මොහමඩ් මුහඩීන් සර්නාස් නිලාම් හෙවත් නිලාබ්ඩීන් නැමැති ශ්‍රීලාංකික අයි.එස්.අයි සටන්කරුවා සිය කැමැත්තෙන් එම සංවිධානයට බැදී ඇති බව අයි.එස්.අයි සංවිධානය විසින් නිකුත් කරන සගරාවක් ලෙස සැලකෙන 'ඩාබික්' සඟරාව අනාවරණ කරයි.
මොහමඩ් මුහඩීන් සර්නාස් නිලාම් හෙවත් නිලාබ්ඩීන් නැමැති ශ්‍රී ලාංකික පුද්ගලයා පවුලේ අය ඇතුළු 16 දෙනෙකු සමග එම සංවිධානයට සම්බන්ධ වී ඇති බවත් ඊට දරුවන් 6දෙනෙකුද ඇතුළත් බවත් එම සගරාවේ මගින් සඳහන් කර තිබේ.
අයි.එස්.අයි .එස් සංවිධානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසු මොහමඩ් මුහඩීන් සර්නාස් නිලාම් නැමැති මෙම පුද්ගලයා තුවාල ලැබූවන් පිළිබඳ සොයා බැලීමට යාමේදී තවත් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම ප්‍රහාරයෙන් මොහු මියගොස් ඇති බවට එම සගරාව වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් අයි.එස්.අයි සටන්කරුවකු ලෙස එම සංවිධානය අබු සුරෙහ් සයිලානි යනුවෙන් හඳුන්වනු ලැබූ පුද්ගලයා මහනුවර වැරල්ලගම, කුරුදුගොල්ල, ප්‍රින්ස් ලෑන්ඩ් පදිංචිව සිට ඇති සයදරු පියෙකු වන මොහමඩ් මුහඩීන් සර්නාස් නිලාම් හෙවත් නිලාබ්ඩීන් බවට පොලිසිය විසින් මීට පෙර හඳුනාගෙන තිබිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරාපු රත්තරන් වගේ බුද්ධි නිලධාරීන් සැවොම හිරගෙදර. රට තුළ වෙන දේ බලන්න කිසිකෙනෙක් නැහැ. වැටෙන වළට වැඩි දුරක් නැහැ. එය කොතරම් ගැඹුරුද කිවුවොත් වැටුන කෙනා බෙරිහන් දුන්නත්, උඩ ඉන්න කෙනා පහළට වැටෙනතුරු ඇහෙන්නෙත් නැහැ. (නි)
මේවා ගැන සෙවීම වටී (නි)
මේවාට ඉක්මන් විසඳුම් අවශ්‍යයි (නි)
ත්‍රස්තවාදය නම් හිසරදය කවදාද ලෝකයෙන් තුරන්වෙන්නේ? (නි)
ටෙනිසන් මහතාණෙනි , තේරුමක් ඇතිදෙයක්ලියන්න. මොවුන් ගියේ කුමන කාලයේදීද සොයාබලන්න ? සියලුදේ තමන්ගේ විරුද්ධ පාර්ශවයට පටවන්නේ නැතිව රටක් වශයෙන් කල්පනාකරන්න..(රේ)
මෙය බරපතල ලෙස සිතිය යුතු කරුණකි. එසැණින් මෙය වාර්තා කිරීම පැසසිය යුතුයි. සිය දේශපාලන වාසි තකා දේශපාලකයින් මෙම මාතෘකාව යට ගසයි. ඇත්තටම අප මව්බිබ ඉතා බරපතල ගැටලුවකට මේ ඔස්සේ මුහුණපාන බව නොරහසක්.දැනටමත් මුස්ලිම් අන්තවාදීන් ප්‍රධාන නගර වල සිය අණසක පතුරා අවසන්. මංමාවත් තුල අපට යාමට නොහැකිය.හිරිහැර එමටය. දෙමටගොඩ, කොම්පඥාවිදිය , පිටකොටුව, මෝදර , ග්‍රෑන්ඩ්පාස් සිය බහුතරය ගොඩනගා අවසන්. පාරම්පරික මුස්ලිම් වරුන්ටද ඔවුන් බලපෑම් කරයි.පල්ලි වෙත පැමිණ ඔවුන් හමුවෙන ලෙස කියයි. එහෙත් එසේ නොපමිනෙනේ අයගේ නිවෙස් වලට පැමිණ බලපෑම් කරයි.අතුරුගිරිය තුලද මෙය බරපතල ලෙස ක්‍රියාත්මක වේ.මේ තත්වය පාලනය කල යුතුව ඇත. නොඑසේනම් ලංකාවද අයි එස් සටන්කරුවන්ගේ පාලනයට නතු වන, යලිත් බෝම්බ පත්තු වන දිනයක් ලගදීම එළබෙනු නියතය, කොටින්ට වඩා බරපතල විනාශයක් ඔවුන් කරනු නියතය..(රේ)
