
(අංජුල මහික වීරරත්න)
ගාල්ල නගරයේ ජල සම්පාදන යෝජනා ක්‍රමයෙහි ආදායම් නොලබන ජල පරිභෝජනය අඩු කිරීම සහ කළමනාකරණය කිරීම පිණිස පුද්ගලික අංශයේ සහභාගීත්වයෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගාල්ල ජල සම්පාදන යෝජනා ක්‍රමය මගින් දැනට ජල පාරිභෝගිකයින් 28,000 කට පමණ සේවාව ලබා දෙන අතර, ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැති වීම හේතුවෙන් නව සැපයුම් ලබා දීම අත්හිටුවා ඇත.
නව ජල සැපයුම් ලබා ගැනීම සඳහා අයැදුම්කරුවන් 5,400 ක් පමණ මේ වන විට පොරොත්තු ලේඛනගතව සිටී. එම අවශ්‍යතාව සපුරාලීම සඳහා අලුතින් ජල සම්පාදන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් බිලියන 40.5 ක පමණ අරමුදල් සලසා ගැනීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට හෝ රජයට මේ අවස්ථාවේදී හැකියාවක් නොමැති බව රජය කියයි.
එබැවින්, දැනට 45% ක මට්ටමේ පවතින ආදායම් නොලබන ජල පාරිභෝජන මට්ටම 15%ක් දක්වා අඩු කරගෙන, ඒ අනුව ඉතිරි වන ජලය පොරොත්තු ලේඛනයේ සිටින අයදුම්කරුවන්ට ලබා දීමට හැකි වන පරිදි පුද්ගලික අංශයේ සහභාගීත්වය යටතේ කාර්ය සාධනය පදනම් කර ගත් කොන්ත්‍රාත්තුවක් හරහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යෝජනා කර ඇත.
යෝජිත නියමු ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උපදේශක සේවාව සලසා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇති අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.28 ක ප්‍රදානයක් ලබා දීමට ද කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Service Duct එකක් ඇතුලේ පයිප්ප දැම්මා නම් nrw අඩු කරන්න පුලුවන්. ජපානේ එහෙම අවුරුදු සීයකට ප්ලෑන් කරලා ඕවා හදන්නේ.