
(ඉන්දිකා රාමනායක)
ගාලුමුවදොර පිටියේ අනවසරයෙන් ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කළ තරුණයකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්මුණ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මෙම තරුණයා ඩ්‍රෝන යානාව ගුවන්ගත කරමින් සිටියදී ගුවන් හමුදා සාමාජිකයන් විසින් ඉහත තරුණයා අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියට බාරදී ඇත.
කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩ්‍රෝන යැවීම පිළිබඳව නීතියක් පැහැදිලිව නෑ. මම ඒ ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ පොලිසියේ උසස් නිලධාරීන්ගෙන් අහලා තියනවා. ආරක්ෂක කළාප අසල, ගුවන් තොටුපළ අසල බලපාන වෙනත් නීතිවලින් මිසක් හුදෙක් ඩ්‍රෝන යෑවීම නිසා කෙනකු අත් අඩංගුවට ගන්න බෑ.