ගංවතුර තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 15 ක පවුල් 38,645කට 1,35,547 දෙනකු පීඩාවට පත්ව සිටින අතර මරණ දෙකක් ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මොවුන්ගෙන් පවුල් 6455 ක 23,652 දෙනෙක් තාවකාලික සහන මධ්‍යස්ථාන 121ක රඳවනු ලැබ සිටිති.
මහනුවර, නුවරඑළිය, පුත්තලම, ගම්පහ, කොළඹ, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව, මාතලේ, ත‍්‍රිකුණාමලය, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල ජනතාව මෙසේ විපතට පත්ව සිටින බව මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි.
පීඩාවට පත්ව සිටින්නන්ගෙන් බහුතරය උතුරු පළාතේ වන අතර, එම පවුල් 38,018 ක 1,07,262ක් පීඩාවට පත්ව සිටින බවත් ඉන් වැඩිම පිරිසක් යාපනය දිස්ත‍්‍රික්කයේ බවත් එහි 76,637ක් පමණ දෙනා පීඩාවට පත්වී සිටින බවත් ඔහු කියයි.
මෙම දිස්ත‍්‍රික්කයන්හි නිවාස 213ක් සම්පූර්ණයෙන් විනාශ වී නිවාස 2964කට අර්ධ හානි සිදුව ඇත.
ඡායාරූප - රොමේෂ් මධුෂංක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජනතාවට අපි උදව් කරමු. (ර)
පවු අහිංසක මිනිස්සු! (නි)
මේ අසරණයින්ට අපි උදවු කරන්න ඕනෑ (නි)
මේ මිනිසුන්ට මේ වෙලාවේ අපේ සහයෝගය අවශ්‍යයි (නි)
ජාතිබේද, ආගම්බේද, කුලබේද අමතකකර මේ වෙලාවේ මොවුන්ට අපි පිහිටවෙමු (නි)
දැන් තමයි විපතට පත් මිනිසුන්ට පිහිට වියයුත්තේ හැමෝම එකතුවෙලා.විශේෂයෙන් ඔය උගුර කඩන් බොරුවට බෙරිහන් දෙන දේශපාලකයෝ හා අනෙකුත් නිලනොලත් ස්වෙච්චා සංවිධාන.(ම)