ගව ඝාතනයට විරෝධය දක්වන බව කියමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ක්වින්ස් හෝටලය අසල දී සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් මීට සුළු මොහොතකට පෙර අපවත් වූ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා ‘එසැණට‘ පැවැසීය.
ගව ඝාතනයට විරෝධය දක්වන බව කියමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ක්වින්ස් හෝටලය අසල දී සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් මීට සුළු මොහොතකට පෙර අපවත් වූ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා ‘එසැණට‘ පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මහා ලොකු අදහස් දාන කී දෙනෙක් ගවමස් නොකන අයද? සමහරු කියනවා ලංකාවේ හරක් නොමරා මස් ඕනෑම නම් පිටරටින් ගෙනෙන්නලු. තව උදවිය ඉන්නවා මස් කන්නේ නැහැ, නමුත් සොසේජෙස්, මීට් බෝල්ස් කනවා. සමහරු මස් හොදි කනවා කෑලි කන්නේ නැහැ. හරියට මම වගේ.මට මස් හරිම රසයි. හාමුදුරුවන්ට පළමුව කරන්න තිබුනේ දානයට මස් මාළු ඕනෑ කියන, දායකයෝ උයලා දෙන නිසා බෑ කියන්න හොද නෑ කියලා මස් වලදන හිමිවරු නැවතීම.මස් නොකන මිනිසුන් වැඩි කිරීම. ඔය බොරුවට කෑ මොර දෙන උදවියත් එහෙම කරන්න. එතකොට සත්තු (හරක් පමණක් නොවේ) මැරීම අඩු වෙයි. මස් ගන්නට නැති නිසා නොකන මිනිසුන් නොව ජීවිතවලට ආදරය කරන පිරිස වැඩි කරන්න. (නි)
අපවත් වූ හිමියන් කල ඉල්ලීම සාධාරණ වුණත් එයට ඉඩ දුන්නොත් එය සමාජයට කරන වැරදි පුර්වාදර්ශයක් වේවි. ඉදිරියේදී ඉල්ලීම් ලබාගැනීමට මෙම ක්‍රමය අනුගමනය කිරීමට සමහරු පෙළඹේවී. (නි)
සිංහලයාට හැමෙද්ම මතක තියෙන්නේ සතියලු. අපරාදේ ඔබ වහන්සේගේ වටිනා ජීවිතය (නි)
හාමුදුරුවෝ විශේෂයෙන් ප්‍රකාශ කලේ දළදා හාමුදුරුවෝ වැඩ සිටින බිමේවත් ගව ඝාතනය නවත්වන්න කියලා.මේකේ අදහස් දාලා තියෙන සමහරු බය වෙලා හරක් මස් කෑල්ල නැතිවෙයි කියලා (අ)
හාමුදුරුවෝ ගැන හරිම දුකක් දැනෙනවා බුද්දාගමේ හැටියටනම් ජීවතේ නැති කරගන්නවා කියන්නේ මිනිහෙක් මැරුව පවක් හා සමාන කියලා හමුදුරුවරුම තමා බණට කියන්නේ. ඉතින් මේ හාමුදුරුවන්ට ඇතිවෙලා තියෙන්නේ සත්ව කරුණාවක් නිසා ජීවිතේ පාවා දුන්නා. දුරදිග හිතල නැහැ මේවා ගැන දැන්වත් අදාල බලදාරීන් තීරණයක් ගත්තොත් නේද හොද?(නදී)
පාරමිත පිරූ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දැකීමට පෙර නැවත අප අතර ඉපදී අරමුණ ඉටුකරගැනීමට සටන් කරන බව මාහට විශ්වාසයි.(නදී)
මේ කියන්නේ හැමෝටම. අපි උපදින්නත් කලින් හිටිය මහා වීරයෙක්. ඒකාලේ බුද්දාගමට හොදටම විරුද්ධකාරයෝ හිටියා . මුත්තෙටුවේගම,වල්පොල ,පානදුර හාමුදුරුවෝ හිටියා. ඉතාමත් නිහතමානී සිල්වත්ව ඒවාට මුහුණ දීල ඒවා මැඩපැවැත්තුවා. ඊටත් එහා බිහි උන මහා පුරුෂයා තමයි අනගාරික ධර්මපාල උත්තමයෝ. එතුමා දිවි පූජා කරේ නැහැ. අන්න හොද ආදර්ශ.(නදී)
එතොකට හරක් මසට මරන්න එපා කියන්නේ උන්ගෙන් කිරි බොන හින්දා. කුකුල්ලු ,එතකොට මසුන් මැරුවාට කමක් නැද්ද? මොකද උන්ගෙන් කිරි එරෙන්නේ නැති හින්දා. පානාතිපාතා වේරමණී සික්ඛා පදන් සමාදියාමි. (නි)
බීරි අලින්, ආත්මාර්තකාමීන් බහුල සමාජයක අන්‍ය ජීවිත සහ බොදු අයිතිවාසිකම් වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබූ උන් වහන්සේගේ අභීත උත්සාහය තවත් එක් සිදු වීමක් ලෙස යටපත් නොවී ජනතා නැගිටීමක්, ජනතා හඬක් ඇතිවන හැරවුම් ලක්ෂයක්ම වේවා ! ඔබ වහන්සේට නිවන් සුව.(නදී)
අපේ හාමුදුරුවන් පෙන්වූ සත්‍ය කිසිසේත්ම යටපත් කල නොහැකිය. අන්‍යගාමිකරණය අප රට තුල වේගයෙන් ක්‍රියාත්මක වේ. උන් වහන්සේ තම දිවි පුද කර අපහට තේරුම් කර දෙන්නට හැදු සත්‍ය වටහාගෙන ඒ අනුව ක්‍රියාත්මක වීම අප සතු වගකීමකි. ඔබට නිවන්සුව අපේ හාමුදුරුවනේ.(නදී)
හිමියනි, ඔබට නිවන් සුව පතමි. ඔබ උදාර කටයුත්තක් සඳහා ජීවිතය කැප කළා. එහෙත් ඔබගේ තීරණය වැරදියි. ඔබ ජීවත්ව සිටියා නම් මීට වඩා දායකත්වයක් දෙන්න තිබුනා. (නි)
මම මේ හිමියන්ට ගරු කරනවා . මොකද මේ හිමියන් කියුව දේ කළා (දී)
ජනාධිපතිතුමනි, ගවඝාතනය 100%ක් නවතා දැමුවොත් අප ඔබට සැමදාම බළයේ ඉන්න ජන්දය දෙනවා දෙනවාමයි.(නදී)
මෙම ජීවිත පුජාව සියදිවි නසගනීමක් කියන අය සිරිසගබෝ කතා වස්තුව සහ සස ජාතකයද, ගවයා මත්සයින්ට සම කර කතා කරන අය , ඉස්ලාම්, කිතු, යුදෙව් දහම් අනුව මරණයෙන් පසු ඔවුනට ඇත්තේ ස්වර්ගය හා අපාය පමණි. නමුත් බුදු දහමට අනුව දෙව්, බ්‍රහ්ම, මනුෂ්‍ය, තිරිසන්, ප්‍රේත, අපාය යනුවෙන් කිහිපයකි. දෙව්, බඹු ලෙස ඉපදුනත් (ස්වර්ගය) කවදා හෝ හා නැවත මිනිස්, තිරිසන් හෝ අපාය ගත වීම වැළක්විය නොහැක. තිරිසනුන් ද මේ චක්‍රයට අයත් සත්වයෝය. ඔවුන් මැරීම පාපයක් වන්නේ මේ නිසයි. ගවයා කියන්නේ මිනිසාට සම්පතක්, ගවයාගෙන් සියලුම දේ ලබාගෙන, අන්තිමට මරා දැමීම අන්තිම පාපකාරී ක්‍රියාවක්.(නදී)
ඉන්ද්‍ර රතන හොමියන් මේ ජීවිත් පුජාව කරලා තියෙන්නේ හරක් මැරීම නවත්වන්න කියලා පමණක්ම නෙවේ.සිංහල කම,බුදුදහම රකින කරුනුත් එම ලිපියේ ඇතුලත් වෙනවා. වෙනකක් තබා යම් බලවේගයක් බවට පත්වී හෝ සිංහලක බෞද්ධකම රැක ගන්න බවටත් පලවෙනවා. හරක් මැරීම නැවැත්වීමට දිවිනසා ගත්තැයි පවසන අය අන්තර්ජාලයේ ඇති එම ලිපියටත් ප්‍රසිද්ධියක් දී මෙම ක්‍රියාව විවේචනය කරන අයගේ ඇස් අරවන්න. (නි)
හරක් වෙනුවෙන් මැරෙන්න හාමුදුරුවෝ හිටියා. ඒත් කුකුල්ලු, එළුවො, ඌරො , ඉස්සො, මාළු, දැල්ලො , කක්කුට්ටො වෙනුවෙන් ගිනි තියාගන්නෙ කවුද ?(නදී)
අයියෝ මටත් දැන් පිස්සු වගෙයි.(නදී)
කිසියම් රුපවාහිනී නාලිකාවක් ඉන්ද්‍රරතන හාමුදුරුවන්ගේ ජීවිත පුජාව කලින් දැන සිටියානම්. සියදිවි හානි කරගැනීමට අනුබලදීම යටතේ අනිවාර්යයෙන්ම ඔවුන්ට දඩුවම් පැමිණිය යුතුය.(නදී)
මට පේන්නේ දැන් අපේ බෞද්ධයෝ අන්තවාදී වෙලා වගේ. මේ අදහස කිව්වටත් මට බැනල දාවි. එහෙත් කම් නැත. මේ ලියලා තිබෙන දේවල් සියල්ල කියවා තේරුම් ගත්තම පේනවා ජාති වාදය හා ආගම වාදය අන්තවාදී බව. කිහිප දෙනෙක් සාදාරන විදියට ලියල තියෙනවා. සිංහලයෙක් බෞධයෙක් හැටියට මටත් ලැජ්ජයි.(නදී)
යහපත් අරමුණක් වෙනුවෙන් කාට හෝ හොදක් සිද්ධ වෙන අරමුණෙන් දිවි පරදුවට තියා කටුතු කෙරුවට පාපයක් නොවේ කියලයි මගේ අදහස. එහෙම නම් යුද්දෙන් මියගිය, කොටින්ව මරපු අපේ වීර සෙබළුන් පව්කාරයෝද ? මම නම් හරක් මස් කන්නේ නැහැ කොහොමත් (නි)
ගව ඝාතනයට කවදා හෝ දවසක නීතීයක් ගෙන ආවොත් එය ඉන්ද්‍රරත්න හිමී නීතීය විය යුතුයි. ඔබ වහන්සේට නිවන් සුව.(නදී)
එක මිලේච්ච රුපවාහිනී නාලිකාවක් මෙම මරණයට වගකිව යුතුය වහා පරිෂණ පවත්වා දඩුවම් දෙන්න.(නදී)
හිමියනි ඔබට නිවන් සුව.(නදී)
උන්වහන්සේ කල වැඩේ නම් පරම පිවිතුරුයි
හිමියනි ඔබට නිවන් සුව ලැබේවා. දැන්වත් බලධාරීන් ඇස් අරින්න. මොනවා උනත් ඇමති මර්වින් සිල්වා ඇමති කතා කරනවා වගේම වැඩ කරලා පෙන්වනවා. මේ වගේ දේවල් නැවත වෙන්න ඉඩ තියන්න එපා. අපි ජනාධිපති තුමාගෙන් ඉල්ලන්නේ මේ වගේ දේවල් වලට වහාම නියම ක්‍රියා මාර්ග යොදන්න. නැවත වතාවක් හිමියනි ඔබට නිවන් සුව ලැබේවා!(නදී)
හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා. ගව මස් අත්‍යවශ්‍යම නම් රජයට පුළුවන් ගව මස් ආනයනය කරන්න වැඩ පිළිවෙලක් සකස්කර ලංකාවේ ගවඝාතනය නතරකරන්න.(නදී)
කවුද මේ හරකට අයිතියක් ලැබෙයි කියලා ඉරිසියාවේ අදහස් ලියන ඌරෝ, එළුවෝ, කුකුලෝ, ඉස්සෝ, පොකිරිස්සෝ කක්කුට්ටෝ, ආදී එකී මෙකි නොකී මිනිස් වෙසින් ඉන්න අකුරු දන්න සත්තු? (නි)
මේකත් එන්.ජී.ඕ වැඩක් කියයිද දන්නේ නැහැ. සිවුර පුච්චපු එක පාපයක්ද කියන්න?(නදී)
මේ සිද්ධිය වෙනම එකක්. ඒත් ලංකාවේ නිලදාරීන් හා දේශපාලකයන් මේ පෙනෙන අසදරනයන්ට කල් මැරීම සත්‍ය දෙයක්.(නදී)
දමිත් ඔබේ සියලුම අදහස් වලටම එකග වෙමි. සිංහල බෞද්ධයන් වන අපිට මේ සිදුවීම හදවතට හොදින් දැනෙනවා. පිරිසිදු බුදු දහම පවතින අප ලක් බිමෙහි ගව ඝාතනය සම්පුර්ණයෙන්ම තහනම් කල යුතු වෙනවා. වග කිව යුතු පුද්ගලින් මේ සිදු වීම මුල් කරගෙන හෝ ගව ඝාතනයට එරෙහිව නැගී සිටීවි කියා සිතමි.(නදී)
දැන් වත් බොලඳ බලධාරීන්ගේ ඇස් ඇරේවිද ? (ස)
ඔබ වහන්සේට නිවන් සුව.! (ස)
ඔන්න හෙට බෞද්ධයින්ට වෙන අසාධාරණ වලට එරෙහිව හරකෙක් ගිනි තියාගන්නවලු. ඌට තියෙන එකම ප්‍රශ්නේ ලයිටර් එක පත්තු කරන්න බැරි එකලු. ගිහින් උදවු කරන්න.(නදී)
සියදිවිනසාගැනීමක් මෙතන වුනේ. මේකට වගකියයුත්තේ කව්ද?මේක සිදුවීමට පෙර රූපවාහිනී ආයතන මේක වාර්තා කරන්න පෙළඹුවේ කව්ද? ගව ගාතනයට වඩා දේශපාලනය අභිලාසයන් මෙතන දකියහකියේ.(ස)
ඔබට ඔයිට වැඩ හොඳ දෙයක් කරන්න තිබුන ජීවත්ව සිටියානම්. බුදු දහමට අනුව නම් ඔබ කර ඇත්තේ පාපකර්මයක්. ඔබගේ අරමුණ කොපමණ හොඳ වුනත් ඔබ අරගත් තීරණය වැරදියි හිමියනි. ගොඩක් දෙනෙක්ට ඔබව තව ටික දිනකින් අමතක වෙලා යාවි. (ස)
මම බෞද්ධයෙක්මි. ඒත් මේ ප්‍රතිචාරයට මාත් එක්ක තරහාවෙන්න එපා. බුදුදහමේ කොතනකවත් කියලා නැහැ ජීවිතයක් නැති කිරීම හෝ නැති කිරීමට උත්සහ කිරීම හරි දෙයක් කියලා. බුද්ධාගමේ තියෙන්නේ ඒක පාපයක් හැටියට. හාමුදුරුවෝ ගිනි තියාගන්න එක මාධ්‍ය වලින් දැනගෙන ඉදලත් කව්රුත් නැවැත්තුවේ නැති එක ගැන දුකයි. මහා ලොකුවට නිව්ස් වලට පෙන්නුවා. ඒත් මේ දේ නවත්වන්න උත්සහයක් ගත්තේ නැති එක ගැන මගේ රටේ මිනිසුන් ගැන දුකයි.(නදී)
හිමියනි, නිවන්සුව ලැබේවා...~! ලංකාවේ ඇමති වරු දැන්වත් අවදි වේවිද මේ ගැන..??? (ස)
