IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගොවින් 264,227කට ගොවි විශ්‍රාම වැටුප ගෙවා නැහැ

(ජේ.කේ.එල්. චාමින්ද)

ගොවි විශ්‍රාම වැටුප් හිමිවිය යුතු  වයස අවුරුදු 60 සම්පුර්ණ වු ගොවින්  264,227 දෙනෙකුට  ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති  විගණන වාර්තාවක සදහන් වේ.

 මෙකි විගණන වාර්තාවට අනුව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා  ක්‍රමය තුළ  ලියාපදිංචි වි ඇති ගොවින්  සංඛ්‍යාව අටලක්ෂ 871,425 කි.

 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට  වයස අවුරුදු 61 සිට  අවුරුදු 93 දක්වා   වයස්ගත වු ගොවින් සංඛ්‍යාව 474,803කි.

මින් ගොවින් 264,227 දෙනෙකුට   ගොවි විශ්‍රාම වැටුප ගෙවා නොතිබු බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත. 2022 වර්ෂයේ දි අවුරු දු 60 සම්පුර්ණ කළ විශ්‍රාම වැටුප හිමිවිය යුතු  ඉල්ලුම්පත් එවා නොමැති දායකයින් සොයා විශ්‍රාම වැටුප් ලබාදිමට අවශ්‍ය  කටයුතු කරණ ලෙස  කෘෂිරක්ෂණ මණ්ඩලයේ  සියලුම දිස්ත්‍රික් හා සහකාර  අධ්‍යක්ෂකවරුන් වෙත  ලිඛිතව දන්වා තිබුණි.

 එහෙත් දිස්ත්‍රික් කාර්යාල  12ක  නියැදියක් පරික්ෂාකිරිමේ දි  ඉන් දිස්ත්‍රික් කාර්යාල 06ක්  එම ලිඛිත දැනුම් දිම අනුව කටයුතු කර නොතිබුණි. වයස අවුරුදු 60 සම්පුර්ණ කළ  විශ්‍රාම වැටුප ඉල්ලුම් නොකළ  දායකයින් හදුනා ගැනිමට අවශ්‍ය කටයුතු කරණ ලෙස  විගණනය මගින් නිර් දේශ කොට ඇත.

 



අදහස් (4)

ගොවින් 264,227කට ගොවි විශ්‍රාම වැටුප ගෙවා නැහැ

සුමතිපාල Sunday, 10 November 2024 03:51 PM

ඕවා මොනවද සැඳෑ සමයේ පසුවන රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින් තෘප්තිමත්ව සිටිනු දැකීම දැක්ම කරගත් විශ්‍රාම වැටුප් විශ්‍රාමිකයින්ගේ සුබ සිද්ධිය ප්‍රවර්ධනය කිරීමට සක්‍රීයව දායකත්වය දීමට සිටින විශ්‍රාම වැටුප් භාර අරමුදලේ නිලධාරි සාමාජිකයින්ට අරමුදලේ කෝටි ගණනක් මුදල් තිබුණත් නොගෙවීම කොතරම් නීච ක්‍රියාවක්ද?

:       0       5

හේමසිරි Monday, 11 November 2024 06:08 AM

අතපය අවලංගු වගේ පේන භාණ්ඩාගාරික ජී.බී.දි ත් සන්තෝසමක් බලාපොරොත්තුව එහෙම ප්‍රතිලාභ ප්‍රමාද කරනවාද නැත්නම් නිළධාරි තිදෙනාම එහෙම බලාපොරොත්තුව ඇතිව නොගෙවා සිටිනවාද කියලා සැකයක් ඇතිවෙනවා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂතුමා ඒ ගැන බලනවා නම් ඉතාමත් හොදයි අල්ලස් හෝ දූෂණ සම්බන්ධ බලධාරීන්ගේ අවධානයට යොමුවේවා

:       0       1

G.H.අප්පුහාමී Monday, 18 November 2024 01:53 PM

මගේ තාත්තාට ගෙවපු මුදල්වත් ගන්න බැරිද?

:       0       0

G.H. appuhami Monday, 18 November 2024 01:56 PM

මගේ තාත්තාට ගෙවපු මුදල් ලබාගන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site