IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගාල්ලේ මහින්දයෙන් අමුතු වැඩක්

ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකුට අද තම පාසලේ ම පැවති උත්සවයක ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා වීමේ විරළ අවස්ථාවක උදාවිය. එම අවස්ථාව හිමිකර ගත්තේ මහින්ද විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සඳරු තත්සර බාලහේවා සිසුවා විසිනි. ඒ අද සවස 3.30ට ආරම්භ වූ පාසල් සිසුන්ගේ අවසන් වාර විභාගයේ ප්‍ර‍ගති වාර්තා පොත් පිරිනැමීමේ උත්සවයේ ප්‍ර‍ධාන ආරාධිතයා වීමෙනි.

සඳරු පාසලට මහත් කීර්තියක් අත්කර දුන් සිසුවෙකි. 2013 වර්ෂයේ දී පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ථ ශ්‍රී ලංකාවෙන් ම පළමුවැනියා වූ සඳරු 2015 ලෝක විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ දී ලෝකයේ තුන්වැනියා බවට පත්වූයේය.

සිය මව් පියන් සමග පාසල් නිල ඇඳුමින් සැරසී ප්‍ර‍ධාන ආරාධිතයා ලෙස පාසල වෙත පැමිණි සඳරු පිළිගත්තේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා විසිනි. පාසලේ සහෝදර සිසුන්ගේ ආචාරය මැද ඕල්කොට් ශාලාවට පිවිසි සඳරු සහෝදර සිසුන්ට ප්‍ර‍ගති වාර්තා පොත් පිරිනැමුවේය.

සඳරු පාසල් සිසුවකු ලෙස ඉගෙනුමටත් බාහිර ක්‍රියාකාරකම්වලටත් එකසේ දස්කම් දක්වන බවත් විදුහලට මහත් කීර්තියක් අත්කර දෙන සඳරු ආදර්ශයට ගත යුතු බවත් පැමිණ සිටි සිසුන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් විදුහල්පති කීවේය.  

IMG_1147 - Copy   IMG_1174 - Copy

IMG_1229

IMG_1414

IMG_1491

 



අදහස් (0)

ගාල්ලේ මහින්දයෙන් අමුතු වැඩක්

ධනංජය වෛද්‍යරත්න Saturday, 05 December 2015 06:57 PM

මෙය ඉතාමත් අගය කළයුතු ක්‍රියාවක්. දරුවන්ගේ ආකල්ප හා වටිනාකම් ප්‍රවර්ධනයට හේතුවෙනවා. මාත් ආදී මහින්දීයයකු වීම ගැන තවත් වතාවක් ආඩම්බර වෙන්න පුළුවන්. විදුහල්පතිතුමා ගැනත් හරිම ආඩම්බරයි (නි)

:       0       0

ගයනි Thursday, 10 December 2015 07:33 PM

අතිඋත්තම වැඩක් පුතේ. ජයවේවා! (නි)

:       0       0

තුදේශ් Saturday, 05 December 2015 03:20 AM

හුඟක් හොඳයි. (ස)

:       0       0

බස්නායක Wednesday, 09 December 2015 11:15 AM

අති විශිශ්ටයි (ම)

:       0       0

මනෝජ් Friday, 04 December 2015 01:58 AM

දරුවන් දිරිමත් කිරීමට හොඳ වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site