මේ වසරේ පහේ ශිෂ්‍යත්වයෙන් දිවයිනේ 3,30,000ක අපේක්‍ෂකයන් අතරින් ලකුණු 198ක් ලබා පළමු ස්ථානය දිනාගත් ගාල්ල මහින්ද විද්‍යාලයේ සඳරු තත්සර බාලහේවා සිසුවාට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගියදා මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ.
එහිදී අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳරුට උපහාර තිළිණය පුදකළේය.
මහින්ද ආදි සිසුන්වූ නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම හිටපු ඇමැති වජිර අබේවර්ධන නියෝජ්‍ය කතා නායක චන්දිම වීරක්කොඩි විදුහල්පති වසන්ත සිරිවර්ධන මහත්වරුන් ඇතුළු මහින්ද ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීහුද මෙහි වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ලොවේ දිදුලන තරුවක් වනු දැකීම මගේ පැතුමයි (නි)
මේ මහින්දයෙන් බිහි කළ තවත් හපනෙක් ! අතීතයේදීත් මේ ආකාරයෙන්ම හපනුන් බිහිකළ මහින්දය වර්තමානය හා අනාගතයේදීත් තව තවත් හපනුන් බිහිකරනු ඇත. මහින්ද මෑණියනි අප සැමදා ඔබට ගරු කරමු. සෑම කල්හි ඔබ දිනේවා!!!!! (ස)
මේවා මේ දේසපාලන ප්‍රචාරක වැඩ. මීට වැඩ හොද නැද්ද ගුරු පුරප්පාඩු පුරවන එක.බහු තරය කියන මුග්දයන්ට මේවා ලොකු වැඩ. නිකං බොරු සෝබන. (ස)
මහින්දෙ තමයි නියම පාසල (නි)
ඔබ මහින්දයේ තවත් හපනෙකි පුතේ (නි)
පුතේ ඔබට සුබ පැතුම්! (ස)
මේ මහින්ද ශාස්ත්‍රාලය කීර්තියෙන් වැජඹේවා !!! (ස)
ලකුණු 198 ලොකු දෙයක් තමයි. නමුත් උත්සවය, ලොකු වැඩි බව මට හිතෙනවා.විශාල පිරිසකගේ කාලය ගතවෙන දවසක් (නි)
හොඳ අනාගතයක් හිමි වේවා !! (ස)
මහින්දය ජාති මමත්වය ඇති පරපුරවල් කීපයක් බිහිකළ ඉතා උසස් පාසලක් (නි)
ළමයාගේ ඉගෙනීම ගැන සොයා බැලුවොත් වඩා හොඳයි. (නි)
පුතේ, නුඹට සුබ අනාගතයක් වේවා! මමත් මහින්දෙ කොල්ලෙක්. (නි)
පුතුනේ, නුඹ මගේ රටට වැඩ ඇති දරුවෙක් වේවා! (නි)
වාසනාවන්ත පුතෙක්.දෙමවුපියන්ට මොනතරම් සතුටු ඇද්ද? අපිට කොයින්ද ඔය වගේ වාසනාවක්? හොදට ඉගෙන ගන්න පුතේ (නි)
"මම රජ කුමාරයෙක් නෙමෙයි, මහින්දෙ කොල්ලෙක්...." (නි)