෙම මැණික් ගල් 14 පසුගිය අප්‍රේල් 26 දින කටුනායක බණ්ඩාරනායක ගුවන් ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිට සිඩ්නි නුවර පුද්ගලයකු වෙත රැගෙන යාමට නියමිතව තිබූ බව පොලිසිය පවසයි.
අධිවේගී තැපැල් මලු වල තිබූ මැණික් ගල් 14 අස්තානගත වී ඇති බවට එහි හිමිකරු ඕස්ට්‍රේලියාවෙ ෆෙඩරල් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ල අනුව ගුවන් තොටුපොළ තොටුපල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර ගබඩාවේ සවිකර තිබූ සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයේදී ගබඩාවේ සේවකයන් දෙදෙනෙකු විසින් මේවා සොයාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 23,25 යන වයස්වල පසුවන හසලක හා තෝලංගමුව පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා අද (15) ගමු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගුවන් ගබඩාවෙන් මැණික් අතුරුදන්