ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති 20 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමෙන් රිදී පදක්කමක් හිමිකරගත් ශ්‍රී ලංකික ක්‍රීඩක සුදේශ් පීරිස් අද දිවයිනට පැමිණියේය.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 148 දෙනෙකු සහභාගී වූ අතර ශ්‍රී ලංකාවට හිමි වුයේ සුදේශ් පීරිස් බර ඉසිලීමෙන් ලබා ගත් පදක්කම පමණි.
ඔහු පසුගිය 2010 වසරේදීද නවදිල්ලියේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ද බර ඉසිලීමෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට සමත් විය
ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකර දෙමින් දිවයිනට පැමිණි සුදේශ් පීරිස් පිළිගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේ විශේෂ උත්සවයක් සුදානම් කර තිබුණි.
එහිදී ඔහුගේ පියා ඇතුළු පවුලේ ඥාතීහුද, ඔහු අධ්‍යාපනය හැදෑරූ මීගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් රංජනී ජයකොඩි, නියෝජ්‍ය අධ්‍යක්ෂක අයි.පී විෙජ්රත්න, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා, බස්නාහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක ඉරෝෂ් රත්නායක සහ ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ භාන්ඩාගාරික ගාමිණී කුමාරදාස යන මහත්ම මහත්මීන් මල් දම් පළඳවා ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
දිවයිනට පැමිණි සුදේශ් පීරිස් වැළඳගත් ඔහුගේ එකම සොහොයුරා වන සුජිත් ප්‍රසන්න(25) පැවසුවේ ‘‘අයියා දැන් පවුලේ බර ඔසවා ඉවරයි දැන් ලංකාවේ බර උසුලනවා‘‘ යනුවෙනි.
තමන් ලද ජයග්‍රහණය පිළිබඳ ඔහු පැවසුවේ මෙවැනි දෙයක්
‘‘කණ්ඩායම් නායකයා ලෙස ලොකු වගකීමක් මගේ කර පිටට වැටිලා තිබුනා. අපේ සියළු ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දී මට විශාල පීඩනයක්, බයක් දැනුනා. ඒ නිසාම ජයග්‍රහණයක් ලබා ගන්නම ඕනා කියා හිතුනා. ඉතින් ලොකු ධෛර්යක් හිතට අරගෙන මම මේ ජයග්‍රහණය හිමිකරගත්තා.
මගේ රට වෙනුවෙන් කණ්ඩායම් නායකයා ලෙස රිදී පදක්කමක් ලබා දීමට හැකි වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. අපි තනි තනිව ක්‍රීඩා කළත් බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියළු දෙනා හැම විටම කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කළා.
මගේ අතක ඇති වු අබාධයක් නිසා මම මේ තරගාවලියට සහභාගී වුයේ තරමක පීඩා කාරී තත්වයකින්. මගේ වෛද්‍යවරයා මගේ අතේ වේදනාව අඩුවෙන්න වේදනා නාශක පෙති වර්ගයක් මට ස්කොට්ලන්තයේදී ලබා දුන්නා. අතේ පීඩාකාරී තත්වය නොතිබුනා නම් මට මීට වැඩි ජයග්‍රහණයකට යන්න තිබුනා කියා මම හිතනවා.
කොහොම උනත් ලබන සැප්තැම්බරයේ කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු තරගාවලිය තමයි මගේ ඊලග බලාපොරොත්තුව.
මගේ පාසැල මීගමුව ශාන්ත මරියා විදුහල. එතනින් තමයි මම බර ඉසිලීම ආරම්භ කළේ. වයස අවුරුදු 11 සිට මා මේ ක්‍රීඩාවේ නියැලූනා. මගේ මුල්ම ගුරුවරයා රංජිත් පෙරේරා මහතා. ඔහු මාව ඔහුගේ ගෙදර එක්ක ගිහින් පුහුණු වීම් කළා.
ඔහු මා ක්‍රීඩා අමාත්‍යංශයේ ජාතක පුුහුණු කරු සංචිතයේ ආර්.බී වික්‍රමසිංහ මහතාට බාර දුන්නා. අද රංජිත් පෙරේරා මගේ මුල් ගුරුතුමා මෙතන නැති උනත් මම ගෞරවයෙන් සිහිපත් කරනවා.
මට මේ ගමන එන්න එන්න දිගු මෙහෙයක් සිදු කළ මගේ පුහුණුකරු වු ආර්.පී වික්‍රමසිංහ මහතාටත් මම මේ වෙලාවෙදි ස්තුති කරනවා.
ඉන් පස්සේ මා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ක්‍රීඩා කළා. මම හිතන්නේ ත්‍රිවිද හමුදාව නිසා තමයි ලංකාවේ ක්‍රීඩාව මේ තරමින් වත් රැදිලා තියෙන්නේ.