නිවන් සූව පතමි ! (ස)
මේ ස්වාමීන්වහන්සේ කාගේ හරි කීමකට වටිනා මිනිස් ජීවිතයක් නැති කරගෙන මුළු සාසනයටම කළු පැල්ලමක් ගෙන දුන්නා. කුමන හේතුවකට හෝ දිවිනසා ගැනීම් වලට අනුබල දුන්නොත් අපේ අය දිගටම මේ වගේ මෝඩකම් කරාවි. ඊට පසුව නිරයේ අවුරුදු කෝටි ගණනක් වින්දවමින් පසුවෙනවා කියලා බුදු දහමෙම උගන්වා තිබෙනවා.(නදී)
තව තවත් ගව ඝාතන මොකටද. ශ්‍රී දළදා හිමි නමින් අපවත් වූ හිමියන්ට නිවන් සුව. (ස)
දළදා මාලිගාවත් වෙසක් පෝයත් නැතිව වෙන තැනක් හොයා ගන්න බැරි වුනාද ඔය වැඩේට.?(නදී)
හිමියන්ට නිවන් සුව ලැබෙන්නේ නෑ දිවිනසා ගැනීම බුදු දහමේ පාප කර්මයක්. මට කණගාටුයි. ! (ස)
මේ ඔක්කොටම පිස්සු. හරක් ටික ගෙදර ගිහින් තියගත්තානම් හරිනේ. මේ වැඩෙන් මුළුරටම පිස්සෝ උනා. හරක් මරණ දුකට නෙමේ ගිනි තියාගත්තේ.(නදී)
ඉන්දරතන හිමියනට නිවන් සුව ලැබේවා! උන්වහන්සේ ජීවිත පූජාවෙන් පැතූ පැතුම ඉටුවන දිනයක් උදා වේවා!(ස)
ගරු මර්වින් සිල්වා ඇමැතිතුමනි, වහාම මේ හිමියන්ගේ ඉල්ලීම ඉටුකරන්න. ඔබතුමාගේ අනිත් වැඩ කොහොම නමුත් බුදුසසුන වෙනුවෙන් නිර්භයව පෙනීසිටින බව අපි දනිමු. මෙවැනි සිදුවීම් නැවත සිදුවීම බුදුසසුනට මෙන්ම අපරටටද එතරම් සුදුසු නොවේ. (නි)
හරක් මස් කෑම නතර කරන්න බුදුහාමුදුරුවන්ටත් බැරි වුණා! (නි)
හාමුදුරුවෝ ගිනි තියාගත්තම කට්ටිය විවිධ බණ කියනවා. (ස)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ අපට නැති වුණා.ඒ අහිංසක සත්වයෙක් වෙනුවෙන් තම වර්ගයාගේ හිත් ඒ වෙතට යොමු කරනු පිණිස.එත් අපේ හාමුදුරුවනේ මේ ප්‍රතිචාර කල අපේ රටේ අයගේ පවුකාර සිතුවිලි කියන්නේ මොනවද කියලා දැන් පේනවා නේද ? උදාරතර අරමුණක් වෙනුවෙන් දිවි කැප කළ ඔබ වහන්සේ සසන වසනතුරු මේ පවුකාර සිත් ඇති මිනිසුන් සිටින ලංකාවේ නොඉපදේවා! දිව්‍ය ලොවම උපදිවා! (නි)
හිමියනි, ඔබවහන්සේට නිවන් සැප ලැබේවා...! (ස)
බොහෝ දෙනෙක් සිතන්නේ සහ උලුප්පන්න හදන්නේ ගව ඝාතනයට පමණක් එරෙහිව කල ජීවිත පුජාවක් ලෙස උවද ඇත්ත වශයෙන්ම උන්වහන්සේගේ අන්තිම ලිපිය කියවා බැලුවා නම් ඔබට තේරේවි මේක මේ රටේම අද සිදුවන මහා විනාශයට එරෙහිව රට, ජාතිය, ආගම තුනම රැකගන්න පරම පිවිතුරු චේතනාවෙන් කරන ලද මහා කැපකිරීමක් බව. උන්වහන්සේගේ ජීවිතය පුදා කර ඇති ප්‍රාර්ථනාව දෙස බලන්න. එවිට ඔබේ ඇස් අරෙනු ඇත. බෝධි සත්වයෝද ඇස් , මස්, ලේ දැන් දුන් බව නොදන්නේ ද? මෙය සියදිවි හානි කරගැනීමක් ලෙස දකින අය කරුණාකර උන්වහන්සේගේ අවසන් ලිපිය කියවන්න.හිමියනි මෙතෙක් කල් අප කතාකලේ මද්දුම බණ්ඩාරලා, කැප්පිටිපොලලා ගැන පමණි. අදින් පසු තම ජාතිය, ආගම, රට වෙනුවෙන් දිවි පුජා කළ අයකු ලෙස ඔබ ඉතිහාසගත වනු ඇත. ඔබගේ දිවි පිදීමෙන් කළ මහා ප්‍රාර්ථනයේ බලෙන් එම අරමුණ ඉටුවේවා! රටට යහපතක්ම වේවා! සියලු සතුන්ට ජීවත්වීමට ඇති අයිතිය ගරු කරන සමාජයක් බිහිවේවා! ඔබටත් උතුම් නිවනට මේ කල මහා පිංකම ඒකාන්තයෙන්ම හේතු වේවා! (නි)
ඔබ වහන්සේ ඔය වටිනා ජීවිතය පූජා කළේ මානව වර්ගයා සහ අහිංසක සතුන් වෙනුවෙනි. සිරිසඟබෝ රජු බෝධි සත්වයෙක් නම් ඔබද එවැනි උතුමෙකි. සාමාන්‍ය මිනුස්සුන්ට ඔබ වැනි උතුමන්ගේ වටිනාකම තේරුම් ගත නොහැක. නොමිසුන් බහුල මේ ලෝකයේ ඔබේ අමිල ජීවිතය නැති වීම පාඩුවකි. එසේ නමුත් බොහෝ කාලයක් ඔබ ඔය අරමුණ වෙනුවෙන් කටයුතු කළ සේක. ඇඹිලිපිටියේ සිට අනුරාධපුරයට පා ගමනක් යන විට ඔබ සමග කවුරු නොසිටියත් හුදකලාවම ඔය නොනිමි මෙහෙවර ඉටුකළහ. හරක් මරණ විට බලගතු දෙවියෝ ඉවත බලති. රට මිසදිටුවන්ටම නතු වේවි. සියලුම බෞද්ධයෝ එකමුතුවී රට සහ ජාතිය වෙනුවෙන් දේශපාලන නායකයන්ට ඉල්ලීම කර අපේ දේ රැකගනිමු. (නි)
රට දැය සමය රැක ගත්තේ චීවරයයි.. (ස)
අපවත් වුන හමුදුරුවෝ ධර්මය දැන හිටියත් ඔහුගේ අධිෂ්ඨානය වුනේ ගව ඝාතනය නතර කිරීමයි. ඒ අනුව ඔහු අධිෂ්ඨානය තම ආත්මයට වඩා සිතු පරාර්ථකාමියෙක්. හිමියන්ට නිවන් සුව. (නි)
රටේ තියෙන දුක වේදනාව කියා ගන්න බෑ ඔබ වහන්සේට නිවන් ශුව. (ස)
ඉන්න හැම හාමුදුරුවෙක්ම මෙසේ දිවි නසාගන්න ගියොත් මොනවා වේවිද? (නි)
විහාර මහා දේවිය මහ මුහුදට බිලිවුනේ රට ජාතිය බේරගන්න නොවේද? එදා ඇය පින් මහිමයක් නිසා බේරුනත් එදා ඇය මුහුදට බිලිවුනා නම් ඔබලා කියන්නේ ඇය සිය දිවි හානි කරගත්තා කියලාද? රටක්, ජාතියක්, ආගමක් ගැන හැගීමක් නැති කට බඩ ගැන පමණක් සිතන මිනිසුන් සිටින තාක් මෙවන් දිවි පිදීම් වලින් රටට පලක් වේද? (නි)
ඔබ වහන්සේ දිවි පිදුවේ යහපත් අරමුණක් වෙනුවෙනි. ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා! (ස)
තම ජීවිතය අනෙකෙකුගේ යහපතට පූජා කළ ඉන්දරතන හිමිනමට නිවන්සුව ලැබේවා! බෝවත්තේ ඉන්දරතන හිමියන් කළ තම ජීවිත පූජාවට විරුද්ධව ප්‍රතිචාර දැමූ අයට සිතා බැලීම සඳහාය. අනෙකෙකුගේ ජීවිතය රැක ගැනීමට හෝ අයුක්තියට හිස නැවීමට විරුද්ධව තම ජීවිත පූජා කළ උතුම් මිනිසුන් මෙන්ම උතුම් භික්ෂූන් වහන්සේලාද ලෝක ඉතිහාසයේ මෙන්ම වර්තමාන ලෝකයේද එමට ඇත. වියට්නාම යුද්ධ කාලය ගැන සිතා බලන්න. තම ජීවිත පූජා කළ අදත් පූජා කරණ ටිබෙට් භික්ෂූන් වහන්සේලා ගැන සිතා බලන්න. මුහුදේ මරන තල් මසුන් රැක ගැනීමට ජීවන සටනක යෙදෙන ග්‍රීන් පීස් ක්‍රීයාකරුවන් ගැන සිතා බලන්න. කුඩා සීල් මත්ස්‍යයන් බේරා ගැනීමට ක්‍රීයා කරන මිනිසුන් ගැන සිතා බලන්න. (මේ අය බෞද්ධ ආගමේ අයද නොවෙති.) මෙවැනි දහසකුත් එකක් උදාහරණ මට ලිවිය හැකිය. බොහෝ මෙවැනි දේ වලට තම ජීවිත පූජා කළ අය ආත්මාර්තකාමී අය නොවෙති. අනෙකෙකුගේ ජීවිත රැක ගැනීම ඔවුන්ගේ පරමාර්ථයයි. ඉන්දරතන හිමියන් කළ ක්‍රියාව ඉතාමත් ශෝකජනක වුවත් ඒ හිමිනම තම ජීවිතයට වඩා අනෙකෙකුගේ යහපත තකා එය කළ බව වටහා ගන්න. (නි)
මම කලින් කීව වගේ මේ විදිය මෝඩ ,තකතීරු පුද්ගලයින් සමාජෙට අහිතකරයි. කොහොම වුනත් ශෝකය ප්‍රකාශ කරනවා මැරුණම, මේක හොඳ පාඩමක්. මිසදිටුවන්ගේ ඇස් ඇරේවි. (ස)
ආත්ම ඝාතනය බුදු දහම අනුව පවකි. මෙය බුදුදහමට පටහැනිය. මෙම දිවිනසා ගැනීම කළ භික්ෂුව මෙන්ම මෙම මරණය විවේචනය කරන්නෝද බුදු දහමේ හරය නොදනිති (නි)
මේක නම් සම්පුර්ණයෙන්ම මෝඩ වැඩක් හාමුදුරුවනේ (නි)
අපි දැන් ගිණුමක් පටන්ගෙන සල්ලි එකතු කරලා ගවයන් නිදහස් කරමු උන්වහන්සේගේ නාමයෙන් (නි)
මේ මස් කන අය දැකල තියනවද ඔය හරක මරණ හැටි? ඒක බැලුවා නම් ආයේ කවදාවත් මස් කන්නේ නැහැ. සතා පුදුම විදියට දගලන්නේ මරන්න යනකොට. සතාට ඇතිවෙන මරණ භීතිය කියා නිම කරන්න බැහැ. මේකේ තියන විද්‍යාත්මක පසුබිම සලකා බලන්න ඕනෑත් මෙතැන ඉදලා. මෙම භීතිය සතාගේ මාංශ පේශි වල විෂ රසායනයන් ඒකරාශී වීමට හේතු වෙනවා. නමුත් ස්වභාවික මරණයකදී මේ තත්වය ඇති වෙන්නේ නැහැ. පරම්පරා ගණනක් මෙවැනි විෂ ශරීර ගත වෙනකොට ඒ ජාතිය ආවේගශීලී තැතිගත් ආක්‍රමණශීලී බිය සහ සැක ඇති ගෝත්‍රික ගති ඇති ජන කොටසක් වෙනවා. ගව ඝාතනයට නොදෙවැනි වෙන අනෙක් ක්‍රියාව කකුළුවන් පන පිටින් තැම්බීම. (නි)
සල්ලි එකතු කරලා මස් කඩ ටික අපි ගනිමු ටිකෙන් ටික (නි)
මේ දේ සිදුවීම බුදුමගේ පිරිහීමම අපට පසක් කර දෙන බව මගේ ධර්මනුකුල අවබෝධය යි. (නි)
ඇයි මේ හැමෝම ගව මස් ගැන විතරක් කතා කරන්නේ? අනික් සතුන් මැරීම පාපයක් නෙවේද?මාලු ,කරවල ,උම්බලකඩ ,හාල්මැස්සෝ,කුකුල් මස් ,ඉස්සෝ ,ඌරු මස් වගේ හැමදේම තහනම් කරන්න ඕනෑ. අනික බෞද්ධ රටක් නම් සියලු දුසිරිත් වලක්වන්න ඕනෑ. එහෙම වෙනවද නැහැ. ඔහොම නෙමෙයි, 1000 ගානක් දිවි පිදුවත් මේ ලොකු ලොක්කන්ට පෙනෙන්නේ නැහැ (නි)
කැමැත්තෙන්නේ මැරුණේ. විස්තර පසුව එළියට එයි. (ස)
ඔබ මේ මොනවද කර ගත්තේ ? (ස)
කුකුලට අභය දානයට දෙන්න කියලාත් මෙහෙම කැපකිරීමක් කරන්න ඕනෑ. ඊටපස්සේ ඌරට ... මාළුවට ...කලුකුමාට ... (නි)
කන අයට කන්න දුන්නා නම් හරි ඕනෑ එකක් කරගන්න. ලෝකයේම කොච්චර මරනවා ඇද්ද? (නි)
රට හදන්න බැරි නම් අපි හැදෙමු. අපි බෞද්ධයන් ලෙසින්, මින් මතුවට ගව මස් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිමු. උන්වහන්සේගේ ජීවිත පරිත්‍යාගය අර්ථවත් වන්නේ එවිටයි. යහපත් අරමුණක් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ උන්වහන්සේට නිවන් සුව අත් වේවා. (නි)
ලලිත් , විහාර මහා දේවිය මහ මුහුදට බිලිවුනා නොවේ. ඇයව ඇගේ පියා මුදට පා කරලා යැවුවා. කපටි ආඩින්ගේ (කට්ටාන්දී) බස් අහලා. ලංකාවේ හැම දෙයටම අන්තිමට ගැහැණියට පිරිමින්ගේ පවු ගෙවන්න වෙන බවට විහාර මහා දේවිය හොඳ උදාහරණයක්. (නි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 පරිච්ඡේදය ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම වන්නේය. රට හදන්න එන අය මොනවද කරන්නේ? ඉන්දුනීසියාව මුස්ලිම් රටක් දැන් කලින් බෞද්ධ රටක්. ඒත් හරක් මැරීම තහනම්. හරක් මස් ගේන්නේ ඕස්ට්‍රේලියාවෙන්. ඇයි අපේ රටේ රාජ්‍ය නායකයන්ට බැරි? ඒ අය වාසියට හෝයියා. හෙළ උරැමයත් දැන් හරක් මස් කන හකීම්ලාගේ ඇමති මණ්ඩලයේ. මේ රට හදන එකම නායකයා ජෙනරාල් ෆොන්සේකා විතරයි. ප්‍රංශය හැදුවේ ජෙනරාල් ඩිගෝල් හමුදා නායකයා. ප්‍රංශයේ තියෙන්නේ එක නීතියයි. මුස්ලිම් කියලා වෙනම නීති මෙහෙ නෑ. මුස්ලිම් ගෑනු මුහුණ වහගෙන ගියොත් දඩය යුරෝ 35 යි. මේ විදිහට අපේ බෞද්ධ රට හදන්න පුළුවන් ඒකට අවශ්‍ය අවංක,එඩිතර,ප්‍රායෝගික සැබෑ නායකයෙක්. මේ රට සිංහල බෞද්ධ රටක් කියලා ප්‍රසිද්ධියේ කතා කරන ජෙනරාල් ආවොත් ගව ඝාතනය නතර කරයි.(නදී)
