ගල්පාත රෝහගේ ගිලන්රථය කළුබෝවිල රෝහලට ගොස් එන විට පිලියන්දල බටුවන්දර ප්‍රදේශයේ දී මෝටර් රථ දෙකකින් හා යතුරුපැදියකින් පැමිණි පිරිසක් ගිලන් රථ රියදුරාට හා සහායකයාට තර්ජනය කර පහර දී ඇති බව පිලියන්දල පොලිසිය කියයි.

 සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට හය දෙනෙකු අද (05) අත්අඩංගුවට ගෙන ඇති අතර ලබන 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පහර දුන් පිරිස අතර පාසල් සිසුන් දෙදෙනෙක්  සිටින බවත් අදාල අවස්ථාවේ පිරිස බීමත්ව සිට ඇති බවත් පොලිසිය කියයි.

DSC07787 DSC07831 DSC07838 DSC07850