සැකකරුවන් දෙදෙනකු ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ දණගැස්වීමේ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාගේ නියමය පරිදි එම පරීක්‍ෂණය කරන දකුණු පළාත් ගාලූ දිසා නියෝජ්‍ය පොලිස්පති දේශපාලන බලපෑම් මත මාරු කිරීමේ උත්සාහයක් ඇතැයි ආරාංචි මාර්ග සඳහන් කරයි.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ කැබිනට් අමාත්‍යවරයෙකු ඔහු මාරු කිරීමට යතියි කියති.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් දුරකථනයෙන් මේ සම්බන්ධව අප කළ විමසීමේදී ඔහුගේ පෞද්ගලික සහකාර ලේකම් ආරියපාල පණ්ඩිත මහතා පැවසුවේ යහපාලන ආණ්ඩුව යටතේ ඔය කියන ආකාරයට කිසිම රාජ්‍ය සේවකයෙකු මාරු කිරීමට වජිර අබේවර්ධන ඇමතිතුමා කටයුතු කර නැති බවයි. ‘ඇමතිතුමාගේ දේශපාලන කටයුතු වලට අවහිර බාධා කරන ඇතැම් පිරිස් ඔවැනි බොරු ප‍්‍රචාර ජනතාව අතර පැතිරවීමට කටයුතු කරනවා විය හැකියි. මම වගකීමෙන් කියනවා ඔය කියන ආකාරයේ ස්ථාන මරුවීමක් දකුණු පළාත් ගාලු දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදීමට ඇමතිතුමා කටයුතු කර නැති බව‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිට තියන අයිතිය මොකක්ක්ද පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කරන .අපි ඡන්ද දායකයන් වශයෙන් ඇමතියා මාරු කරන්නට නම් අපට අයිතියක් තියෙනවා .ලබන පාර අපි ඇමතිව මාරු කරනවා (අ)
අපෝ යහ පාලනයෙන් ඔය වගේ දේවල් කරනවද? පිස්සුවක් තියෙනවද? (අ)
එහෙනම් කොහොමද හදිස්සියේම යන්න වුනේ? (බ)