මම ගවමස් කන්නේ නැ මින් මතු ,ඔබට නිවන් සුව (ස)
හාමුදුරුවෝ සිය දිවි නසා ගත්තට ගව ගාතනය නවතියිද? එහෙම වුනොත් හොදයි. නැත්නම්...... (නි)
හිමියනි, ඔබට නිවන් සුව! (නි)
මේ හාමුදුරුවන්ට බනින්නේ ගව ඝාතනයට කැමති අය. අද අපි ගව ඝා තනය ගැන කතා කරන්නේ හාමුදුවෝ ජීවිත පූජාවක් කරපු නිසා නේද? එඩිතර තීරණ ගන්න ගොඩක් මිනිස්සු මෝඩයෝ හැටියට තමා අද සමාජය පිළිගන්නේ.(නදී)
බෞද්ධ භික්ෂුවක් වුණහම තමුන් කරන වැඩෙන් ආගමට දහමට වෙන හානිය ගැන හිතන්න තිබුණා. අනිත් එක ඇයි ගවයා විතරක්. කුකුලා, ඌරා එළුවා, මාලු උන්ගෙ ජීවිත ජීවිත නෙවෙයිද? තමුන්ගෙ ජීවිතේ ජීවිතයක් නෙවෙයිද? (නි)
තම පවුල පෝෂණය කල සතට බැරිවෙනකොට කඩේට දීල එම මුදලින් බොහොම අගේට මස් බුදින දෙපා සතුන් ඉන්න අපේ රටේ එක හිමිනමක් නොවෙයි දාහක් ගිනි තියා ගත්තත් ලැබෙන ප්‍රතිපලයක් නැහැ හිමියනි ඔබට අජරාමර නිවන් සුව (ස)
ඔබ කල ජිවිත දානය ඉතා උතුම්
ඉස්සර කාලෙත් රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ අය හිටියා. ඇයි සමහරු මේ හාමුදුරුවන්ට අපාහස කරලා ප්‍රතිචාර දාන්නේ? (නි)
මට හිතෙන්නේ අරමුණ වෙනුවෙන් හාමුදුරුවොත් නොහිතපු දෙයක් සිදු වුනේ. කොහොමත් ඕක ටික දවසතින් කාටත් අමතක වෙයි. ඉස්සරහට මමත් හරක් මස් කමික් වතුර බිබී මේ ගැන කතා කරයි. අපේ රටේ සර්ධාවන්තයෝ එහෙමයි. (නදී)
ගව ඝාතනය ලංකාවෙන් විතරක් නෙමෙයි, මුලු ලෝකයෙන්ම තුරන් කරන්න ඕනෑ. ගව මස් කන ඇත්තන්ට යන්න අපායක් නැහැ (නි)
උසස් අර්ථයෙන් සිය දිවි නසා ගැනීමෙන් කිසිදු පවක් සිදු නොවේ. තම තමන්ගේ ධර්ම විනිශ්චයන් පසෙක ලා රේරුකානේ හිමියන්ගේ ධර්ම විනිශ්චය පොතේ මීට අදාළ විග්‍රහය කියවා බලන ලෙස මේ අවස්ථාවේ මම අපේ රටේ බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිනවා. (නි)
ඔබ වහන්සේ ආරම්භයක් කල පමණි, ඔබ වහසේට නිවන්සුව ලැබේව, (ස)
ගවයා මෙන්ම එලුවන්ටත් අභය දානය දිය යුතුයි. මේ දෙගොල්ලම කිරි මවුවරු. මේ මවු පිය ඝාතන නතර කරලා මස් නැතුවම බැරි උදවියට කන්න මස් ආනයනය කරන්න ඉඩ දෙන්න. කවුරු මොන කොමිස් ගැහුවත් ගාන කීය වුනත් කමක් නැහැ. එතකොට කියන්න බැහැනෙ රටින් ගේන මස් ගාන වැඩි නිසා මෙහේ හරක් ටික මරල කන්න ඕනෑ කියලා (නි)
අපේ හාමුදුරුවනේ ඔබට අමා නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි (ස)
හාමුදුරුවනේ , ඔබට නිවන් සුව ! (ස)
දැන්වත් මාහානායක භාමුඳූරුවරුන්ගේ දෑස් පැඳේවා! සැම පන්සලකම කෝවිලකම කැට ඵකතු කර නගර සහා ටෙන්ඩරය ලබා ගෙන මස් කඩ වසා දමන්න. වග කිය යූතු කමිටුවක් දමලා සිංහල නියෝජනයෙන් සාඳන්න. අපගේ සාභායද ළබා දීය භැකිය. ඔබ වහන්සේට නිවන් සූව පතමි. (නි)
සත්ව ඝාතනය කියන්නේ මේ රටේ ඉහළින් අනුග්‍රහය ලැබෙන ව්‍යාපාරයක්. මේක තවත්වන්න කිසිම දවසක උත්සාහ කරන්නේ නැහැ. (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබෙවා. (ස)
හිමිනමට නිවන් සුවය ලැබේවා! ගවයන් ගාතනය නොකළා නම් වෙන දේ පොඩ්ඩක් හිතලා බලන්න. දවසකට දල වශයෙන් ගවයන් 10,000 උපකල්පනය කරලා බලමු. අවුරුද්දට 3,650,000 අවුරුදු 10 කින් විතර තත්වය මොකද ? මිනිස්සු කොහෙද ජීවත් වෙන්නේ? ගවයන් කොහෙද ජීවත් වෙන්නේ? (නි)
කුකුල්ලු , මාලු පව් නැද්ද ?. මේවට වඩා කරන්න දේවල් තියනවා. මට කණගාටු හාමුදුරුවෝ ගැන. හොද දෙයක් කියල හිතල මහා අකුසලක් කරගත්ත. (ස)
තමුන්ගේ පන නසාගනීමත් මහා පාපයක්. උන් වහන්සේට එක අවබෝධ වෙලා නැහැ වගෙය්. හරිම කණගාටුයි. (ස)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවි හාමුදුරුවනේ............(ස)
දැන් ගව ඝාතනය නවතීවි එහෙනම්. හිනා යන වැඩ. සියදිවි හානිකරගත් අයට නැවත මනුෂ්‍ය ආත්මක් නැත. ඒකයි බුදු බණේ සඳහන් වෙන්නේ. (ස)
මොන හිතකින්ද ගිනි තියා ගත්තේ
ඔබ වහන්සේ නිවැරදියි
දුල්ලභංච මනුස්සත්වං බුද්ධොත්පාදෝච දුල්ලභෝ දුල්ලභො ඛන සම්පත්තී සද්ධම්මෝ පරම දුල්ලභෝ. මෙම දුලභ සියළු දෙය තිබෙන කලෙක කුමන හෝ හේතුවක් මත සියදිවි තොරකර ගැනීම කළ භික්ෂුව බුදු දහම පිළිබඳ කිසිදු අවබෝධයක් දැනීමක් නැති කෙනෙක් විය යුතුයි. (ස)
කනගාටු දායක පුවතක්
මේ බෞද්ධයෙක් නොවිය හැකියි. (ස)
ලංකාවේ නම තමයි කැත වන්නේ
මෝඩකමට බේත් නැනේ. අනික බුදු දහමේ තියනවද දිවි නසා ගන්න්පුළුවන් කියල? ජීවිතය කියන්නේ වටිනා දෙයක්. ගව ඝාතනය නවතන්න වෙන ක්‍රියා මාර්ග තියනවා. (ස)
සත්තු මරණ විදිහ දැක්කාම බඩ දගලනවා
ඔබට නිවන් සුව ලැබේව......දැන්වත් දෙස පලුවන්ගේ ඇස ඇරේව..... (ස)
ගව ඝාතනයට විතරක් දිවි නසාගන්න එකට මම විරුද්ධයි. කුකුල්ලු ඝාතනයට, මාළු ඝාතනයට, මදුරුවෝ ඝාතනයට එහෙමත් දිවිනසගන්න ඕනෑ නේද? (නි)
දැන් මේ රටේ මිනිස්සු කන්නේ එළවලු විතරද? (නදී)
සීලා, ඔයා කන්නාඩිය ඉස්සරහද ඉන්නේ? (ස)
හාමුදුරුවන්ට සිදුවූ දෙය ගැන කණගාටුයි .නමුත් මෙය වීර ක්‍රියාවක්වත් පූජාවක්වත් නෙවේ .මින් ඉදිරියටවත් සිදුනොවියයුතුයි .සිංහල රාවය හි හාමුදුරුනමක් ප්‍රකාශ කලා තවත් සිවුරු ගිනිගනී කියා ,ඒ තරම් පහත තත්වයකට පත් නොවිය යුතුයි (අ)
කොහොම නමුත් හාමුදුරුවන්ගේ චේතනාව හොදයි. නමුත් ගත් ක්‍රියාමාර්ගය අනුමැත කරන්න බැහැ.සමහරුන්ගේ අදහස් නම් බොහොම පටුබව පේනවා.මමත් වෙන රටක ඉන්නේ.මේ කිසිම රටක අපේ වුවමනාවට කිසිම දෙයක් වෙන්නේ නැහැ.ලංකාව සිංහල බෞද්ධ රට.ඒක රැක ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.කාටහරි හරක් මස් කන්න ඕනෑ නම් ගෙන්වාගෙන කන්න කියන්න.බෞද්ද රටේ ගව ගාතනය තහනම් කරන්න.ඒක තමයි අපවත් වුනු ඉන්ද්‍රරත්න හාමුදුරුවන්ට කරන්න පුළුවන් හොදම උපකාරය.ගරු ඉන්ද්‍රරතන මාහිමියනි, ඔබට නිවන් සුව! (නි)
වහාම මේ පිටුපස සිටින පුද්ගලයා සොයා දඩුවම් කළ යුතුයි. (ස)
ඉන්දරතන හාමුදුරුවෝ ගිනි තියා ගත්තේ ගව ඝාතනය වැලැක්වීමට විතරක් නෙමෙයි මිනිසුනේ.. බලෙන් අන්‍යාගමීකරණය කිරීම වැලැක්වීමේ පනත සම්මත කර ගැනීමේ අරමුණත් එක්කයි. ඇයි මේ හරක් විතරක් බදාගෙන..? ඇයි කව්රුවත් පනත ගැන කතා කරන්නේ නැත්තේ (නි)
කෑම වේලට හරක් මස් කෑල්ල නැතුව බැරි උදවියට බුදු බන මතක් වෙලා. සමහර කොමෙන්ට් දාපු අය බුදුන්ටත් වඩා ධර්මය දන්න හැඩයි.. බොරුවට මේ හාමුදුරුවන්ට අපහාස නොකර කියන්නකෝ අපිට මස් නැතුව කන්න බෑ කියලා සතෙක් ගේ ජීවිතය රැකීම වෙනුවෙන් , බෞද්ධයා රැකීම වෙනුවෙන් ජීවිතය පූජා කරපු හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා. සිංහල නම් වලින් අපහාස ප්‍රකාශ කරන අය කවුද කියලත් දන්න මිනිහා දන්නවා (අ)
මේ හාමුදුරුවෝ උන්වහන්සේගේ මුවින්ම ප්‍රකාශ කරලා තිබුනා, " මේ සියදිවි නසා ගැනීමක් නොවේ, ජීවිත පූජාවක්" කියලා. නමුත් ඒ වචනයත් බොරු කරන්න උත්සාහ කරමින් සිංහල නම් වලින් මෙහි අදහස් පලකරන අය බුද්ධ වචනයත් බෝධිසත්වයන් වහන්සේගේ පාරමිතාවන් දැක්වෙන ජාතක කතා වස්තු පිළිබඳවත් මේ වෙසක් සමයේදීවත් අවබෝධ කරගන්නවා නම් යහපතැයි සිතමි. ඉන්දරතන හිමියන්ට නිවන් සුව ලැබේවා! (නි)
අපේ හාමුදුරුවනේ, ඔබට නිවන් සුව ලැබේව..! ප්‍රාණ ඝාතය ලොවෙන් තුරන් වේවා ..!(අ)
ඔබ වහන්සේ ගේ දිවි පිදුවෙ යහපත් අරමුණක් වෙනුවෙන් සත්ව හිංසනයට විරුද්ධවයි.අපේ හාමුදුරුවො දැන්ම නිවන් යන කෙනෙක් නෙවෙයි.මේ රටේම ඉපදිලා මස් වැද්දන්ගෙ දුර්මත බිද ලන්න ලැබේවායි පතම්.(අ)
ඇගෙන් 90% ගිනි අරගෙන මැරෙන්න යන වෙලාවෙත් වේදනාවෙන් විලාප නොදී ඒ හාමුදුරුවෝ කිව්වෙ මොකක්ද කියලා දන්නවද? " මේ බිමේ හරක් මරන එක නවත්තන්න දළදා හාමුදුරුවනේ " (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබෙවා. (ස)
මෙම දිවිනසාගේනීමට සම්පූර්ණයෙන් වගකිවයුත්තේ රූපවාහිනී නාලිකා (ස)
අහිංසක සතුන් වෙනුවෙන් සහ අසරණ ජාතියක් වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යතිවිරුවාණෝ, බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන් සුව අත්වේවා! එතෙක් මේ පින් බිමම උන්වහන්සේගේ ජන්ම භූමිය වේවා! නිවසේ කහ කොඩියක් ඔසවා උන්වහන්සේගේ පැතුම් ඉටුවන්නට පතමු. (නි)
මැරුණම නිවන් සැප ලැබෙන්නේ නැත. මොකටද අපි එහෙම කියන්නේ. සිය දිවි හානි කරගත්තම වෙන්නේ තවත් සංසාරේ දික්වෙන එක. බෞද්දයෝ විදිහට අපි නවත්තමු මරුන මිනිසුන්න්ට නිවන් පතන එක. අනිත් අතට මට හිතාගන්න අමාරු ගව ඝාතන විතරක් සලකන එක. බුදු හාමුදුරුවෝ කියල නැහැ ගවයන් ගැන විශේෂයෙන්. හැම සතෙක්ම පරානයක්. මේක හින්දු බලපෑමක්. (ස)
ධීවර සංස්ථාවත් වස්සමු.(නදී)
ගවයන් වෙනුවෙන් හිමිනමක් කල අනුවන කියාවක් මේක බුදුන් වහන්සේට කල අපහාසයක් වගේම බුදුදහමට නිගාවක් ජීවත්ව සිටියානම් ලොකු සේවාවක් කිරීමට හැකිවේ (අ)
ඉන්ද්‍රරතන හිමියනි ඔබට අපගේ උපහාරය...අති පණ්ඩිතයන් මොන අර්ථ නිරූපණ දුන්නත් තම අරමුණ වෙනුවෙන් සිරුර ගිනිගෙන දැවෙද්දීත් අධිෂ්ටානශිලිව නොබියව පෙනී සිටි ඔබ වහන්සේ අපට නම් නියම වීරයෙකි...සියදිවි නසා ගැනීම හෙලා දකින අයගෙන් මම මෙසේ අසමි. දාන පාරමිතාව වෙනුවෙන් දරුවන් බිරිඳ හෝ හිස ඉස් මස් ලේ දන් දුන් මහා බෝසතාණන් හා මේ හිමියන්ගේ වෙනස පැහැදිලි කර දෙනු මැනවි.(නදී)
පතමු නිවන් සුව...!නමුත් බොදුනුවෙකු ලෙස මම අනුමත නොකරමි.ඔබ වහන්සෙ රට වෙනුවෙන් මෙසේ කළා නම් අගයමි.නමුත ගවඝාතනය....???එතකොට අනෙක් සතුන්ගේ දිනපතා නැසෙන කෝටි සංඛ්‍යාත ජීවිත ....(අ)
හිමියනි මම ගව මස් කෑමෙන් වලකිමි. (නදී)
ඔබ වහන්සේට නෙවන් සුව ලැබේව !!(අ)!
