ගාල්ල සුදර්ශි විද්‍යාලයේ විදුහල්පතිනිය මාරු කර යැවීමේ සිද්ධියකට විරෝධය දක්වමින් අද පාසල් සිසු සිසුවියන් දෙතුන් දෙනෙකුට වඩා විදුහලට පැමිණ නැතැයි පාසල් ආරංචි මාර්ග කියයි. දෙමාපියන්ගෙන් මේ පිළිබඳ විමසූ විට ඔවුන් කියා සිටියේ විදුහල්පති මාරුකර යැවීම සම්බන්ධයෙන් තමන් විරෝධය දැක්වීමක් ලෙස අද දරුවන් පාසල් නොයැවූ බවයි. එම විදුහල්තිවරයා ම ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී තවත් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ඔවුහු කියති. පාසලේ සිසු සිසුවියන් 600ක් පමණ ඉගෙනුම ලබන බවත් අද පාසලේ සිටින්නේ සිසුන් තිදෙනකු පමණක් බවත් දැනගන්නට ඇත.
මේ පිළිබඳ ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සී.උමගිලියගේ මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ සුදර්ශි විද්‍යාලයේ ගැටළුවක් ඇති බවත් මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම මේ විදුහල්පතිනිය හොඳ කෙනෙක් වෙන්න ඕනෑ (නි)
විදුහල්පතිනිය යනු තාවකාලික බාරකාරිය මිසක් අයිතිකාරිය නොවේ. එනිසා මාරුවීම් කරනවා. ඕවා ගණන් ගන්න දේවල් නොවෙයි (නි)