ගෝලීය තරුණ සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාව 31 වැනි ස්ථානයට පත්ව ඇත.
2016 වසරේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණයන්ගේ රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය, සභ්‍යත්වය හා දේශපාලනික ක්‍රියාකාරකම් ඇසුරින් මෙම දර්ශකය සකසා ඇති අතර ඒ සඳහා ලකුණ ලබාදීමේ දී දකුණු ආසියාවේ රටවල් අට අතුරින් පහක් ඔවුන්ගේ ලකුණු වැඩි කරගෙන ඇතැයි ද ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ එම තත්ත්වය දැඩි ලෙස වර්ධනය වී ඇතැයි ද වාර්තාවේ.
ඉන්දියාව මෙම දර්ශකයේ ඉතා පහළ ස්ථානයක සිටින බවත් විශේෂයෙන්ම අසල්වැසි රටවල් වන නේපාලය (77), භූතානය (69) සහ ශ්‍රී ලංකාව (31) යන රටවලට වඩා පහතින් ඔවුන් සිටින බවත් ඉන්දීය වාර්තා සඳහන් කරයි.
මෙම දර්ශකයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ ජර්මනියයි. ඊට අමතරව මුල් රටවල් දහය අතර ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, ස්ව්ට්සර්ලන්තය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, ලක්සම්බර්ග්, පෘතුගාලය සහ ජපානය සිටී.
රටවල් 183ක් අතර විවිධ මානයන්ගෙන් කෙරෙන දත්ත පදනම් කර ගනිමින් මෙම දර්ශකයේ ලකුණු ලබාදීම සිදු කැරෙන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් 49ක් ද ඊට අයත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලංකාව දියුණුවෙමින් පවතින රටක්යයි 1900 මුල ඉදලම කියනවා ,කියනවා. දැන් කියන්න තියෙන්නේ ශ්‍රීලංකාව දියුණු කළ නොහැකි රටක් කියල. හොරු,තක්කඩියෝ අසම්මත දේසපාලුවෝ ඉන්නකන් ජනතාව අගාදයට යනවා සහතිකයි. (බ)