ගරු ජනාධිපතිතුමනි අඩුම තරමින් දළදා මාලිගාව වටේ තිබෙන තැබෑරම්, මස් විකුණන ස්ථාන සුපර් මාර්කෙට් ඇතළු සියළු ස්ථාන තහනම් කරන්ඩ. අපේ හාමුදුරුවන්ට ගෞරවයක් වශයෙන් මහනුවර ප්‍රදේශය තුල මස් සහ මත් වතුර විකිණීම තහනම් කරන්ඩ. මෙය අපේ ජනාධිපති තුමා ගේ සහ මහා නායක හාමුදුරුවන්ගේ අවදානයට යොමු වේවා. ඉක්මන් විසදුමක් ලැබේවා.(නදී)
අන්‍යාගමික කරනයට එරෙහි පනත බලගන්වන්න යැයි උන්වහන්සේ කියූ ප්‍රබල ප්‍රකාශය "ගවඝාතන කතාව" ඉදිරියට දමමින් යට ගසන්නට දරන උත්සාහය පැරද විය යුතුයි.(අ)
ස්වාමීනි ඔබ වහන්සේ නිසා ගවයන් දහස් ගණනකගේ පන බේරුනා මේ වෙසක් පෝය දින ඒ පින ඔබට ඇති ඔබට කිසිම පවක් වෙන්නේ නැත. බඩ ගොස්තරය වෙනුවෙන් සියල්ල පාවා දෙන අධර්මයන් අතරේ ඔබ අමරණිය හිමිනමකි . සියලු සිංහලයන්ගේ ඇස් ඇරේවා මමද මාගේ පව්ලේ සියලු දෙනාද මින් පසු කිසිම දිනක මස් නොකමි ඔබ වහන්සේට නිවන් සුව පතමි. ඔබට නිගා කරන සියලු පාපකාරීන් හරක් වී ඉපදෙනවා සත්‍ය එයයි.(නදී)
ඔබවහන්සේලා වගේ අය අපට ශක්තියක් ධෛර්යයක් ,නමුත්.....(අ)
මස්කඩ වල ටෙන්ඩර් මුදල 100% කින් වැඩිකරන්ඩ. මස් කඩ ඉබේම වසයි. සුපර් මාර්කෙට් වලට මස් විකුනන්ඩ ඉඩ දෙන්ඩ එපා.(නදී)
නිවන් සුව පතමු. ! (ස)
සැම සත්ත්ව ඝාතනයක්ම ලංකාවේ නැවැත්විය යුතුයි. මේක පින් බිමක්. උදේ හවස පාර දෙපැත්තේ මස් එල්ලලා. පැය 24 ම බුදු බන කියන එකම රට මේක වෙන්න ඕනා. කොතන සත්ත්ව හිංසාව කලත් අනුමත කල නොහැකිය. නමුත් ලංකාවේ මිනිස්සුන්ට මස් අවශ්‍යම නම් රටින් ආනයනය කිර්ම කල හැකිය.(නදී)
ඉන්දික මල්ලි ඔබ හරි (අ)
මම කතෝලික ආගමේ ඉඳලා බෞද්ධ වුනේ බුදු දහමේ ඉගැන්වෙන සත්‍යය නිසයි. දැන්වත් මහනුවර නගරය මස් කඩවලින් හා සුරාසල් වලින් මුදවනු. ජෙරුසෙලමේ මක්කම වතිකානුව වගේ අන්‍යාගමික සුද්ධ නගරවලත් මහනුවර අනුරාධපුර නගරවල වගේ එවැනි දේ නැත. අපවත් වී වදාළ ස්වාමින්වහන්සේට නිවන්සුව. (නදී)
බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ උදයෙම මේ කය නිසසල වන්නේ ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ උගෙන් මැඩූ බැත දනට පුදන්නේ // උන්ගෙම හම බෙර හඳට බඳින්නේ උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ බානෙන් බැඳ... කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ // බත් සහ කිරි රස දෙකම නොදන්නෝ මිනිසත් බව ලැබ කුමට උපන්නෝ ලේ කිරි අයිතිය වහු පැටියන්නේ දම් සක්වල ගල වැදී බිඳෙන්නේ ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ ///(නදී)
මුසල්මානුවන්ට ඕනෑ තරම් නීති ගෙනෙන්න පුළුවන්. එහෙත් හරක් මස් අනුබවය කිරීම හරාම් කරගත් අනෙකුත් මස් මාංශ සියල්ල හලාල් කරගත් සිංහල බෞද්ධයන්ට නීති දාන්නේ කෙසේද ? අනිත් එක හරක් හම් වලින් සාදන ලද බෙර වාදනය සහ ලෙදර් පාවහන් සිංහලයන් හලාල් කර ගත්තේ කෙසේද ? (නි)
අනිත් සත්තුත් පව් තමයි. ඒ උනාට ටිකක් කල්පනා කරලා බලන්න උපදිනකොටම කිරි නැති අම්මලාගේ දරුවන්ට කිරි දෙන්නේ කුකුලද, මාළුවද, හරකාද?(නදී)
අවසාන විසදුම ලෙස සිරුරට ගිනි තියා ගැනීම එක් අතකට වැරදි තීරණයකි මොකද ජීවත්ව සටනක් දීම මෙයට වැඩ ග්‍රේෂ්ට වන බැවිනි,(අ)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (අ)
ඔබ වහන්සේගේ අරමුණ පල දරන්න මම ගවමස් කෑම අත හරිමි. ඔබට නිවන්සුව අත්වේවා. සුගතියක ඉපදේවා!(නදී)
අපගේ ගෞරවනීය හාමුදුරුවනේ, ඔබගේ සියලුම බලාපොරොත්තු සහ ඔබ වහන්සේ අධිෂ්ටාන කල සියලු පැතුම් සහ ප්‍රර්ථනා ඉටු වේවා. ඔබ තුමාට නිවන් සුව ලැබේවා!(නදී)
වැරදි තීරණයක් කියල මම කියනවා .නැවත මනුස්ස ආත්මයක උපදින්න ලැබෙන්නෙත් නැහැ .අනිත්චවත සංකාරා උප්පාධ වය දම්මිනෝ (අ) ....
අපි ඔබ වහන්සේගේ මග යන්නෙමු
සුසිල් මිලානෝ , මට තේරෙනවා නුබට මම ලියපු සිංහලවත් නොතේරෙන මුග්දයෙක් කියලා. පන්සලට ගිහින් බණ අහන්න. අපි අම්බලන්ගොඩ ඉන්න හොද බෞද්ධ. අම්බලන්ගොඩ එක මස් කඩයක් නැහැ, ඒක දන්නවද?මම මස්කඩේට ගත්තු හරක් බේරා ගෙන තියෙනවා මුදල් දීලා. නුඹ මොනවද කරලා තියෙන්නේ හරක් වෙනුවෙන්? (නි)
ඇත්තටම භික්ෂුන් වහන්සේ නමකට නොගැලපෙන දෙයක් ගවඝාතනය හෝ හොර ගව ව්‍යාපාර මෙයින් නවතීද නැත (අ)
බෞද්ධ අපට ඔබ වහන්සේ අහිමි විය.(නදී)
ඉන්දික මුදුන් කොටුව මහතාණෙනි උන්වහන්සේට නිවන් සුව නොලබුනට කමක් නැහැ ඔය පැත්තේ හරක් හොරකන් කරන එක හා උන්ව මර දල අපේ ධර්මද්වීපය විනාස කරන එක නටරා කරන ඔබට ගොඩක් ස්තූතියි ! (ස)
අනුර, ඇගෙන් 90% ගිනි අරගෙන මැරෙන්න යන වෙලාවෙත් වේදනාවෙන් විලාප නොදී ඒ හාමුදුරුවෝ කිව්වෙ මොකක්ද කියලා දන්නවද? " මේ බිමේ හරක් මරන එක නවත්තන්න දළදා හාමුදුරුවනේ " අනුර ඔබට ගොඩක් පින් මේ දේ ගොඩක් අයට තේරේවි තව ටික දවසකින් මේ දෙයට ගරහන ගොඩක් අය හරක් මාළු කන අයගේ ඇගේ තියෙන්නේ හරක් ලේ සහ හරක් මස් ඊලග ආත්මයේ දහස් ගණනක්ම අනිවාර්යයෙන්ම හරක් වෙලා තමයි ඉපදෙන්නේ. ඒ අයට තේරෙන්නේ නැහැ මේ ජීවිත දානය දුන්නේ ඒ වෙනුවෙන් බව යම් කලක පාපය පලදේදී එවිට මෝඩ හරක් දුකටම පත්වෙවී.(නදී)
බුදුන් වහන්සේගේ බුදුවදන ලෙස පෙරඅකුසල පලදිම්යි මේ (අ)
මේ හාමුදුරුවෝ උන්වහන්සේගේ මුවින්ම ප්‍රකාශ කරලා තිබුනා, " මේ සියදිවි නසා ගැනීමක් නොවේ, ජීවිත පූජාවක්" කියලා. නමුත් ඒ වචනයත් බොරු කරන්න උත්සාහ කරමින් සිංහල නම් වලින් මෙහි අදහස් පලකරන අය බුද්ධ වචනයත් බෝධිසත්වයන් වහන්සේගේ පාරමිතාවන් දැක්වෙන ජාතක කතා වස්තු පිළිබඳවත් මේ වෙසක් සමයේදීවත් අවබෝධ කරගන්නවා නම් යහපතැයි සිතමි. ඉන්දරතන හිමියන්ට නිවන් සුව ලැබේවා!(නදී)
දැන දැන මේකට අනුබල දීමත් පාපයක්.අනික වෙසක් පෝයදා?(අ)
මෙය සියදිවි නසාගැනීමක් නොවේ. අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැපකිරීමක්. බුදුහාමුදුරුවෝ පවා පෙර බෝධිසත්ව ආත්මවල මෙවන් කැපකිරීම් කර තිබෙනවා. උදාහරණයක් හැටියට සිරිසඟබෝ ආත්මයේදී තම හිස දන්දීම. මෙය යහපත් චේතනාවෙන් යහපත් දෙයක් උදෙසා කල බැවින් ඒ හිමියන්හට පවු සිදු නොවේ.(නදී)
එක එකා මොන කිවත් හාමුදුරුවනේ ඔබ වගේ පින්වත් උත්තමයෙක් යලිත් බිහි නොවේවි..ඔබ දෙව් ලොව උපදිවායි මං ප්‍රාර්ථනා කරනවා..ඔබ වගේ තව හාමුදුරුවරු 10 හිටියනම් ලංකාවට මෙහේම වෙන් නැහැ...ඔබට නිවන් සුව...! (අ)
බුදු රදුන් හිස දන්දුන්හ. දරු මල්ලන් දන් දුන්හ. දන්නා තරමින් සිය දිවි හානි කර ගැනීම පාප කර්මයක්ම වෙයි. ඉන් සසර දික්වෙන මුත් අවසන් අජරාමර නිවන් සම්පතිය අත්පත් කර ගැනීමට නොහිකිවන්නේ නැත. සත් ක්‍රියාවක් පදනම් කොට ජීවිතය දන් දුන් ඔබ වහන්සේට අජරාමර නිවන් සම්පතිය අත් පත් වීම නිසැකයි. (අ) .
