(දෙනගම යසන්ත ආරියසේන)

ගංවතුරෙන් බලපෑමට ලක් වූ මොරවක අධ්‍යාපන කලාපයට  අයත් පාසල් දෙකක් හැර සෙසු පාසල් සියල්ල සහ මුලටියන අධ්‍යාපන කලාපයේ මුලටියන කොට්ඨාසයට අයත් පාසල් දහයක් හා අකුරැස්ස කලාපයේ පාසල් හතරක් අද දින වසා තැබීමට කටයුතු කළ බව මොරවක සහ මුලටියන සහ අකුරැස්ස අධ්‍යාපන කලාප කාර්යාල පවසයි.

හක්මන මුලටියන අධ්‍යාපන කලාපයට අයත් මුලටියන කොට්ඨාශයේ මාර/දෙයියන්දර ජාතික පාසල,දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලය ,මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය ,මාකඳුර ප්‍රාථමික විද්‍යාලය ,සීනිපැල්ල ප්‍රාථමික විදුහල, කැටියපේ උතුර ප්‍රාථමික විද්‍යාලය,කොරඹුරුවාන මහා විදුහල, මීපාවිට ප්‍රාථමික විද්‍යාලය යන පාසල් සහ තිහගොඩ කොට්ඨාසයේ කිතලගම බටහිර හා නැගෙනහිර යන පාසල් දෙක මෙලෙස වසා තැබේ.

මේ අතර මොරවක අධ්‍යාපන කලාපයට (දෙනියාය) අයත් කොටපොල හා මොරවක කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හා පස්ගොඩ කොට්ඨාසයට අයත් ඌරුබොක්ක ජාතික පාසල හා පට්ටිවෙල කනිටු විදුහල හැර අනෙකුත් සියළුම පාසල් සහ අකුරැස්ස කලාපයේ අකුරැස්ස සහ මාලිම්බඩ කොට්ඨාසවලට අයත්වන දියලපේ කනිටු විදුහල, අතුරලිය මහ විද්‍යාලය, පහුරන්විල කනිටු විදුහල හා පරදුව කනිටු විදුහල යන පාසල් අද දින වසා තැබීමට තීරණය කළ බව මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ටි.එම් අකීල් මොරවක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මිකා පියදර්ශණී අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නලීන් ජයමිණි යන මහත්ම මහත්මීහු ලංකාදිපයට පැවසූහ.