ගොවි ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබා දීමට තමා කළ යෝජනා ගොවි සම්මේලනයේ සභාපති වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා අද (02) පිළිගත් බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පැවසීය.

වී ගොවියන් මෙන්ම අනෙක් බෝග වගා කරන ගොවියන්ටද පොහොර සහනාධාරයක් ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද දිසානායක මහතා කීවේය.

ගොවි ගැටළු ගැන සාකච්ඡා කිරීමට තමා ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බව ද දිසානායක මහතා සඳහන් කළේය.

පසුගිය කාලයේ ගබඩා කර තිබූ වී මෙට්‍රික්ටොන් අසූ දහසක් රට යැවීමට තීරණය කළ බවත් ඇමැතිවරයා පැවසීය.