ඒ නිසා මට මේ ජයග්‍රහණය හිමිකරගැනීමට සහය දුන් ක්‍රීඩා අමාත්‍යංශයේ, ජාතික ඔලිම්පික් කමිටුවේ, ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය ඇතුළු සියලූම දෙනාටම මම මේ අවස්ථාවේ මගේ රට වෙනුවෙන් ස්තුති වෙනවා.
සුදේශ් පීරිස්ගේ පුහුණුකරු වු ආර්.බී වික්‍රමසිංහ මහතා පැවසුවේ ඔහු ලැබු මෙම ජයග්‍රහණය සමස්ථ ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩාවේම ජයග්‍රහණයක් බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව මේ වතාවේත් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියකින් පදක්කමක් අරගෙන අපිට පුලූවන් කියා ලෝකයාට පෙන්නු බවයි.
මෙහිදී ජාතික ඔලිම්පික් කම්ටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී ගම්බඳ දරුවන් ක්‍රීඩා කරන බර ඉසිලීමේ, මල්ලව පොර සහ ජුඩෝ සඳහා පදක්කම් බලාපොරොත්තු තබා සිටියත් කෙසේ හෝ ඒවා ගිලිහී ගිය බවයි. කෙසේ වෙතත් කිසිවෙකුගේ දැඩි අවධානයකට යොමු නොවු එවැනි ක්‍රීඩා සඳහා මින් ඉදිරියටවත් වැඩි මෙහෙවරක් කිරීමට බලාපොරොත්තු වන බව කීවේය.
මේ අතර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවේ සුදේශ් පීරිස් වෙනුවෙන් මෙතෙක් කළ කී දේවල් පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බවත් ඔහු වෙනුවෙන් කළ යුතු තවත් බොහෝ දේ තවත් ඇති බවයි. කෙසේ වෙතත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව 29 වෙනි ස්ථානයේ රඳවා තැබීමට දුන් ශක්තිය පිළිබඳව තමන් සියළු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔහුට ගෞරවාදරය පිරි නමන බවද කීවාය.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරයක් කරන්නේ ට්‍රිප් එකක් යන එක (නදී)
සුබ පැතුම්! (නි)
මේ ජයග්‍රහණය රන් පදක්කමක් ලැබුණා වගෙයි මට නම් දැනෙන්නේ (නි)
අපේ සුබ පැතුම්! (නි)
මෙයට විතරයි පුළුවන් වුනේ ලංකාවේ නම තියන්න.එත් මේකට සහභාගි වෙන්න ලංකාවෙන් ගිය 100 කට වැඩි කට්ටියට ගිය වියදම කොහොමද.අපරාදේ නේද.ඒ සල්ලි වලින් වතුර නැතුව දුක් විදින අපේ රටේ මිනිස්සුන්ට පිට රටින් වතුර ගෙන්න පුළුවන්. ලොකු සල්ලියක් නිකන් වතුරේ ගියා කියල මටනම් හිතෙන්නෙ. (අ)
හරිම සතුටුයි. තව තවත් ජයග්‍රහණ ලැබේවා! (නි)
සුබ පැතුම් ! මේ ක්‍රීඩකයාට කිසියම් ඇගයීමක් නොපමාව ලැබේවි කියලා අපි හිතනවා. (නි)
හරි සතුටුයි. මේ දක්ෂ තරුණයාට අනුග්‍රහය දක්වා, ඉදිරි ජයග්‍රහණ සඳහා යොමු කිරීම බලධාරීන්ගේ යුතුකමයි. (නි)
සුබපැතුම්. (අ)
මිතුර උබේ ජයග්‍රහණය ගැන සතුටුයි. ඒ වගේම අපේ පාසැලට ලබා දුන් ගෞරවයත් ගොඩක් වටිනවා. (නදී)
නිවැරදිව සැලසුම්කර කටයුතු නොකිරීමේ ප්‍රතිපල (අ)
මීගමුවේ ශාන්ත මරියාව රටේ බොහෝ උගතුන් ක්‍රීඩකයන් බිහි කරපු උතුම් බිමක්, කාලයාගේ ඇවෑමෙන් වල් බිහිඋන තවත් සාමාන්‍යය පාසලක තත්වයට පත් වෙලා තිබුණා, මම හිතන්නේ අායෙමත් නැගිටීවි පෙර අභිමානයෙන්ම. මේ වගේ දක්ෂයන් තවත් බිහි කරාවී. මමත් ඇගෙන් එලිය ලැබූ පුද්ගලයෙක්.(නදී)
