සුනාමියෙන් මියගිය අය සිහිකරමින් අද උදෑසන ගාල්ල බස් නැවතුම ඉදිරිපිට මහා සංඝරත්නය වෙනුවෙන් සාංඝික පැවැත්විණි. බෝධි රාජ විහාර සංවර්ධන කමිටුව, ගාලුපුර බොදු සවිය හා ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මෙය සංවිධානය කළේය. 2004 සුනාමියේ දී ගාල්ල බස්නැවතුම් පොළ ද නගරය ද මහා විනාශයකට ලක්විය. ගාලු දිස්ත්‍රික්කයේ පමණක් 4770ක් ද දිවයිනේ 40,000ක් පමණ ද සුනාමියට බිලි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින් බලයෙන් සැවොම සුවපත් වේවා ! (ස)
ඒ මිය ගිය අසරණ ජනතාව සිහිකරමු.. (නදී)
සාදු සාදු වටිනා පින්කමක්.සැමටම නිවන් සුව ලැබේවා ! (නදී)
තව විනාඩි කිහිපයකින් උදාවෙන එම මොහොත මතක් වන විට පුදුම දුකක් ඇති වෙන්නේ.(නදී)
මෙපින් බලෙන් සසර වසනතුරු මෙවන් රුදුරු ඉරණමකට ගොදුරු නොවේවා. සාදු සාදු සාදු! සියලුම ආත්මයන් සතුටට පත්වේවා! (නදී)