ජ්‍යේෂ්ඨත්වය අනුව පත්වීම දෙන්නැයි ඉල්ලමින් ගිලන්රථ රියදුරකු අනුරාධපුර රෝහල ඉදිරිපිට සෞඛ්‍යසේවා කාර්යාලයේ වහළට නැග සිදුකළ උද්ඝෝෂණය ද ඔහුට සහාය පලකරමින් අනුරාධපුර ගිලන්රථ රියදුරු වර්ජනය ද බ්‍රහස්පතින්දා රාත්‍රී අවසන් විය. වහළ මත සිටි රියදුරා නොච්චියාගම රොහලේ රියදුරකු ලෙස පත් කිරීමට තීරණය විය. ඔහුගේ ඉල්ලීම වූයේ ද එයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ආදර්ශය..පාරවල් හරස් කරලා මිනිස්සු යන එන එක නතර කරලා අහිංසක මිනිස්සුන්ට වැඩ දුන්න තරමට උද්ඝෝෂණ වලින් ප්‍රතිඵල ලැබෙනවා..වහලවල් වලට නැග්ගම ප්‍රතිඵල ලැබෙනවා .ඔහොම යන් ..ඔහොම යන්..මේ සිදුවීම් වල බරපතල කම බලධාරින් වටහා ගෙන නැද්ද? නැත්නම් වටහා ගෙන රැල්ලට යන්න දෙනවද කියන එකනම් මට තේරෙන්නේ නැහැ.. (ස)
කවුද මේ බන්දුල කියන කෙනා.හැමදේටම පණ්ඩිත කතා තමයි කියන්නේ. (නි)
මොකද තාරක මල්ලිට මාව ප්‍රශ්නයක්ද? අන්න නුවර තව එකෙක් අඩි 80ක් උස ගහකට නගලලු,,එයගේ ඉල්ලීමත් දීල ගහෙන් බස්සන්න..ඊට පස්සේ තව කෙනෙක් තව කොහාට හරි නගීවි..එයාගේ ඉල්ලීම දෙන කොට තව එකෙක් එකට විරුද්ධව ගස් නගීවි..සංසර චක්කරේ වගේ තමයි..මේ වගේ අයට හොඳ දෙකයි දෙකේ පොල්ලකින් නෙලන්නේ නැතුව ඔය කියන කියන දේ කරල නම් මේ අයව නවත්තන්න බැහැ. (ස)
එතකොට මේ රජයේ සේවයේ බඳවා ගැනීම් පරිපාටි, උසස්වීම් පරිපාටි කියලා ජාතියක් හදලා කැබිනට් මණ්ඩලෙන්, රාජ්‍ය සේවා කොමිසමෙන් එහෙම අනුමත කරවාගෙන තියෙන්නේ මොකටද? ගස් නගින්නන්ට ඕනෑම ඉල්ලීමක් දෙනවා නම් අපි කවුරුත් ගස් නගිමු. ගස් නැගීමේ පාඨමාලා, ඉකමනට නැගීමේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ එහෙමත් ආරම්භ කරන්න පුළුවන්. පළපුරුදු පොල් කඩන කට්ටියට පුළුවන් උපකාරක පන්ති දා ගන්නත්. අනේ මෙහෙම රටක්! රජයේ සේවය පිරිහිලා කියලත් තව කෑ ගහන එකනේ පුදුමේ. (නි)