ගතවූ වසරක කාලයේ ලංකාවේ නායයෑම් සිදුවූ ස්ථාන පිළිබඳව සැලකිල්ලට ගනිමින් නායයෑම් අනතුරුදායක ස්ථාන 5000ක් පමණ විමර්ශනයට ලක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
එලෙස හඳුනාගත් ස්ථාන වලින් බහුතරයක් නිවෙස් හා ගොඩනැගිලි පිටුපස කුඩා පස් කඩා වැටීම් , පසේ බෑවුම් නිර්මාණය වීම්, හා අධික ලෙස පස සෝදා යෑම් වැනි නායයෑම් ආපදාවක් සිදුවීමේ අවම ඉඩක් ඇති ස්ථාන බවට තහවුරු වී ඇතැයිද එම සංවිධානය කියයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 38ක් සහ මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන 20 කට අධික ප්‍රමාණයක් නායයෑමේ අවදානමක් ඇති ස්ථාන බවට හඳුනාගෙන අතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයැම් අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ කිසිම කෙනෙකුට කිසිම අනතුරක් නොවේවා කියායි (නි)
මිනිසුන්ගේ අවිධිමත් ක්‍රියාකාරකම් තමයි මේ හැමදේටම මුල (නි)