හිමියනි ඔබට නිවන් සුව (අ)
ගව මස් නොකනු!(අනගාරික ධර්මපාල තුමා ). මතකයි නම් සිංහලුන්ට මේක, මේ හාමුදුරුවෝ අපිට ,අපේ රටට අහිමි වෙන්නේ නැහැ.ගව මස් කන හැමදෙනම මේකට වගකියන්න ඕනෑ.ප්‍රශ්නේ කියන්නේ ඔය වැඩිහරියක් දෙනා ඉතිහාසය,ජාතක කතා, දන්නෙ නැහැ. (නි)
ඔබ වහන්සේට නිවන් සුව.! (අ)
ඉන්ද්‍රරතන හිමියන්ට නිවන් සුව ලැවේබව
අද ඉදන්වත් මොනම මසක්වත් නොකා හිටියා නම් හොඳයි නේද ? මම නවත්වන්න තීරණය කළා (නි)
මරන්න හොද නැත්තේ හරක් විතරද (ස)
හේමසිරි , අපිට වාසි දෙන සත්තුන්ට විතරක් අභය දානයත් අනිත් සතුන්ට මර බියත් දෙන්න කියලා තියෙන්නේ නව රැල්ලේ බුද්ධාගමේද? (නදී)
මේ හාමුදුරුවො මහා අකුසලයක් කරගත්ත, බෞද්දයෙක් නෙමෙයි, මෝඩ තීරනයක් කියල කියන අය ඇත්තම බුදුදහම දන්න අයද? උන් වහන්සේ ඒ මාන්ස පූජාව කලේ බෞද්ධයගේ කිරිමවු වැනි ගවයාට අභයදානය ඉල්ලලා. 90%කට වැඩි බෞද්ධ හින්දු ජනතාවක් ඉන්න රටේ ලේ පිපාසිත අතලොස්සක් වෙනුවෙන් සෑම උදයකම ඒ 90%ක් ජනතාව උතුම්කොට සලකන ගවයාගේ ලෙයින් මේ සදහම් භූමිය තෙත්වෙන බව උන් වහන්සේ මීට කලින් කී වතාවක් පෙන්නල දුන්නද? කවුද ඒව ඇහුන්කන් දුන්නේ? බීරි අලින්ට වීනා ගහල බැරිම තැන එ හිමියන් ගත් තීරනයක්. උතුම් චේතනාවෙන්. ඔබවහන්සේට අමාමහ නිවන් සුව. ඔබ උත්තම වීර චරිතයක් අපෙ හාමුදුරුවනේ. (අ)
හිමි නමට නිවන් සුව ලැබේවා . මෝඩ කමට කර ගත් දෙයක් . බෞද්ධයන් වශයෙන් මෙය අනුමත කල නොහැක . සිය දිවි නසගැනිමක් (අ)
සිය දිවි නසා ගැනීම බලවත් වරදකි. අප සියලු දෙනාම අදිටන් කර ගන්න ඕනා ගව මස් නොකා ඉන්න.(නදී)
පළමුව අප කළ යුත්තේ බෞද්ධයන්ට බුද්ධාගම ඉගැන්වීමයි. ඔබ වහන්සේට නිවන් සුව. (ස)
අපේ රටේ මිනිස්සු මොනවාද මේ කරන්නේ
මෙහි අදහස් පළ කරන බොහෝ දෙනා දහම ගැනවත්,සිදු වූ දෙය පිළිබඳවත් හරි අවබෝධයක් නැතිව අදහස් පළකිරීම කනගාටුවට කරුණකි.බුදු සමයෙහි භික්‍ෂුවට ප්‍රාණඝාතය බරපතල ඇවතකි.එය මහණකම පවා නැතිවන වරදකි.භික්‍ෂුවට විනයෙන් උගන්වන්නේ ආත්මඝාතනය දුක්කටාපත්තියක් බවයි.''න ච භික්ඛවේ අත්තානං පාතෙතබ්බං,යො පාතෙය්‍ය ආපත්ති දුක්කටස්ස'' (මහණෙනි, සියදිවි නසා ගැනීම නොකල යුතුය.යමෙක් එසේ හානි කරගන්නේ නම් ඔහුට දුක්කටාපත්තියක් වේ.) භික්‍ෂුවට සියදිවි නසා ගැනීම බරපතල අකුසල කර්මයක් නොවන්නේ මේ නිසාය.බෝවත්තේ ඉන්දරතන හිමියන් සම්බන්ධ සිදුවීම ගැන අප බැලියයුත්තේ එහි අරමුණ සමග සැසදීමෙනි.උන්වහන්සේගේ අරමුණ පටුවූවක් නොවේ.කහවණු දහසකට මිළ නියම වූ සිරිසඟ බෝ රජුගේ හිස රජු විසින්ම සිඳ දුන්නේද උදාර අරමුණක් මුල්කොට ගෙනය.අපේ දහමෙහි කිසි තැනක රජු අපාගත වූවේයැයි සදහන් නොවේ. නුතන බහුතර සියදිවි නසා ගැනීම් නම් ඒකාන්තයෙන්ම අපාගත වන අකුසල කර්ම බව කිවයුතුය.එසේ වන්නේ එහි උදාර අරමුණු නොමැති නිසාය.එම දිවිනසා ගැනීම් බොහෝවිට රාගයෙන්,ද්වේශයෙන්,මෝහයෙන් අන්ධව සිදුකරන ඒවාය.එහෙත් ඉන්දරතන හිමියන් දිවිනසා ගත්තේ එවන් පටු චේතනාවකින් නොවීම මෙම මරණයෙහි ඇති විශේෂත්වයයි. (ස)
හැමදේකම චේතනාවයි වැදගත්.උන්වහන්සේ කරේ ජීවිත පුජාවක්.තමාගේ ජීවිතය නැතිවී හෝ දහසක් බුදුන් බුදුවෙන හිමිදිරි උදෑසන 5000 ක් ගවයන් ඝාතනය වැලකෙවා.බලධාරීන්ගේ අවධානය පිණිස. (ස)
අර තැඹිලි වතුර බිබී අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නිරාහාර වීරකම් කරන කෙනෙක් ඉන්නවා නේද? අනේ එතුමාත් මේ හාමුදුරුවන්ගෙන් උපදෙස් ගත්තා නම්. (නි)
උපදින ආත්මයක් පාසා දිර්ගයස ලැබේව! (ස)
ඔබ වහන්සේට නිවන් සුව.! (ස)
හාමුදුරුවන්ට විරුද්දව දාන හැම ප්‍රතිචාරයක්ම දාන්නේ අන්‍ය ආගම්කාරයෝ. ඔබ වහන්සේ නිවන් ලබන්න ඕනෑ. ඒත් දැන්ම නොවේ. තව එක ආත්මෙක හරි මේ පොළොවේ ඉපදිලා අපේ රට ආයෙත් ධර්මද්වීපයක් කරන්න අපේ හාමුදුරුවනේ. (නි)
මොනවා කිවුවත් දැන් වෙලා ඉවරයි. මින් ඉදිරියටවත් මේ වගේ නොවෙන්න යමක් කරන පුළුවන් නම් හොදයි. (නි)
හිමියනි ඔබට නිවන්සුව ලැබේවා. මෙවන් මරණයක් යලි අත් නොවේවා. (ස)
අපේ හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා. ගරු ජනාදිපති තුමනි අපේ රට 75% බෞද්ධ රටක්. දැන් වත් මේවා ගැන ඇස් ඇර පොඩ්ඩක් බල්ලන්න. ගරු ජනාදිපති තුමාට පමණයි මේ වගේ ප්‍රශ්න වලට විසදුමක් දිය හැක්කේ.(නදී)
ඉම්රාන් කලබල වෙලා තියෙන්නේ හරක් මස් මරණ රැකියාව තමුන්ගේ අයට නැති වෙයි කියලා බයට.මෝඩ සූකරයෙක් ලෙස අනුන්ගේ අදහස් වලට ගරහන්න එපා. (නි)
එක් අරමුණක් වෙනුවෙන් ජීවිතය කැප කල ඔබ වහන්සේට ජාතියේ ප්‍රණාමය. (ස)
මේක නොදන්න කමට, බොලද කමට, එහෙම නැත්නම් මෝඩ කමට කරපු දෙයක් විදිහට ලඝු කරන්න එපා. අපිට අත්දැකීම් තියනවා රට වෙනුවෙන් තමන්ගෙ ජීවිතය දීපු අය ගැන. ඒ අය ගැන අපි මෙහෙම කතා කරේ නෑ නේද? හාමුදුරුවොත් ඒ වගේම පරිත්යාගයක් කරපු කෙනෙක්. බෝධිසත්වයන් වහන්සේත් තමන්ගෙ ජීවිතය දුන්නා අනුන් වෙනුවෙන්. මේකත් එහෙම දෙයක්.. මාත් පිළිගන්නවා මේක නොකරන්න තිබ්බා කියලා. ඒකට එකම හේතුව උන්වහන්සේ වගේ කෙනෙක් රටට අහිමි වෙන එක අපරාධයක් නිසා. ඔබ වහන්සේට අපහාස උපහාස කරන සැමට ඇස් ඇරේවා.. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාන සම්පත්තිය අත් වේවා... !! (ස)
බලමුකෝ අද ඉඳන් හරි ලොකු ලොකු හෝටල්වල මස් උයන එක හරි නවත්වයිද කියලා?අනේ මන්දා අද ලංකාවේ කී දෙනෙක්ව මරනවද?ඔය කියන එක්කෙනෙක් හරි ජීවිත් පූජා කළාද ඕකට ? (නි)
කෙතරම් සාධාරණ ඉල්ලීමක් වුවත් ඒ සඳහා මනුෂ්‍ය පමණක් නොව ඕනෑම සත්වයකුගේ ජිවිත පුජාවක් සිදු කිරීම බුදු දහමට පටහැනිය. බුදු රදුන් කිසි විටෙකත් එවැනි ජිවිත පුජාවන් සඳහා අනුබල දී නැත. සිරි සඟබෝ රජුට පහල වුනේ දාන චේතනාව මිස ජිවිත පුජාවක් නොවේ. අනිත් අතට, බුදු බව ලබා පෙරුම් පුරන බෝසතාණන් අතින් කිසිදු අකුසල කර්මයක් සිදු නොවුණා නොවේ. දෙව්දත් තෙර විසින් පෙරලන්නට තැත්කල ගලේ පතුරක් වැදී ලේ සෙලවුනේ පෙර කල අකුසලයක ප්‍රතිපලයක් නිසා. සිය දිවි හානි කර ගැනීමද භික්ෂුවකට සිදු කර ගත හැක්කේ ඉතා දුලබ අවස්ථාවාදී පමණි. එලෙස සිය දිවි හානි කරගත් භික්ෂුන් තුන් නමක් ගැන සඳහන් වී ඇත. ගොථික, චන්න සහ වක්කලී එම තුන් නමයි. බුදු රදුන් මොවුන්ගේ සිය දිවි හානි කිරීම වළක්වා නැත. මන්ද, මරණාසන්න අවස්ථාවේ උන්වහන්සේලාට අරහත් මාර්ග ඵලය ලබා ගැනීමට තරම් චිත්ත ශක්තියක් තිබීමයි. ඉන්ද්‍රරතන හිමියන්ට නිවන් සුව පතමි.(නදී)
මෝඩ කමට බෙහෙත් නැහැ. ගව ඝාතනය විතරද මේ රටේ වෙන්නේ? මාළු කන එකත් නවත්තන්න එපැයි. ඇයි ඔය බාර් ටික වහන්න බැරි.(නදී)
සමහර අයගේ ප්‍රතිචාර හරියට මස් කෑල්ල නැතිවෙයි කියලා බයට වගේ. (නි)
හාමුදුරුවනේ , ඔබට නිවන් සුව (ස)
සිය ගණන් මිනි මරණ රටේ ඒකට විරුද්ධ නොවී හරක් මරනවට පමණක් විරුද්ධව (වෙන සතුන් නොසලකා හැර) සියදිවි නසා ගැනීම උතුම් වීර ක්‍රියාවක් නම්. ඒක බුදු හාමුදුරුවෝ අනුමත කරලා තියෙන තැනක් මේකේ ප්‍රතිචාර දාන අය ලෝකෙට පෙන්නුම් කරලා දෙනවද? (නදී)
රිස්වාන් ඩුබායි,තම්බියාට (මල්ලියාට) ගෙරි මස් නැතුවම බැරි නම් පිටරටින් ආනයනය කරලා කන්න.ධර්මද්වීපයේ මරන්න තහනම්. (නි)
හරියට බුදු බණ අවබෝධ කරගෙන හිටියනම් මේ වගේ වැඩ කරන්නේ නැහැ. (ස)
ඔබ වහන්සේගේ ගිනිගත් සිරුර මැවී පෙනෙන රාත්‍රියේ නිදිවර්ජිතව ගත කලෙමි. ඔබ වහන්සේගේ උත්තරීතර පාරමිතා බලයෙන් දළදා සමිදු වැඩවසන අපේ පුණ්‍ය භුමියේ දෙවි කෙනෙක් වී චිරාත් කාලයක් එම පින්බිම ආරක්ෂා කරත්වා ආත්මාර්ථය නොමැතිව පරාර්තකාමිව කල පුජාවට ඇතැමුන් කෙසේ කිවත් ඔබ මට නම් දෙවි කෙනෙකි. (නදී)
ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ ජීවිතය දුන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙනි. වසර දහස් ගනනක් මේ රැකගත් සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනිමටය. මිනිසුනි, ඔබ වෙනුවෙන් මේ දහස් ගණන් ජීවිත පුජා කොට රැකගත් බුදු දහමත්, මේ සිංහලදීපයත් රැක ගැනිමට පෙරට එනු. නැත්නම් ඔබ සැමට කිසිදාක මේ ණය ගෙවා දැමීමට නොහැක (නි)
අනේ අපි මෝඩයි (ස)
අනේ අපි වෙනුවෙන් මැරෙන්න කව්රුත් නැද්දෝ. (නදී)
සාලිය වික්‍රමසුරිය, ඔයා කබලෙන් ලිපට වැටිලා. ඔය කතෝලික හා බෞද්ධ ආගම් දෙකේම කරන්නේ එකමනේ. නිෂ්පල පිළිම නමස්කාරය... (නි)
ඇයි අනිත් අයටත් බැරි මේ වගේ පූජාවක් කරන්න. (ස)
ගව මස් නොකනු මිනී මරණු, ස්ත්‍රී දූෂණ කරනු, මත් පැන් බොනු, සූදු කෙළිනු, ඉර්ෂා කරනු, හොරකම් කරනු, කුකුල් මස් හා ඌරු මස් කණු, මෝඩ මීහරක්.(නදී)
හාමුදුරුවනේ සිංහල නමින් ඉන්න සිංහල ද්‍රෝහියෝ මොනවා කීවත් මම දන්නා විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ කුමක් හෝ අරමුණක් වෙනුවෙන්,ආගමේ නාමයෙන් හෝ සිය දිවි හානි කර ගත් ප්‍රථම හා එකම හිමිනම ඔබ වහන්සේ. ,ජාතියට හෙණ ගැහුවත් වගේ වගක් නැතුව වැඩ ඉන්න ලොකු අයගේ දෙනෙත් දැන්වත් වර වේවා කියා මා ප්‍රර්ථනා කරනවා.අපේ රණ විරුවන් ජීවිත පුජ කරලා බේරගත්ත උතුරට ඉඩම්,පොලිස් බලතල දෙන්න කියන අය සමග බලන කොට ඔබ වහන්සේ ඇති ශ්‍රේෂ්ටයි.මම ප්‍රර්ථනා කරන්නේ ඔබ වහන්සේ නැවත අප අතරේම ඉපිද මේ සිංහල බෞද්ද රට මිසදිටුවන්ගෙන් ගලවාගැනීමට වරම් ලැබේවා කියලයි. (ස)
අනේ හරකුනේ, තොපටත් කතා කරන්න පුලුවන් නම්? මේ කියන කතා තේරෙනවා නම් අං ඇති හරක් කාටත් නුඹලා අනිවී. තණකොළ නොකා ඉඳීවි. (නි)
බලදාරියනි, මේ බටහිර ක්‍රිස්තියානි ආහාර සංස්කෘතියත් , බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයත් , බටහිර ක්‍රිස්තියානි අනතවාදයත් , මුස්‌ලිම අන්තවාදයත් පරදවා මේ අපේ සිංහල බෞද්ධ රට නැවත සුරක්ෂිත කරනු. (නි)
වියට්නාමයේ ක්වං ඩක් හිමියන් එදා ඔය අයුරින්ම ජීවිත පූජාවක් එකල වියට්නාම බොදු සංහාරයට විරුද්ධව කළා. (නි)
