ගවයින් ඝාතනය කිරීමේදී වේදනාව අවම කිරීම සඳහා යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ස්වර්ණා බෝපිටිය පදනම ගොනු කළ පැමිණිල්ලේ වගඋත්තරකාර පාර්ශවයට විරෝධතා ලබන මැයි 3 වැනි දා ගොනු කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළේය.
කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු ටී.ඞී.ගුණසේකර මහතා හමුවේ ස්වර්ණා බෝපිටිය මහත්මිය ගොනු කළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
හිංසාකාරී අන්දමින් දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල ගවයින් ඝාතනය කිරීම සිදු කරන බවත්, පැමිණිලිකාරිය එවැනි ගව ඝාතනාගාර පෞද්ගලිකවම නිරීක්ෂණය කරන බවත් ඇය කියා සිටින්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රහීම් මහත්මයාණෙනි, මම නොකියා කියූ දෙය ඔබ කෙලින්ම කියා තිබීම ගැන සතුටු වෙමි. (බ)
නවුෆර් ඔයා හරි ඔයාට සහා මස් නොකන සැමට පින් (කෞ)
ගවයින් ඝාතනය තහනම් කරන්න, දේශපාලකයන්ට බැහැ. (පවතින රජයට )මොකද, ඡන්ද අඩු වෙනවා. (බ)
ගවයින් ඝාතනය තහනම් කරන්න (ම)
කිරි බීම නවත්වන්නේ නැතුව ගව මස් කෑම නවතින්නේ නැත. එහෙම වුනොත් කිරි වරපු ගවයන් නඩත්තු කරන්නේ කවුද (බ)
මරණ වේදනාව අවම කල හැකිනම් විශාල පිනක් නමුත් මන් වගේ අන් සියලු දෙනා ගව මාංශ අනුභව නොකරනවා නම් කෙතරම් දෙයක්ද. ගව මාංශ අනුභවය පටන් ගත දා සිට අලුත් රෝග වර්ග 92ක් ඉන් වැළදෙන බව බුදුන් දේශනා කර ඇත. (අ)
ගවයින් ඝාතනය කිරීමේදී වේදනාව අවම කිරීම සඳහා යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ස්වර්ණා බෝපිටිය පදනම ගොනු කළ පැමිනිල්ලට මගේ උපහාරය (බ)
රොකී, රහීම්, කොහොම කළත් මරණය මරණය බව ඇත්ත. නමුත් එය වේදනාව අඩු නොකිරීමට හේතුවක් නොවේනේ. (නි)
මෙහෙම නීතියක් තියෙනවාද අපේ රටේ (බ)
සතාට සිහිය නැතිවෙන්න එන්නතක් ලබාදී ඉන්පසු ඝාතනය කළා නම් වේදනාවක් දැනෙන්නෙම නැතිවෙයි නේද? හැබැයි ඉතින් පරමාර්ථය මැරීම නම් වේදනාවක් දැනුනා කියල ප්‍රශ්නයකුත් නැහැ නේද? (බ)
මමත් ගවමස් කෑමට විරුද්ධයි (නි)
මරණයේ වේදනාව දන්නේ ගවයා. යන්ත්‍ර පාවිච්චි කරත් මරණය මරණය මයි (බ)
ගවයා පිළිබඳව අසහාය ගායක මිල්ටන් පෙරේරා ගායනා කරන "උම්බා කිය කියා මරණ බයේ " කියන අනුවේදනීය ගීය අහපල්ලා මිනිසුනේ...! (නි)
අම්මගේ කිරි බොන්නේ ටික කලයි .නමුත් ගවයාගේ කිරි මැරෙනකම් බොනවා .එහෙවු සතා මරාගෙන කන නොමිනුසුන් ජාතියට ශාප වේවා. (බ)
අර පොතේ තියන විදියටම ඝාතනය කරන්න කියමු. (බ)
සත්ව ඝාතනය මුළුමනින්ම තහනම් කළා නම් මොකද, (ම)
ලක්සිරි, ඇයි මේ ගව මස් විතරක්? අනෙක් අය සත්තු නෙමෙයිද? හැමදේම තමන්ගේ වාසියට විතරයි. (නි)
කොහොම ඝාතනය කෙරුවත් ඝාතනයමයි. මිනිසුන්ට මේ මළකුණු කන්නේ නැතුව ජීවත් වෙන්න බැරිද? හරකුන්ට අපි අනුකම්පා කරන එකත් ආත්ම වංචනයක්. මිනිස්සුන්ට කරුණාවක් දයාවක් නැති සමාජයක. ගව මස් කන මිනිස්සුන්ට කියන්න තියෙන්නේ මැරිච්ච මිනිස්සුන්ව කාපල්ලා කියල කියන්නයි. හැම සතෙකුටම මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් තියනවා (බ)
යන්ත්ර පාවිච්චි කළත් මරණය මරණයමයි. එහෙනම් නොමැරිය යුතුයි. කවුද වගඋත්තරකරුවෝ කියා දැනගන්න කැමතියි (නි)