ගාල්ල - උඩුගම පෞද්ගලික බස් රථ සේවකයෝ අද (13) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්වී වර්ජනයක නිරතවූහ.
උඩුගම සිට ගාල්ල, මාතර හරහා බණ්ඩාරවෙල දක්වා නව බස් රථයක් ධාවනය කරවීම එම විරෝධයට හේතුවී ඇත.
එම බසය වහාම ධාවනයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් වර්ජනය ක්‍රියාත්මකවේ.
ගාල්ල - උඩුගම පෞද්ගලික බස් රථ සේවකයෝ අද (13) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්වී වර්ජනයක නිරතවූහ.
උඩුගම සිට ගාල්ල, මාතර හරහා බණ්ඩාරවෙල දක්වා නව බස් රථයක් ධාවනය කරවීම එම විරෝධයට හේතුවී ඇත.
එම බසය වහාම ධාවනයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් වර්ජනය ක්‍රියාත්මකවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල උඩුගම පුද්ගලික බස් රථ බහුතරයක අයිතිකාරයා අපේ ප්‍රසිද්ද මැතිතුමෙකි . (ස)
මෙයාල ගැනිට ආණ්ඩුවේ රස්සාවක් දීල මිනිහට පින් පඩියකුත් දෙනවා කීවානම් උඩින්ම කැමති වේවි මුන්ට දුවන්න බැරිනම් ලංගම බස් ධාවනය වැඩි කරන්න එතකොට ජනතාවට මුන්ගේ බස් ඕනේ නෑ (බ)
බොහොම හොදා අලුත් බස් දාපු එක ..(බ)
මම හිතන්නේ මේක මහා අමන වැඩක්! මොකද මේ උඩුගම ඩිපෝවෙන් මීට කලින් උඩුගම - අනුරපුරයට බස් එකක් දාල තිබුන.. එකට යන්න දුන්නෙත් නැහැ අනුරපුරය පැත්තේ එක්තර පුද්ගලික බස් සමාගමක්.. එයාල මේ ඩිපෝවේ බස් එකට තර්ජනය කරලා උඩුගම - අනුරපුරය බස් ගමනයට බාධා ඇති කළා. බලධරයිනි, මේ බස් එක නතර කරන්න දෙන්න එපා.. කොහොමහරි බස් එක ගමනට යොදවන්න.. උඩුගම ඉන්න මෝඩ, මහතා දේශපාලුවෙකුගේ බස් තමා වැඩිපුර මේවට ලෙඩ දාන්නේ...(බ)
බස් හිමියන්ට විරුද්ධව කතා කරන අය පොඩ්ඩක් හිතලා බලන්න තමන්ගේ මාසික වියදම වැඩිවෙද්දී ආදායම අඩුවුනොත් ඒ ගැන පියවර ගන්නේ නැද්ද කියලා. මම බස් කාරයින්ගේ පැත්තට කතා කරනවා නෙමෙයි. මෙච්චර කුහක වෙන්න එපා. උඩුගමින් බණ්ඩාරවෙලට බස් එකක් දාන එක කිසි තේරුමක් නෑ. ගාල්ලෙන් දැම්ම නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. (ර)
හැමදාම කරපු සෙල්ලම් කරන්න දෙන්න එපා. ජනතාව ගැන හිතලා බස් එක ධාවනය කරන්න. (ර)
පුද්ගලික බස් මාෆියාවේ මේ වගේ දේවල් රටේ හැමතැනකම තියනවා. මේ වගේ ආසන්නතම සිදුවීමක් ළඟදී අම්පාරෙත් වුණා. හැබැයි එතනදි නම් අයියලා අනාගත්තා! ඒ අලුත් බස් එක තාම දුවනවා. මෙයාලට බුරුලක් දෙන්න හොඳම නැහැ (නි)
සාමාන්‍ය ජනතාවට සේවයක් වෙන දේවල් වලට බස් කාරයෝ කැමතිම නැහැ. ඔවුන්ට ඕනේ තමන්ගේ සාක්කුව පුරවා ගන්න එක. (ස)
කොළඹ මෙන් නොව ගම්පළාත් වල සේවා සඳහා කාලසටහනින් පරිබාහිරව බස් රථයක් එකතු කිරීම පවතින බස් රථ වල ආදායම විශාල ප්‍රමාණයකින් අඩුවීමට හේතු වේ. උඩුගම වැනි ප්‍රදේශයක සිට බණ්ඩාරවෙල දක්වා බස් රථය ධාවනය කළද එහි උඩුගම සිට ගමන් කරන්නේ ගාල්ල දක්වා යන මඟීන් පමණි. ඒ නිසා මේ අවස්ථාවේදී වර්ජනය කරන බස්හිමියන් දෙස සානුකම්පිතව බැලිය යුතු වේ. (නි)
බස් හිමියන්ගේ හඬට වඩා මහජන සේවය ලොකුයි. කරුණාකර සෑම මාර්ගයකම ලංගම සහ පුද්ගලික බස් ධාවනය වැඩිකරන්න. (නි)
කිසිදු ජාතික ප්‍රතිපත්තියක් නැති රටක මෙවැනි විහිලු පැවතීම සාමාන්‍ය දෙයක්. නව බස් රථයක් හඳුන්වාදීම මහජන සේවාවක් ලෙස හඳුනා ගැනීම වෙනුවට පසුම්බියට මුදල් අඩුවීම පළමු කරුණ සේ කටයුතු කිරීමද සාමාන්‍යය දෙයක්. (ස)
උඩුගම ඉදල යන බස් බොහොමයක් එක පුද්ගලයෙකුට අයිතියි. ඉතින් එයා කියන විදියට තමා වර්ජන වෙන්නෙ. (ර)
හැම විටම කල්පනාවන දෙයක් නම්, ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය කරන්නන් කටයුතු කරන්නේ මහජනතාව වෙනුවෙන්ද, වෙනත් කල්ලි වෙනුවෙන්ද යනවගයි. දුම්රිය සේවය නගාසිටුවන්නේ නැතිනම් මෙම ප්‍රශ්ණ මෙයට වඩා දරුණු ලෙස ඉදිරියේදී පැණනගිනු ඇත. ගම්බද පලාත් වලටත් වඩා නගර ආශ්‍රිතව. (අ)
කෝ මේ ගැමුණු ? කතව නම් හරි හුරතල් වැඩ නම් ඉතින් මෙලෝ රහක් නෑ නේ ? (ස)