(රංජන් කස්තුරි)
2019 නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් අඩුවී බදුල්ල දිස්ත්‍රික්කයට එක් මන්ත්‍රී ආසනයක් වැඩි වී තිබේ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 10 ආසන 9 ක් බවට පත්වී ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 සිට 9 දක්වා වැඩි වී තිබේ.
ඡන්දය හිමි නාමලේඛනයක් සංශෝධනය වනවිට ඒ ඒ දිස්ත්‍රික්කයට හිමි ඡන්ද දායකයින් සංඛ්‍යාවේ ප්‍රතිශතය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව තීරණය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ පොහොට්ටුවට එකක් අඩුවී පුතානෝට 2ක් වැඩිවෙනවා.
ඒ ඒ දිස්ත්‍රික්කයට හිමි ඡන්දදායකයින් සංඛ්‍යාවේ ප්‍රතිශතය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව තීරණය වේ නම් අයි මේ නීතිය උතුරට පමණක් බල නොපාන්නේ? උතුරේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව ඡන්දදායකයින්ගේ ප්‍රතිශතය මත වහාම අඩු කළ යුතුයි.
එකක් නොවෙයි එක්කෙනෙක්වත් නැතිවුනාට කමක් නෑ. මෙච්චර කල් අපේ ඡන්ද වලින් යවලා අපේම සල්ලි වලින් නඩත්තු කළා විතරයි. කරපු සේවයක් නෑ.
බලය ඉල්ලන්නේ මහජන සේවයට. ලැබුනහම හදන්නේ ඊළඟ දවසේ ඉඳලා යටිමඩි ගහගන්නේ කොහොමද කියලා. එහෙව් එකේ කොහෙන් වැඩි වෙලා කොහෙන් අඩු උනත් අන්තිමට " එයා මට ගැහැව්වා මට එයාට ගැහැව්වා" තමා.
ගාල්ලෙන් අර්ජුන කමලනාත් අයින් වෙලා අර නිළියක්ද කවුද එන්න වෙන්නැති.