සුබපැතුම්. රටේ ක්‍රීඩාව ගැන නම් පුදුම කලකිරීමක් තියෙන්නේ. පරිපාලකයින් වගේම ක්‍රීඩකයින් ගැන. 140 ගණනක් ගිය කියනවා. අවසාන වටයටවත් අවේ කී දෙනාද? හැමදාම කියන කතාව.." අත්දෑකිම් දෙන්න අරන් ගියා කියනවා" දැන් අත්දැකීම් වලින් ඔලිම්පික් පදක්කම් ගනීද ? සුසුන්තිකාට පස්සේ කොච්චර ඕවට මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරගෙන ගියාද? - මොකක් ද උන පලේ? ඕකට සහබාගි වෙන්න පරිසාදන මට්ටමක් කියල එකක් නැද්ද? නැත්නම අනිවාර්යෙන් එක හදන්න ඕනි ඉස්ස්සෙලම. හොදම 40 -50 අරන් යන්න ඕනි. තේරුමක් නැ මේ සැලසුම්. ක්‍රීඩකයන් ඊට එහා. පැරදුනාට පස්සේ ආඩපාලි කියා කියා ඉන්නවා. " කන්න නැ, බොන්න නැ, ඉන්න හිටින්න නැ. පුහුණුව මදි" මේවගේ වැඩ "සාමුහික බොරුවක්". බහුතරයක් කරන්නේ ට්‍රිප් එකක් යන එක. හැමෝම දන්නවා. නොදන්නවා වගේ බොරු කරනවා. (නදී)
සුදේෂ්ට අපේ සුබ පැතුම්, ක්‍රීඩා බලධාරින් සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයම සමාලෝචනය කර අලුත් ජවයකින් නැගිට්ටොත් හොඳයි. අපේ පිරිහීම ගැන දුක්වෙමු. (ස)
142 දෙනෙක් ගිහින් මොනවා කරාද? මේ අයගේ වියදම් ඔක්කොම වතුරේ. මේ සල්ලි වලින් මීට වඩා ප්‍රයෝජනවත් වැඩක් කරන්න තිබුනා.(නදී)
ක්‍රීඩකයන් තරමටම නිලදාරීන් ! නිවැරදි ඉලක්කයක් නැති බවක් පෙනේ. (දී)
නිලධාරීන් 148? හිතා ගන්න පුළුවන්. (ස)
මගේ සුබපැතුම් ,එක්කෙනෙක් හරි පදක්කමක් ගෙනාපු එක ලොකු දෙයක්.148 ගියා කියනවා ක්‍රීඩකයන් කෙසේ වෙතත් නිලධාරීන් ආපසු අවදා කියන එකයි ප්‍රශ්නේ.කීදෙනෙක් එහෙ නැවතුනද දන්නේ නැහැ.ක්‍රීඩකයන්ව දිරිමත් කරන්න කවුරුත් ළඟ හිටියේ නැහැ කියල හුගක් ක්‍රීඩකයන් කියනවා. සහායකයෝ ශෝප්පින් ගිහින් .(අ)
පොදු රාජ්‍ය මන්ඩලයේ ක්‍රිඩා වලට සහබාගිවු අනික් අයට මොනවද වුනේ? (දී)
..සුදේශ් පීරිස් සොයුර ඔබට මුළු ශ්‍රී ලාංකිකයන්ගේම හද පිරි සුබ පැතුම් ..ඉදිරි ජයග්‍රහණයෙන් ඔබට රන් පදකමේ හිමි කරු වීමට අපි හැමෝම සුබ පතමු ..!!!තෙරුවන් සරණයි ..!!! (අ)
උණුසුම් සුභපැතුම් (අ)
අපේ හර්දයාංගම සුබ පැතුම් පුතේ ඔයාට! අනාගතේ තවත් ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා! සංජය අහපවූ ලිපිය හරියට කියවන්න. (අ)
මදි නේ ගිය සෙනග (දී)
උණුසුම් සුබපැතුම් ඔබට.(අ).
අපේ ජාතික වීරයෙක් මොහු , රතු දමා පිලිගත්තට මදි , මොහුට ඉදිරියේදී මෙවෙනි ජගත් සම්මාන ගැනීමට රජයෙන් උදව් ලබාදී , රටට ලබා දුන් කිර්ති නාමයට වටිනා තෑග්ගක් දෙන්න ඕනේ රජයෙන් (දී)
සුබපැතුම් (දී)
මේ වගේ දක්ෂයින්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමටත්,ඔවුන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙනුත් වගකිව යුත්තන් ක්‍රියා කළ යුතුයි. නැතිනම් අන්තිමට ස්ටාර් කෙනෙක් උනා නම් මිට හොදා කියයි.(අ)
සුබ පැතුම් (අ)
අපේ හෘදයාංගම සුබ පැතුම් පුතා! මෙයා විතරයි ලංකාවේ නම තිබ්බේ. (නි)
ක්‍රීඩාව දියුණු කරන්න ලංකාවේ දක්ෂයින් ඕන තරම් ඉන්නවා (දී)
මගෙත් සුබ පැතුම් ඔබට තිළිණ කිරීමට කැමැත්තෙමි. (නි)