හිමියනි ඔබට නිවන් සුව!(නදී)
මේක ජීවිත පූජාවක්. ඒක කරන්න මොන තරම් හිතේ ධෛර්යක් තියෙන්න ඕනෑද? අහිංසක කිරි අම්මලා වෙනුවෙන් කරපු බෝධිසත්ත්ව පාරමිතාවක්. ක්‍රියාව නොවෙයි චේතනාවයි බලන්නෙ. අරමුණයි වැදගත්. ඉස්සරත් අපේ රටේ මාඝාත ආඥාව ක්‍රියාත්මක වුණා. ඒ කාලෙ මුස්ලිම්වරු එතරම් අපේ රටේ නොසිටින්න ඇති .අදත් ඒක ක්‍රියාත්මක කරන්න බාධාවක් නැහැ. මේ හිමි නාමයෙන් කිරි අම්මලා මරණ එක නවත්වන්න වගකිවයුත්තන්ගෙ ඇස් ඇරෙනවා නම් කොච්චර හොඳද?සිංහලුන් බෞද්ධයන්, දෙමළ හින්දු භක්තිකයන් වාගෙම කතෝලිකයන් ද හරක් මස් අනුභවය කරන්නෙම නැති තරම්.ඉතින් මේක නවත්තන එක අවශ්‍ය නම් අමාරු නැහැනෙ. ගව මස් කන අයට පිට රටින් ගෙන්වලා දෙන්න පුලුවන්. කුළු ගෙඩියකින් ඔලුවට ගහන්නෙ කකුල් හතර බැඳලා මොන තරම් අමානුෂික, දරුණු විදියට ද ? අඩු තරමින් මේ මරණ දරුණු විදියවත් නවත්වන. ඒක රටටම ගුණයි.නැත්නම් ආයෙත් සුනාමි, නායයාම් අනපේක්ෂිත් දරුණු විනාශ වලින් රටම විනාශ වෙනවා නියතයි. ස්වභාව ධර්මය හැමට දඬුවම් කරන්නෙ අනපේක්ෂික විදියට.මුලින් ඉලක්ක වෙන්නෙ මේවා කරවන කරන අයයි..අනුබල දෙන අයමයි (නි)
අපවත් වුණා කියා කිවුවට මේක සියදිවි නසාගැනීමක් (නි)
අනේ මාවත් අමතක කරන්න එපෝ. මම කක්කුට්ටෙක්මි.(නදී)
ඇස් අරේවිද මන්ද මිනිස්සුන්ගේ (ස)
මාව උදේටත් කනවා, දවල්ටත් කනවා, රැටත් කනවා, බොනකොටත් කනවා, ලෙඩ උනහමත් කනවා, හොඳ උනහමත් කනවා, මං ගැන බලන්න කවුරුත් නැද්දෝ. මම බිත්තරයකි.(නදී)
අමල්, කොටි ගහනකොට මාලිගාවවත් ආරක්ෂා කරගන්න බැරිකොට, දළදා හාමුදුරුවෝ කොහොමද ඔයාලට ආරක්ෂාව දෙන්නේ ? (නි)
හාමුදුරුවෝ ගිනි තියා ගැනීමට පෙර ටී.වී. චැනල් වලට වොයිස්කට් දීල තියෙනවා. ඊට පස්සේ එයාලා හාමුදුරුවෝ ගිනි තියාගන්න හැටි පෙන්නනවා. එතකොට හිතෙනවා නේද ඒ චැනල් පවා මේ වැඩේට සම්බන්ධයි කියලා. තමනගේ ප්‍රවෘත්ති ජනප්‍රිය කරගන්න ඕනම ජඩ වැඩක් කරන නාලිකා වර්ජනය කළ යුතුයි. (ස)
සිරි සගබෝ වේවා, මේ හිමි වේවා, කව්රු හෝ වේවා බුදුන් වහන්සේගේ ධර්මය අනුව නම් අරමුණ කුමක් වුවත් සිය දිවි නසා ගැනීම අපාගතවෙන පාප කර්මයකි. සිය දිවි නසා ගැනීමෙන් වාර්තා පිට වාර්තා තබා සිටින අපේ සිරි ලංකාව , මහජනතාව ,ටිකක් හිතන්න. බුදුන් දෙසු ඒ උතුම් දහම අද අපිට නැවත ලබාදෙන්න ඉන්න බුද්ධ පුත්‍රයන්ම ප්‍රසිද්ධ මහජනතාව ඉදිරියේ ,බුදුන් වහන්සේගේ ධර්මය මේ විදියට කඩනවා ජනතාව ගැන කුමට වෙන කතාද? කෝ මේ අපේ මහා නායක හිමිවරු, සංඝාධිකරණය ,කෝ සංඝයා වහන්සේලාට පැනවූ නීතිය? ඒ එදා. අද සියල්ල වල් වැදී ඇත (නි)
හිත දැඩි චරිතයක්. වැඩ ගොඩක් කරන්න තිබුන හදවතක්. එය ලක් මාතාවට අහිමිවීම පාඩුවක්.මතු උපන් අත්බවෙක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා. මලක් පහනක් පුදන විටක ඔබ වහන්සේට ත් ඒ පින් ලැබී සසර ගමන කෙලවර නිවන් දකීවයි පතමු. (ස)
මේ හාමුදුරුවන්ට ප්‍රශ්න තිබුණා. (ස)
බුදු හමුදුරුවො බෝධිසත්ව කාලේ තම ජීවිතය පුජා කරපු අවස්ථා අපි අහල තිබෙනවා. මේ ස්වාමින්වහන්සේ ජීවිතේ පුජා කලේ රට ජාතිය ආගම පළිබඳ තිබෙන අවංක හැගීමකින්. මෙහි පල විපාක නොදැන කල වැඩක් විය නොහැක. අපේ රටේ මිනිසුන්ගේ ඇස් අරින්න පාලකයන්ගේ ඇස් අරින්න රටේ සිදුවන අපරාධ බලන් ඉන්න බැරිම තැන ජීවිතේ පුදා හෝ මෙම අරමුණ ඉටුවේවා! කියා පතාගන කල මේ උතුම් ජීවිත පුජාවට මම ඔබ වහන්සේට ගරුකරමි. ඔබේ ජීවිත පුජාවෙන් අපේක්ෂා කල රටක්!ගව ඝාතනය පමණක් නොව මනුෂ්‍ය ඝාතනයෙන් ද තොර රටක් බිහිවේවා! ඔබට අජරාමර නිවනට මෙය කිසිත් භාධකයක් නොවේවා! (ස)
මට නම් අත තියන්න එපෝ, කවුරුවත් මාව මරන් කන්න හදන්නේ නැතෝ. මම අරක්කු වෙමි.(නදී)
මේ හාමුදුරුවෝ සිය දිවි නසා ගත්තේ මානසික ආතතිය (ඩිප්රේෂන්) නිසා. මේක තමයි මේ සිද්ධියේ විද්‍යාත්මක පැත්ත. අපි මේක බදාගෙන පාරවල් වහගෙන , ගුටි අනාගෙන දේපල සහ ජිවිත විනාශ කරගන්න එකේ තේරුමක් නැහැ (නි)
කුසුමා, ඔයා හරි මටනම් පෙනේ හරකුට තියන මොලේවත් මේ හාමුදුරුවන්ට තිබිල නෑ වගේ. (ස)
අනුමත කළ නොහැකි දෙයකි. නමුත් ඔබ වහන්සේට නිවන් සුව පතනවා. (ස)
අනේ මට නම් තේරෙන්නෙ නැහැ, සමහරු පින් බිම කියලා තියෙන්නෙ ඇයි කියලා මේ භූමියට? (නි)
දැන් ගව ඝාතනය විරුද්ධ එක තැනැත්තෙක් අඩු උනා. වාසිය කාටද? යමක් වෙනුවෙන් මැරෙන එකද නැතිනම් ජීවිත කාලයම ඒ වෙනුවෙන් කැප කීරීමද වඩාත් පලදායි වෙන්නේ?(නදී)
දැන්වත් නැගිටලා බලාපල්ලා ජාතියට මොකද වෙලා තියෙන්නෙ කියලා. හිමියනි, ඔබට නිවන් සුව! (නි)
මෙතන අපවත් වුණු හිමියන්ට විරුද්ධව අදහස් දමන අය අහන්නේ සියදිවි නසාගන්න බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ නේද කියලා. ඔයාලා කියන විදිහටම ඉන්න අයද? පවු පුරවා ගන්නෙ නැතුව ඉන්න. මේ සත් ක්‍රියාව අගය කරන්න. ආත්මාර්ථකාමී කුහක සමාජයේ මිනිසුන් අතර අති දුර්ලභ හිමිනමක්. තමන්හේ ජීවිතය පුජා කලා මිසක් පවක් කරගත්තේ නැහැ. විදේශවල ඉඳගෙන බණ දන්නෙ නැතුව මුදල් පසුපස යන මිනිසුනේ, පරිගණක දැනීම බුදු දහම දැනීම නොවේ. (නි)
අංහිසක සිංහල යාගේ, සතා සිවි පාවාගේ හෙට දින සුඛ විහරණය වෙනුවෙන් ඔබ වහන්සේ කළ මෙහෙය අමිලයි. මතු ජාතියකදී වත් ඔබ වහන්සේට මෙවැනි අකල් අපවත් වීමක් සිදුනොවේවායි සිංහල බෞද්ධ අප හැමගේ එකම ප්‍රාර්ථනයයි. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණාව බෝධය පිණිස මේ කරන ලද ජීවිත පූජාව හේතු වාසනා වේවා!(නදී)
නිවන් සුව ! කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කල යුක්තේ මෙම ක්‍රියාව කිසිසේත් බෞදාගමට සුදුසු නොවේ. මෙයට වඩා බුද්ධිමත් අකාරයෙන් කටයුතු කල යුතුය. තරුණ භික්ෂුවක් මෙලෙස අපවත් වීම ඉතාම කණගාටුදායකය. මට එක වරක් මෙම භික්ෂුව හමු වී ඇත. මට මතක විදියට උන්වහන්සේ දකුණු පළාතේය (ස)
බලදරිනි, අපේ සිංහල ජාතිය වෙනුවෙන් ජීවිතය දුන් මේ හාමුදුරුවන් වෙනුවෙන් දැන්වත් යුතුකම් ඉටුකරනු! සිංහල බෞද්ධ දේශය බටහිර ක්‍රිස්තියානියෙන් අවුරුදු 550 කට අධික කාලයක් බැටකෑවා ඇති. අද මුස්ලිම් අන්තවාදයත් බටහිර ක්‍රිස්තියානියත් අපේ සිංහල දේශය විනාශ කරමින් සිටි. බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයෙනුත්, බටහිර ක්‍රිස්තියානි චින්තනයෙනුත් , බටහිර ක්‍රිස්තියානි ආහාර සංස්කෘතියෙනුත් අපිට නිදහස අරන් දෙනු. මෙයයි මේ ස්වාමින් වහන්සේ ජීවත දීමට හේතුව. සිංහල බෞද්ධදයිනි අවදි වෙවු! මෙවැනි වටිනා ජීවිත වලට ණය නොවවු! (නි)
මෙහි අදහස් දක්වා තිබෙන බොහෝ අය, මේ හාමුදුරුවන්ගේ ක්‍රියාව හරි හෝ වැරදි බව තීරණය කිරීමට පෙර තමුන්ගේ සිත් වලින් විමසා බලන්න තමුන් හරිද, වැරදිද කියලා. තමුන්ගේ ගව මස් කෑමේ රුචිය සාධාරණිකරණය කිරීමට විවිධ තර්ක ඉදිරිපත් කරලා තියෙනවා. බුද්ධ වචනයට අනුව 'අත්තානං උපමන්කත්වා නහනේයියන ඝාතයේ' ''තමුන් හිංසාවට හෝ ඝාතනයට ලක්වීමට අකමැති බව උපමාවට ගෙන අනෙක් සත්වයන්ට හිංසා නොකරන්න, ඝාතනය නොකරන්න' (නි)
ද සිල්වා, බටහිර ක්‍රිස්තියානි දැනුම කට පාඩම් කරගෙන වැමෑරීම නවතනු. සිංහල සංස්කෘතිය තනි කිරීමට කුමන්ත්‍රණය නොකරනු.(නදී)
හමුදුරුවන් පෙන්වා දුන්නේ ගව ගාතනය පමණක් නොවේ අන්යගමිකකරණය පනතත් ගෙන්න කියල ඒ කිසි දෙයක් ගණන් නොගත් රටේ නයකොයෝ නිකන් හිටිය නිසා හැමදෙනාගේම අවදානය යොමු කිරීම උදෙසා ජීවිතය පුජාකළ දෙනවත් රට පාලනය කරන අයත් පාර්ලිමේන්තුවේ ඉන්න නායකයෝ කියාගන්න අයත් දැන්වත් උන්වහන්සේට ගෞරවයක් ලෙස පනතත් ගව ගාතනය තහනම් කරන්න උනන්දු උනොත් තමුන්ලගේ නායකකම් ගැලවෙන්නේ නැතුව ඉදිරියටත් තිබේවි නැතිනම් ඔය අවසන් වතාව වෙන්න හැකියි නායකම් කියාගෙන ඉන්න එසේ නොවී බුද්දීමත්ව ඉල්ලීම් 2 ඉටුකරොත් ගවයන්ටත් ඔබලගේත් ජිවිත රකෙවී ඉද්රියටත් (ස)
1.දිනකට ලංකාව තුල නුපන් බිළිඳු කළල 750 ත් 1000 ත් අතර ගබ්සාවට ලක් කෙරේ. මෙය වසරකට බැලුවහොත් බිළිඳුන් 300,000 කට අධික වේ 2.ලංකාවේ සිටින සමස්ථ භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාව 37,000 කි. නමුත් ගණිකාවන් සංඛ්‍යාව 50,000 කට ආසන්න බවට ගණන් බලා ඇත. 3 2013 වසර වන විට ලංකාව ලොව වැඩිම ඒක පුද්ගල මත්පැන් පානය කරන රටවල් අතර 5 වැනි ස්ථානයට පත්වී ඇත. වසර 2005 දී අප සිටියේ 69 වන ස්ථානයෙහිය. 4. ලංකාව තුල දිනකට ස්ත්‍රී දුෂන 5කට අධික සංඛ්‍යාවක් සිදුවන බව මාධ්‍ය මගින් වාර්තාවේ. 5. රට තුල කැසිනෝ, රේස් ඇතුළු සුදුව සම්පුර්ණයෙන්ම මුල් බැස ඇත. මෙම ප්‍රධාන කරුණු වලට අමතරව තවත් දේ ගොනු කිරීමට හැක. මිනිසුන් වන අප තුල ඇති මෙම ප්‍රශ්න වලට විසඳුම් සොයන්නේ නැතිව ගවයන් කෙරෙහි පමණක් විරෝධය පෑම විහිළුවක් බව මගේ අදහසයි. (නි)
චේතනහං භික්කවේ ඛමමන් වදාමි. මෙතන චේතනාව ඉතා පිරිසිදු එකක්. එහෙනම් බුදු බනේ හැටියට වරද මොකක්ද? (ස)
වෙන රටවල නම් මෙලහකට ඔබවහන්සේ වීරයෙක්. එහෙත් බෞද්ධ රටේ මේකත් විවේචනය කරන අවස්ථාවාදී අත්මාරතකාමී මිනිසුන් අතරේ ඔබවහන්සේ මතු නොඉපදේවා! මෙම සිදුවීමට විරුද්ධව අදහස් දාන පව්කාර මිනිසුනි, මුලින්ම බුදු දහම ඉගෙනගන්න. ඉන්පසු අදහස් දමන්න, මෙම කැපකිරීමට ගරහා පාපයක් සිදු කර නොගන්න (නි)
@ රන්දික ෆෙනන්දු : බුදුහාමුදුරුවෝ(බෝධිසත්වයෝ කාලේ) සිරුර දන් දුන්නම ඒක දිවි නසා ගැනීමට පුර්වධරශයක් නොවෙයිද? සමහරු දැන් කියයි ඒක සාහිත්‍යය සහ සද්ධර්මය දෙකක් කියල . මටනම් හිතෙන්නේ ස්වයන් විනයක් හදා ගන්න තිබුණු යහපත් ධර්මයක් අන්තවාදීන් අතට ගිහින් දැන් අච්චාරුවක් වෙලා වගෙයි. (ස)