ටෙනිසන් බොරැ කියන්න ඒපා .(රේ)
දිලිප් මත්තෙගොඩත් එකතුකරන්න .(රේ)
මිනිසුන් ආයුධවලින් ලබා ගන්න හදන දේ මොකක්ද කියල තමයි තේරෙන්නැත්තේ.එක මිනිස් ජිවිතයක් නැති කරලා තවත් ජිවිතයකට මොනවා ලැබෙනවද?.(රේ)
හයක් ආ ?.(රේ)
සිංහලය වැඩි කිරිම 2 මුස්ලිම් වැඩි කිරීම 6 යුද්ධ කරන්න ඕනේ නැ නිකම්ම යාවි.(රේ)
ශක්ති , නුවන් , ඔයාල දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවන්න. මම කිව්වේ බුද්ධි නිලධාරීන්ට වුන දේ මිසක් කාල වකවානුවක් ගැන නොවෙයි. එය එදාද මෙදාද කියා වෙනසක් නැහැ. දිලිප් ඔබ හරියටම හරි කොළඹ පමණක් නොවෙයි, රටේ ප්‍රධාන නගර හැමෙකක්ම ඔහුන්ගේ ග්‍රහණයට යටත්ව අවසන්. අපේ දේශපාලුවෝත් අද නටන්නේ ඔහුන්ගේ පදයට. (බ)
නුවන්ලා වගේ රටේ ජාතිය ආගම ගැන නොහිතන තිරිසන් ජාතිකයෝ ඉන්නකන් රට විනාශය කරා යාම වලක්කනු නොහැකිය (බ)
මගේ රටට දළදා හිමි සරණයි (අ)
මෙය පටන්ගැනීම පමණි (නි)
ත්‍රස්තවාදය මුළු ලොවටම පිළිලයකි (නි)
මේ වගේ තව කී දෙනෙක් ඇත්ද?(හේ)
අපේ මෝඩ දෙසපලුවෝ දැන්වත් මේ ගැන හොයා බැලුවොත් නරකද?(හේ)
අනේ මන්දා! ලොව පැතිරී ඇති මෙම දරුණු ත්‍රස්තවාදී ව්‍යසනයට අපිටත් මුහුණ දෙන්නට සිදුවේද දන්නේ නැහැ (නි)
ඥානසාර හමුදුරුවොන්ට බනින සහජීවන සිංහලයන්ට තරු පෙනෙන දවස වැඩි ඇතක නෙමෙයි. මාත් එක්ක වැඩ කරන මුස්ලිම් කෙනෙක් ඉන්දියන් එක්කෙනෙක් එක්ක කියල තියෙනවා ඒගොල්ලෝ සුළුතරය වුනත් ඒගොල්ලන්ට උඩින් සිංහලයට යන්න බැහැලු. මොන ආණ්ඩුව ආවත් හකීම් රිෂාඩ් ල ඇමතිලලු. (බ)
ජේ .ආර්. ජයවර්ධන ධර්මිෂ්ඨ රාජ්‍යක් කරන්න ගිහින් අධර්මිෂ්ඨ රාජ්‍යයක් කරලා අවුරුදු 17 රටේ යුද්ධයක් ඇතිකරලා රට විනාශ කළා. සිරිසේන රනිල් යහපාලනය කරන්න ගිහින් කරන විනාශය ඊට එහා බවනම් හොදින්ම පේනවා. (බ)
මරණ තුනක් ඇති සිහලුන් නින්දේය! අනේ මෙහෙමත් මෝඩ ජාතියක්...(බ)
මම නම් කියන්නේ අපේ රටෙන් මේ ත්‍රස්තවාදය හෝදලා දාන්න නම් අඩුම තරමේ මාස කිහිපයකටවත් හමුදා පාලනයක් අවශ්‍ය කියලයි. (ම)
මෙවන් කරදර නොවන්නට මගේ රටට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)
එහේ මොකද කලබල? අපේ රටේ දැන් සාමය විතරයි. ඔක්කොම සහෝදර සහෝදරියෝ (නි)