හිමියණි ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා.. මේ හිමියන් දැන් අපවත්වෙලා අවසන් ඒක නිසා මෙහි උන් වහන්සේට දොස් කියමින් අදහස් දමන අය බොරු පණ්ඩියෝ වෙන්න ගිහින් පව් පුරවා ගන්න එපා. මියගිය කෙනෙකුට දොස් කියන්න බණ පද කියන්නේ බොරු පණ්ඩිතයො. සිදුහත් බෝසතානෝත් අතීත බවයක තම වර්ගයා වෙනුවෙන් දිවි කැප කරලා තියෙනවා.කවරෙක් මිය ගියත් ඔහුට දොස් කියන්න මෙත් සිතකින් කරන්න බැරිබව මේ පණ්ඩිතයෝ දන්නෙ නැද්ද? (ස)
ස්වාමින් වහන්සේට නිවන් සුව පතමි! අඩුම ගානේ වෙසක් පෝය දවසේ මහනුවර දිස්ත්‍රික්කයේ හරක් මරණ එක නවත්වන්න මහ ලොකු කාටවත් බැරි වුණා. ඔය අයගේ ඔක්කොම කෙරුම් කතාවට පමණි. (නි)
ස්වාමින් වහන්සේට නිවන් සුව අත්වේවා! සිංහල ජාතියට කෙනහිලිකම් කරලා අදහස් දක්වන උන් නරකදියේම උපත ලබත්වා! (නි)
ලංකාසිරි ඔබ හරි. සස ජාතකයේ හාවා ගිනිමැලයට පනින්නේ මාංස පාරමිතාවට. සස පණ්ඩිතයෝ නම් බුදුරජාණන් වහන්සේ ය. අහිංසක සතුන් වෙනුවෙන් සහ අසරණ ජාතියක් වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ ඔබවහන්සේ ගේ අධිශ්ටානය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබවහන්සේට අමා මහා නිවන් සුව අත්වේවා! (ස)
ඔබට නිවන් සුව හිමියනි! (නි)
ඔබ වහන්සේට නිවන් සුව.! (ස)
හරක කියන සතා තරම් මිනිසාට ප්‍රයෝජනවත් වෙන සතෙක් නැත. පොඩි දරුවාගේ ඉඳලා මැරෙන මහල්ලා දක්වා ජිවත් වෙන්න කිරිටික දෙන්නේ මේ සතා. ඒ සතාගේ කිරිබිලා මස්ටික කන අයට කවදාවත් හරියන්නේ නැහැ. ජිවිතේ කොයි කාලේ හරි නොයෙක් ලෙඩ හැදිලා තමයි ඒ අය මැරෙන්නේ. ඒක තමයි මේ ආත්මෙදීම ලැබෙන දඬුවම (නි)
දැන්වත් මාහානායක භාමුඳූරුවරුන්ගේ දෑස් පැඳේවා! සැම පන්සලකම කෝවිලකම කැට ඵකතු කර නගර සහා ටෙන්ඩරය ලබා ගෙන මස් කඩ වසා දමන්න. වග කිය යූතු කමිටුවක් දමලා සිංහල නියෝජනයෙන් සාඳන්න. අපගේ සාභායද ළබා දීය භැකිය. ඔබ වහන්සේට නිවන් සූව පතමි. (නි)
මහා හඩක් නැගු හිමිනමට නිවන් සුව අත් වේවා! (නි)
කෑම වේලට හරක් මස් කෑල්ල නැතුව බැරි බොහෝ බෞද්ධයන්ට මොන මස්කඩ වැහිල්ලක්ද? හාමුදුරුවරුන්ට දානෙට මස් මාංශ නැත් නම් ඒක සලකන්නේ දුප්පතුන් දුන් දානයක් ලෙස. අනික ඔය දළදා මාලිගාවේ වගේ පෙරහැරවල බෙර වලට හඬ දෙන්නෙත් ඔය මරණ හරකට පින් සිදුවෙන්නනේ. (නි)
තව එදිරියේදී අපේරටට මොනවා වෙයිද දන්නේ නැහැ. ගව ඝාතනය සහමුලින්ම ඉවත්කරන්න . අපි ලාංකිකයෝ වශයෙන් පෙලගැසෙමු. සියළු දෙනා වෙනුවෙන් හිමිනම අපවත් වුනේ අපේ අවාසනාවට (ස)
රටක් හැදිය හැක්කේ යහපත් පාලකයන් සිටියහොත් පමණි. ලංකාව ගෙන කතා කර පලක් නැත. දිනෙන් දින යන්නේ අගාදයට පමණි. සියලු පැතිකඩ වලින් මිනිසුන් පිරිහී ඇත. දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ රටට යහපත් පාලකයන් ඉක්මනින් බිහි වේවා. (නි)
ගව ඝාතනයට එරෙහිව දැන්වත් පෙළගැසෙමු (නි)
අපේ ඉන්ද්‍රරතන හාමුදුරුවනේ ඔබ වහන්සේ ජීවිතේ පූජා කරේ බොහොම පින්බර කටයුත්තකට...මේ ලොවේදී සියැසින් දුටු ශ්‍රේෂ්ටතම හිමිනම ඔබවහන්සේය..ඔබ වහන්සේට අමා මහා නිවන් සුව අත්වේවා..ගව ඝාතනය මේ පින් බිමෙන් තුරන් කිරීමට ඔබ කල කැපකිරීම අපට දිවි ඇතිතෙක් අමතක නොවේ...යම් දිනක අප අපේ දරුවන්ටද ඔබවහන්සේගේ මේ ශ්‍රේෂ්ට කැප කිරීම සිහිකරන්නෙමු...ඔබ වහන්සේ නැති පාඩුව ඉක්මනින් අපට දැනෙනු ඇත. (ස)
ඔබ වහන්සේ කරන්න ගිය වැඩේ උතුම් වැඩක් නමුත් අතීතයේ මෙන් මෙවන් වැඩ කරලා මේ නීති වෙනස් කරන්න බැහැ (දී)
හිමි නමක් පමණක් නොවෙයි අපි සිංහල බෞද්ධ සියලුදෙනා ගව ඝාතනයට විරුද්ධ විය යුතුයි.හාමුදුරුවන් වහන්සේ සිදුකලේ සමස්තය නියෝගනය කිරීම.අප සැම ඒ නිසාවෙන් ගව ඝාතනය පමණක් නොව සමස්ත සත්ව ඝාතනයම පිටුදැකිය යුතුයි (නි)
ගුණානන්ද හිමියනි, හොඳ පැහැදිලි කිරීමක්. රට ජාතිය බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට නිවැරදි මග පෙන්වීමක් මහජනයාට ලබාදිය යුතුය. (නි)
දිවි පිදු හාමුදුරුවෝ දන්නවා චේතනාහං භික්කවේ කම්මන් වදාමි කියන එක ඔබට නිවන් සුව (ස)
ඔබවහන්සේට අමාමහ නිවන් සුව. ඔබ උත්තම වීර චරිතයක් අපෙ හාමුදුරුවනේ. දැන් වත් හරක් විකුනනකොට උන්ට බෙහෙත් දීල විකුනන්න. එතකොට කන උන්ට හරි යන්ඩ.. (ස)
එක පාදිලිවරයෙක් වත්, පුසාරියෙක්වත් ,ලෙබ්බේ කෙනෙක්වත් නොකරන උතුම් කැපකිරීමක් ඉන්ද්‍රරතන හාමුදුරුවෝ කලා. උන්වහන්සේගේ ඇඹිලිපිටි අනුරාධපුර පාගමනේ යන එක. උන්වහන්සේ පැහැදිලිවම කියනවා මත්පැන් ,දුම්වැටි ,හා දුරාචාර මෙරටින් තුරන් කලයුතු බව. මට ඒ පාගමනේ අවස්ථාවන් වීඩියෝ පට දකින්න ලැබුනා හරිම සංවේග ජනකයි.(නදී)
බෞද්ධාගමට නිසි තැන නොලැබුණු කාලේ අනගාරික ධර්මපාලතුමා, ඕල්කට්තුමා ගිනි තබා ගත්තද? (නි)
සීලා..ඔයා වගේ මෝඩ තකතීරු කෙනෙක් වෙන්න බෑ උන් වහන්සේ..මියගිය අයට බැනලා දොස් කියන්නෙ ඇයි ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ උන් වහන්සේ අපවත් උනාම.ඔයාට ඕනෙම නම් හරකෙක් ගෙදර ගෙනත් මරාගෙන කන්න. (ස)
මටත් කියන්න තියෙන්නේ අර කුසුම් කියන දෙයමයි. (නි)
උන් වහන්සේ අපවත්වූයේ නොමැත.... මිනිස් වෙස් අතහැර දෙවියකු බවට පත්විය..... උන්වහන්සේ සිහිකරනු වස් සොහොන්කොත නොව, මලින් පුද දෙන දෙවොලක් සදාපල්ලා..... රටරකිනු වස් උන්වහන්සේටම බාර පඩුරු ගැට ගහපල්ලා.... උන් වහන්සේ දේවත්වයෙන් පුදපල්ලා........ (ස)
කෑම වේලට හරක් මස් කෑල්ල නැතුව බැරි උදවියට බුදු බන මතක් වෙලා. සමහර කොමෙන්ට් දාපු අය බුදුන්ටත් වඩා ධර්මය දන්න හැඩයි.. බොරුවට මේ හාමුදුරුවන්ට අපහාස නොකර කියන්නකෝ අපිට මස් නැතුව කන්න බෑ කියලා සතෙක් ගේ ජීවිතය රැකීම වෙනුවෙන් , බෞද්ධයා රැකීම වෙනුවෙන් ජීවිතය පූජා කරපු හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා. සිංහල නම් වලින් අපහාස ප්‍රකාශ කරන අය කවුද කියලත් දන්න මිනිහා දන්නවා (ස)
සිරිවර්ධන ඔයා මොලේ උඩ ඉඳගෙනද ඉන්නේ. මෝඩ කතා කියන්න එපා.(නදී)
දැනගෙන ගියොත් අපි කවුරුත් කතරගම, නොදැන ගියොත් අතරමග (නි)
මේ ගව ඝාතනයට මුස්ලිම් අයටම ඇගිල්ල දික් කිරීමම වැරදියි. අපේ ආගමේ මස් වැද්දනුත් ඉන්නවා. (ස)
වැඩි වෙන ජීවන බර දරාගන්න බැරුව අහිංසක මිනිස්සු දවස ගානේ මැරී මැරී උපදිනවා. මෙහම ගියොත් සිංහලයා නිකන්ම වන්දවෙලා යාවි. (ස)
බුදු දහම ගැන මුලික දැනුමක්වත් නැතුව සිව්රක් ගෙන හිටියේ කොහොමද කියල මට හිතෙනවා (ස)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ මීට ටික මොහොතකට පෙර අපවත් වී ඇති බව දැන ගන්න ලැබුනම කියා ගන්න බැරි වේදනාවක් සමස්ත සිංහල ජනතාව තුලම ඇති වුනා,එය කිසි දා දිය කර යැවිය නොහැකී,දේශ පාලනය වෙනුවෙන් මුදල් වෙනුවෙන් අනෙකුත් ප්‍රශ්න වෙනුවෙන් කෑමොර දෙන තිරිසන් ජනතාවක් සිටින මේ තිරිසන් ලෝකයේ,අහිංසක සතුන් වෙනුවෙන් ඔබ වහන්සේ ගේ ජීවිතය පූජා කිරීමට තරම් ඔබ වහන්සේ උතුම් වූයේ කෙසේද යන්න අප හැමට දැනෙන පැනයකි,ඔබ වහන්සේ එතරම් උත්තරීතර හිමි නමක් අපේ හාමුදුරුවනේ,අපිට අවශ්‍ය වෙලාවෙ ඔබ වහන්සේ අපි ලඟ නෑ, සමස්ත ජනතාවෙනි,උන් වහන්සේ ජීවිතය පූජා කර ඉල්ලා සිටි ඒ අහිංසක උතුම් අරමුන ඉටු කරන එක ඔබ සතු යුතුකමකි,එය අප සතු යුතු කමකි,දැන් වත් නැගිට පෙළගැහෙමු,උන්වහන්සේ අප අතර නැතිවුනත් උන්වහන්සේගේ ඒ උතුම් අරමුන ජීවමාන කරමු,එය අප වගකීමයි එය අප යුතුකමයි,කෙලෙහි ගුණ දන්නා සිංහයිනි ඔබටයි මේ ලිපිය,දෙවරක් නොසිතන්න,මෙය අපේ යුතුකමයි.... (ස)
හෙට උතුරේ කෙනෙක් දෙන්නෙක් ස්වයං පාලනයක් ඉල්ලලා ගිනි තියා ගත්තොත් දෙනවද? (නි)
අපේ හාමුදුරුවෝ බෞද්ද ලන්කිකයෝවෙනුවෙන් ජිවිත දනය දුන්න ..... (ස)
මේකේ අදහස් පල කරලා ඉන්න සමහරක් පොඩි කාලේ බීලා තියෙන්නේ මාළුන්ගේ, කුකුලන්ගේ ඌරාගෙ හෝ වෙනත් සත්තුන්ගේ කිරි වෙන්න ඇති. ඒකනේ ඒ සත්තුන්වත් හරකට සමාන කරලා කතා කරන්නේ. තමන් බෞද්ධ කියලා හිතන් ඉන්න උදවිය කියනවා හාමුදුරුවෝ කරලා තියෙන්නේ පාපකර්මයක් කියලා. එතකොට බුදුවෙන්න පෙරුම් පිරූ අපේ මහ බෝසතාණන් එක් භවයක කුසගින්නේ සිටි දිවියෙක් තම පැටවුන් මරන් කන්න හදද්දී තමාගේ සිරුර එම දිවියා වෙනුවෙන් ගොදුරු කරපු එකත් මහා පවක් වෙන්න ඕනැනේ. අනේ මෙහෙමත් බෞද්ධයො? බුදුහාමුදුරුවෝ දේශනා කලේ පව් පින් වලට හේතු වෙන්නේ චේතනාව කියලනේ. අඩුම ගානේ ඒ ස්වාමින් වහන්සේ මේ රටේ ඉන්න කකුල් දෙකේ හරක් වෙනුවෙන් හරි කරලා තියෙන්නේ ලොකු ජිවිත පරිත්‍යගයක් (නි)
රට දැය සමය රැක ගත්තේ චීවරයයි. හිමි නමට නිවන් සුව ලැබේවා . (ස)
මේ ලෝකය මිනිසාට වගේම සතුන්ටත් හිමියි. (නි)
ගව ඝාතනය ශ්‍රී ලංකිාවෙන් තුන්ර් කරමු. (ස)
මුලින්ම මේ හාමුදුරුවන් වහන්සේට නිවන් නොලැබ යලි අප අතරම ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ වගේ ධෛර්යක් තියෙන් බෞද්ධයන් අපේ රටට ඉතාමත් අවශ්‍ය කාලයක් මේක. ඊලඟට මෙහි සතුන් මෙන් අදහස් පළකරල තියෙන, තමාගෙ නමවත් හෙලිකරන්න බැරි තුච්ඡ නිවට නපුංසක අන්‍යාගමිකයන්ට(නිරාගමිකයනුත් ඇතුළුව) කියන්න තියෙන්නෙ "බෞද්ධයන්ගෙ දේවල් බෞද්ධයො බලාගනී, ඔය නපුංසක රැලට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන්න. ඉතින් ඔයාලාට ඔච්චරම ඕනෑ නම් හරක් නෙමෙයි මිනිහෙක් මරාගෙන කාලා හරි තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න" කියලා තමයි. (නි)
ලංකාවේ මනුස්ස ඝාතන වලට විරුද්දව දිවි පුදන්න කව්රුත් නැද්දෝ??? (ස)
කරුණු දැන මේ කැප කිරීම කළ ඔබ වහන්සේට අමා මහ නිවන් සුව. (නි)
කුසුම ඇතුළු මේ හාමුදුරුවන්ට අපහස කලඅයට හරකෙකුට තරම්වත් හදවතක් නෑ. ඇමෙරිකාවට විරුද්දව වියට්නාම හාමුදුරු නමක් ගිනි තියාගත්තු අවස්ථාවේ මුළු රටම දුක් උන. ලංකාවේ මිනිස්සුන්ට මේකත් විහිළුවක්. මෙරටේ පාලකයින්ට ඕන මුස්ලිම් ඡන්ද. එනිසා ගව ගාතනය නවත්තන්නේ නැත.
අපවත් වූ ස්වාමින්වහන්සේ මතු ආත්ම වලදී මෙවන් අකල් මරණයකට පත් නොවේවා යයි පතමි.හරක් මසට ලොල් වූ අයට මේ ස්වාමින් වහන්සේගේ අරමුණ විහිළුවක් වී ඇති බව පලකර ඇති අදහස් වලින් පෙනී යයි .මේ අයගේ මස් කෑම ඒවාට වස දැම්මත් නැවත්වීමට අපහසුය. (නි)
ජනාධිපතිතුමනි. දැන්වත් තීරණයක් ගත්තොත් හොදයි නේද ඔබට ගව ඝාතනය තහනම් කළ හැකියි නේද ? ඔබ් ඒ දේ කළොත් නැවතත් වරක් ඔබව අපේ ජනාධිපති කරවීමට කැපවෙනවා වෙනවාමයි. (ස)
අපේ රටවෙනුවෙන් හාමුදුරුවෝ දිවි දුන්න ........... (ස)
පළවෙනි පන්සිල් පදය සතුන් මැරීමෙන් වළකිමි. නමුත් ගිහියන්ට මස් කන එක වැරදි නැහැ. ලෝකෙම හරක් මස් පිටරට පටවන මුල් තැන ඉන්දියාව. (නි)
මොන බෞද්ධයටද සංවේගයක් නැතිවෙන්නේ මේවගේ දේවල් ගැන. අපි අන්තවාදයට විරුද්ධ මේවගේ මරණ වලක්වගත යුතු නිසා. යම් සත්කාර්යයක් වෙනුවෙන් ජීවිත් පුජා කිරීම උතුම් කාරණයක්. නමුත් එය කල යුත්තේ බුද්ධිය ක්‍රියාත්මක කරලා (බුද්ධියට තමයි බුදුදහමේ ප්‍රමුඛත්වයක් තියෙන්නේ). මේ මරණයෙන් ලංකාවේ ගව ඝාතනය නවත්වෙන්නේ නැතිබව සියල්ලන්ම දන්නා කරුණක් . අනික ගවය පුජනීය වන්න හින්දුන්ට . අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවේ ගව ඝාතනය අවමයි. මස් සඳහා ඇතිකරන ගව පට්ටි අවමයි (නැත්තේම නැති තරම් )මෙයට වඩා මත්ස්‍ය ඝාතන හා කුකුල් ඝාතන ලංකාවේ වෙනවා. පානතිපාතාව නම් කෝකත් පානාතිපාතාව. නියම බෞද්ධයෝ ක්‍රියා කල යුත්තේ බුදු දහමේ පදනම අනුව හිතමින් මිස ආවේගශීලිව නෙවෙයි .(ස)
අම්මලා නැති ළමයින්ට කිරිඅම්මා වෙන සතාගේ මස් ටික කන්න බලන් ඉන අය ලබන ආත්මේ හරක් වෙලාම ඉපදේවා. උන්ගේ බෙලිත් මේ වගේම කැපිල යන්න ඕනේ.(නදී)
කුකුලන් වෙනුවෙන් ගිනිතියාගන්නේ කොව්ද එතොකොට? (ස)
ජනාධිපති තුමනි, පූජා පෙදෙස් අවට ඇති සුරා සැල් මස් කඩ ඉවත් කරන්න. ලංකාව බෞද්ධ රටක්.(නදී)
මම දුටුවේ එක දෙයයි. කවුරු හරි මැරෙන්න යනකොට එයාව බේරගන්න කවුරුත් නැහැ. ඒ තරමට මිනිස්සු දරුනු වෙලා. පටිගතකරලා ඒක සල්ලි කරන්න හදනවා (නි)
මේකේ කොම්මෙන්ට් කරලා තියෙන සමහරු නිවන් දැකපු ය වගේ , බොරු කාරයෝ. හැම පෝයටම සිල් අරන් ඔප දූප කතාකරල ගෙදර ඉන්න ලේලිටයි බෑණටයි බැනල බැනල ගෙදර යන උදවිඅ වෙන්න ඕනේ, අනේ මන්ද, උන් වහන්සේ සියදිවි නසාගත්තේ හොර ගෑනුන්ගේ ප්‍රශ්නෙකට නෙවෙයි,නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කපන තරම් ලොකු වෙනකන් නිදාගෙන ඉන්න එපා,උන් වහන්සේ අපිට වීරයෙක්.මේකේ සිංහල නම් වලින් කරන කොමෙන්ට් කරන වනචාරී උදවිය හෝ මෝඩ විදිහටඒ දිහා බලන ය කොමෙන්ට් කරන එක නවත්වන්න.හාමුදුරුවනේ සිංහල නමින් ඉන්න සිංහල ද්‍රෝහියෝ මොනවා කීවත් මම දන්නා විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ කුමක් හෝ අරමුණක් වෙනුවෙන්,ආගමේ නාමයෙන් හෝ සිය දිවි හානි කර ගත් ප්‍රථම හා එකම හිමිනම ඔබ වහන්සේ. ,ජාතියට හෙණ ගැහුවත් වගේ වගක් නැතුව වැඩ ඉන්න ලොකු අයගේ දෙනෙත් දැන්වත් වර වේවා කියා මා ප්‍රර්ථනා කරනවා.අපේ රණ විරුවන් ජීවිත පුජ කරලා බේරගත්ත උතුරට ඉඩම්,පොලිස් බලතල දෙන්න කියන අය සමග බලන කොට ඔබ වහන්සේ ඇති ශ්‍රේෂ්ටයි.මම ප්‍රර්ථනා කරන්නේ ඔබ වහන්සේ නැවත අප අතරේම ඉපිද මේ සිංහල බෞද්ද රට මිසදිටුවන්ගෙන් ගලවාගැනීමට වරම් ලැබේවා කියලයි.මුලනේ ගුණනන්ද හිමි 2013-05-25 22:42:24 ස්තුත්ට්යි පැහැදිලි කිරීමට. භික්‍ෂුවට සියදිවි නසා ගැනීම බරපතල අකුසල කර්මයක් නොවන්නේ මේ නිසාය.බෝවත්තේ ඉන්දරතන හිමියන් සම්බන්ධ සිදුවීම ගැන අප බැලියයුත්තේ එහි අරමුණ සමග සැසදීමෙනි.උන්වහන්සේගේ අරමුණ පටුවූවක් නොවේ.කහවණු දහසකට මිළ නියම වූ සිරිසඟ බෝ රජුගේ හිස රජු විසින්ම සිඳ දුන්නේද උදාර අරමුණක් මුල්කොට ගෙනය.අපේ දහමෙහි කිසි තැනක රජු අපාගත වූවේයැයි සදහන් නොවේ. නුතන බහුතර සියදිවි නසා ගැනීම් නම් ඒකාන්තයෙන්ම අපාගත වන අකුසල කර්ම බව කිවයුතුය.එසේ වන්නේ එහි උදාර අරමුණු නොමැති නිසාය.එම දිවිනසා ගැනීම් බොහෝවිට රාගයෙන්,ද්වේශයෙන්,මෝහයෙන් අන්ධව සිදුකරන ඒවාය.එහෙත් ඉන්දරතන හිමියන් දිවිනසා ගත්තේ එවන් පටු චේතනාවකින් නොවීම මෙම මරණයෙහි ඇති විශේෂත්වයයි. (ස)
ආගම් වාදය ඇතිකරන්න කොටසක් මේ හාමුදුරු නමට උඩගෙඩි දීල මේ පාපකර්මයට යොමුකරලා එති. මේකට උද ගෙඩි තිපුන්ව සොයල තදුවම් දිය යුතුය. (ස)
මිනිස්කමට නිගාකරන ඔය වගේ ගොන් වැඩ චීවරධාරීන් කෙසේ වෙතත් ගිහියන්වත් නොකරත්වා.මනුස්ස ජීවිතයක වටිනාකම දැනේ'වා.
එහෙනම් අපිට රිද්දෙන්නේ නැද්ද? එතකොට අපි වෙනුවෙන් කව්ද මැරෙන්නේ.(නදී)
ගොඩක් දෙනෙක් මේක පටලවාගෙන.උන්වහන්සේ මේක කරන්න කලින්ම පැහැදිලිවම කියනවා මේක සියදිවි නසාගැනීමක් නොවේ ජීවිත පරිත්‍යාගයක් කියල.ගව ඝාතනය විතරක්ම නොවේ උන්වහන්සේගේ අරමුණ උනේ.බෞද්දයන්ව අන්‍යාගමි කරණය කිරීම වලක්වීමත් අරමුණක් උනා.උන්වහන්සේ මෙය කලේ උදාර අරමුණු 2ක් වෙනුවෙන්.මේක මෝඩ ක්‍රියාවක් නම් හසලක ගාමිනිලත් මෝඩය.ඔබ වහන්සේට නිවන් සුව පතමි..(ස)
දැන්වත් තේරෙනවා නේද සිංහල නම් වලින් කව්ද ප්‍රතිචාර දාන්නේ කියලා.අහු වෙන්න එපා ජාතිය,ආගම නොමග යවන දේශ ද්‍රෝහීන්ට. (නි)
මේ වගේ දේවල් ඉන්දියාවෙන් ආවේ. අපි හිතුවේ ඉන්දිවේ නුගත් මෝඩ මිනුස්සු කියල හාමුදුරු ගොල්ලෝ මේවා කර ගන්නකොට ............ (ස)
දිසානායක කියන්නේ මතු ආත්මයේ හෝ මිනිසත් බව ලැවිය නොහැකි වෙනවාද ? අයියෝ මට දුකයි. (ස)
ලෝකයා ඉදිරියේ ලාංකික අපි අසරණ වෙනවා
කොහොම වුණත් මේ දිවි නසා ගැනීමට උදව් කළ, කැමරා කළ සියලුම දෙනාට දඬුවම් දිය යුතුය. (නි)
අපේ හාමුදුරුවනේ, ඔබට නිවන් සුව ලැබේව..! ප්‍රාණ ඝාතය ලොවෙන් තුරන් වේවා (ස)
ඔබ වහන්සේ පෙට්‍රල් ඇගට හලාගන්නා විට මම හිටියේ එතන මල් දන්සල ගාව. මමත් මගේ යාලුවනුත් හිතුවේ ඔබ වහන්සේ මනස අවුල් වූ කෙනෙක් කියලා. එත් පෙට්‍රල් සුවද එනකොට තමා දැන ගත්තේ පෙට්‍රල් හලාගෙන ගිනි තියාගන්න හදනවාද කියලා. එත් මගේ ගාව හිටපු යාළුවා එහෙම දෙයක් නැහැ කියනකොට ඔබ වහන්සේ අදනේ යටින් පෙට්‍රල් අරගෙන ගත්තු ගමන්ම ගිනි තියාගත්තද කොහේදෝ. කොහේ කියලා නිවන්නද. ලග තිබුනේ මල් දන්සලට මල් වලට දාන්නා ගෙනාව වතුර බාල්දිනේ. ඒකෙන් හැලුවට නිවුනේ නම් නහැ. ඒත් ලග හිටිය හමුදාවේ අයයි අපියි එකතු වෙලා නිව්වට ඔබ වහන්සේ ඒ වෙනකොටත් හොදටම පිච්චිලානේ. කෙසේ උවත් ඔබ වහන්සේ කල දේ කවදාවත් නැති වෙන්නේ නම් නැහැ. ඔබ වහන්සේ නිර්භීත ක්‍රියාවලියක් ලොවටම පෙන්නුවා. ගව ඝාතනය නැති කිරීමට ඔබ වහන්සේ දුන් නිර්භීත ක්‍රියාවලිය කොයිතරම් බිහිසුණුද කියලා දැක්කා. මට නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. රට වැසි මිතුරනි මේ සිද්දිය මටම අදහා ගත නොහැක. දැක්ක නිසා මට තාම දුකයි. ඇත්තටම මෙහෙම සබෑ නිර්භීත මිනිසුන් සිටිනවාද කියන එක තාමත් මට හීනයක් වෙලා. මමත් ගවමස් ඉදලා හිටලා කන කෙනෙක්. එත් එදායින් පස්සේ මම ආයේ කවදාවත් ගවමස් නම් කන්නේ නැහැ උන්වහන්සේට ගෞරවයක් වශයෙන්.(නදී)
අපේ මිනිසු දන්නෙය් දුරදිග නොබලා හිතට එන දේවල් ලියන්න ව්හිතරඊ දිවි නසා ගැනීම පාප කර්මයක්,ගිනිතියාගෙන අපවත් උනා කියලා ගව ගාතනය නතර කරෛද,නොමැරී මෙවැනි දේවල්වලට විසුදුම් සොයන්න තිබුනෙය් දවසින් දවස එක එක සේනාවල් බිභිවෙනවා මහා මිනිස් ගතන කරපු උදවිය අද රජයට හේතුවෙලා රජ සැප ව්හිදිනවා අන්න කෑගල රට ආදරය කරන කෙනෙක් මෙය විදියට ගිනි තියාගෙන අප වත් උනනානම් නිවන් සුව ලැබෙවා කියලා මමත් පාර්ථනා කරනවා (ස)
මේ සිද්දිය වීඩියො කරපු මිනිස්සු තමන්ගෙ පිරිමි කම ගෑන ලෑජ්ජා විය යුතුය්.හමුදුරුවො සිය දිවි නසා ගන්නා බව සදහන් කරද්දිත් උන්වහන්සේගෙ ජිවිතය බේර ගන්න කටයුතු කරන්න තිබ්බ. ඔය වීඩ්යෝ එකට වඩා දහස් වාරයක් වටිනව.උන්වහන්සේගෙ ජීවිතයට එයාල වග කියන්න ඕන. (ස)
අපෙ හාමුදුරැවන්ට අපහාස කරන උන් හරක් වෙලා ලබන අාත්මවල පිහිය බෙල්ලට ඒනකොට තේරෙයි උන්නාන්සෙගෙ පූඡාවෙ වටිනාකම ඔබ වහන්සේට නිවන් සුව ලැබේවෘ...! (ස)
හාමුදුරුවනේ ඔබවහන්සේ ඉක්මන් වුනා වැඩියි කියලයි මටනම් හිතෙනනේ. (ස)
ඇයි බෞද්ධයන්ට නැතිවම බැරි කුකුල්ලු වෙනුවෙන් කවුරුවත් සටන් නොකරන්නේ. (ස)
මෙහි 90% කට වැඩ ප්‍රතිචාර දක්වා ඇති බුදුන්ටත් වඩා බුදුදහම දන්නා අන්‍ය ආගමිකයන් ගෙන් බුදු දහම ඉගෙන නොගන්න ලෙස මෙය කියවන සිංහල බවුද්දයන්ගෙන් ඉල්ලා සිටිමි.මොවුන්ට අවශ්‍ය සිංහල බවුද්දයන්ට හිමි තැන නැති කිරීම පමණි. දළදා වහන්සේ වැඩ සිටින නගරයේ පවා කෙරෙන බවුද්ද විරෝදී දේ වෙනුවෙන් කිසිවෙකුත් කතා නොකරනු ඇත. කිසිදු පාලකයෙක් කිසිවක් නොකරනු ඇත. එහෙත් ඔවුන් සමද සත්ගුණව ය සේ සැලකේ. මෙවන් වීර හාමුදුරුවන් වහන්සේලා ඔවුන්ට මෝඩයන්ය. ඔවුන්ට අවශ්‍ය සත්‍ය අපහාසයෙන් යටපත් කිරීමය. එසේ නොවුන හොත් ඔවුන්ට පැවැත්මක් නැත. (ස)
ඔබවහසේට නිවන්සුව. (නදී)
කවුරු මොනවා කිව්වත් "චේතනාහම් භික්කවේ කම්මන් වදාමි"... චේතනාව තමයි කර්මය... (නි)
මම ගවමස් කන්නේ නැ මින් මතු , ඔබට නිවන් සුව.(නදී)
ඔබ වහන්සේට අම මහා නිවනින් සැනසීම ලැබේවා!(නදී)
මේ හාමුදුරුවන් පන්සල් ඇතුලෙත් ප්‍රශ්ණ තිබිලා තියෙනවා. මීට පෙරත් මේ වගේ සියදිවි නසාගැනීමක් කරන්න ගිහින් බේරිලා තියෙනවා. දැන් ඉතින් මනුෂ්‍ය ආත්මයක් ගැන හිතන්න බෑ.(නදී)
ජීවක ඔයාගේ කථාවත් ඇත්ත තමයි.(නදී)
මේ ස්වාමීන්වහන්සෙට කරන ගෞරවයක් වශයෙන් අපි හරක් මස් කන එක නවත්තමු. එවිට ගව ඝාතනය අඩුවෙයි.(නදී)
සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්නා. බෝධි සත්වයෝ කොටි දෙකකට ජීවිතය දන් දුන්නා. උසස් අරමුණකින් එහෙම කරන්න පුළුවන් බෝසත් උතුමන්ට. අපේ හාමුදුරුවෝ ජීවිතය දුන්නේ අපේ ධර්ම ද්වීපයේ සියල්ලන්ගේම මතය එක්තැන් කරලා. රට පුරා හරක් මරනකොට දෙවියෝ ඉවතට යනවා. අහක බලාගන්නවා. හොඳ දෙවි වරු නැති එතකොට යක්කු එනවා. රට බෞද්ධයන්ට නැති වෙනවා. රටේ ඉන්න බහුතරයක් හරකුන්ට මේක තේරෙන්නේ නැහැ. අධර්මය රජ යනකොට ධර්මය නැති වෙනවා. (නදී)
රුවන් ඔයා ඔහොම කිව්වට අපේ අනිත් අයට ඕවා තේරෙන්නේ නැහැ.(නදී)
බලාගෙන යනකොට මුහන්දිරම්ගේ නථාවේ ඇත්තක් තියෙනවා.(නදී)
සස ජාතකය කියවා බලන්න.(නදී)
හිමි අහිමි වුණා (නි)
ගම්පොල සියේ දැන් වත් යනවද තවත් ජාතිය ආගම පාවාදෙන්නේ නැතුව.(නදී)
ඌරා බේරගන්න තම්බි ඉන්නවා. අපි ගැන බලන්න ඉතින් කවුරුවත් නැහැනේ (නි)
අදුරේ අත පත ගාන්න එපා. ''බණ්ඩාර පැරිසිය'' සහ ''කෙවින්'' ලියලා තියන දේවල් අවබෝද කර ගන්න. එහෙම නැතුව පිටු සිය ගණනක් ලියුවත් වැඩක් වේවිද? (නදී)