හදිසි අනතුරකදි හෝ වෙනත් රෝගාබාධයකදි ඉක්මන් ප‍්‍රතිකාර සඳහා රෝගීන් යොමු කළ හැකි ගිලන් රථ සේවාවක් මෙරට ක‍්‍රියාත්මක නොවීම ලොකු ප්‍රශ්නයක් බව ඉකුත් 29 වැනි දා බණ්ඩාරගම ත‍්‍රිරෝද ලොරි අනතුරින් සිව්දෙනෙකු මිය යෑමෙන් තහවුරු වන බව වැඩබලන විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
ඉන්දියාවෙන් ගිලන් රථ ගෙන්විම පිළිබඳව විවිධ දේශපාලන කණ්ඩායම් හා ඇතැම් සෞඛ්‍ය ඇතැම් සංගම් නඟන චෝදනා පදනම් විරහිත බවත් එම ගිලන් රථ සේවාව මේ රටේ ක‍්‍රියාත්මක කරවීමට ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුපියල් කෝටි සියයක පරිත්‍යාගයක් ඇති බවත් ඒ අනුව මෙම ගිලන් රථ සේවාව සඳහා ඉන්දියානුවන් කිසිවෙකුත් නොයොදවන බවත් ඉන්දියාවෙන් ගෙන්වන පුහුණු කරන්නන් සිව්දෙනෙකු යටතේ ශ‍්‍රි ලාංකිකයින් 600 ගිලන් රථ සේවාව සඳහා යෙදවීමට නියමිත බවත් ජාත්‍යන්තර ප‍්‍රමිතින්ට අනුගත මෙම ගිලන් රථ සේවාවෙන් ජාතීක ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙතියි කියන කතාව ප්‍රලාපයක් බවත් ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනයාගේ ජීවන තත්වය උසස් කරන්න මොනවාහරි කරන්න හදනකොට ආපස්සට අදින්න මොනතරම් කතා කරනවද? ඊයේ බණ්ඩාරගම දරුවෝ රෝහලට ගෙනිච්ච හැටි දුටුවද? අපි ඕනෑ කෙනෙක් මහපාරේදී අනතුරකට ලක්වෙන්න පුළුවන්. (නි)
අර කතාවක් තිබෙනවානේ නිකන් ලැබෙනවා නම් හොරි වුණත් මොකද කස කසා ඉන්න කියලා. (නි)
අපිට වාසි දේවල් විතරක් කරන්න. (ර)
අපිට අඩු ගිලන් රථ සේවය විතරයි. සාත්තු සේවයේ අනිත් හැම දෙයක්ම සම්පුර්ණයි. බෙහෙත් ටිත පවා අඩුපාඩු නෑ. ෆාමසිවල තියෙනවනේ. කන්න ඕන කොට කබරගොයත් තලගොයා වෙනවා. (ර)
මේ කතාව ඇත්ත. පහුගිය මාසේ රෑ මැදියම හදිසි ලෙඩෙක් ගම්පහ රෝහලට ගෙනියන්න මට සිදුවුනා. කිසිම රෝහලකින් පිහිටක් නොවුන තැන පුද්ගලික කැබ් සේවයකින් වාහනයක් ගෙන්වාගෙන පැය 3 කට පස්සෙයි ලෙඩා රෝහල් ගත කරන්න වුනේ. මේ රටේ දහස් සංක්යාත ජනතාවක් මෙයට සමාන අවස්ථාවන්ට මුහුණ දීල ඇති. (ර)
බලාගෙන ගියාම මෝඩි මහත්තයා දකුණු ඉන්දියානුවන්ටවත් නැති ආදරයක්නේ අපිට තියෙන්නේ? අනේ අපි නම් ඔය ඉන්දියානු ටොපි වලට රැවටෙන්නේ නැහැ. (ර)
ඉතින් ලංකාවේ ඕනේ තරම් ආයෝජකයෝ ඇති මේ වගේ සේවාවකට. ඉන්දියාව ඕනේ නෑ. (ර)
ගිහාන් කාංචන, ඔයාට අනුන්ගේ දේවල් එපා නම් ඉතින් කරත්තෙන් තමයි යන්න වෙන්නේ. ලංකාවට ඛනිජ තෙල් ඉඳලා ඉදිකට්ටත් එන්නේ අනුන්ගෙන්. අනුන්ගේ දේවල් එපා කියන්න කලින් තමුන්ගේ දෙයක් හදාගෙන ඉන්න ඕනෑ. (නි)
මේකේ සිංහලෙන් තියනවා පරිත්‍යාගයක් කියල. එකවත් දන්නේ නැති අයද ඉන්නේ. (ර)
අවම වැසිකිළි පහසුකම්වත් සපයා නැති තමිල්නාඩු ජනතාවත් අමතක කර අපිට ගිලන් රථ සේවයක් ලබාදීම ගැන සතුටු වෙමු (නි)
දී කිරට බළලුත් සාක්කි කිව්වලු. (ර)
උපුල් ලංකාවේ හැම දෙයම නිකන් දෙන අන්දමට කතා කලාට කිසිම දෙයක් නොමිලයේ දෙන්නේ නැහැ. (ර)
අනේ උපාලි අපට මුලින්ම රුපවාහිනී විකාශන පද්ධතියක් පරිත්‍යාග කලේ ජපානෙන්. ඒ පරිත්‍යාගයේ අරමුණ ජපන් රුපවාහිනී යන්ත්‍ර විකුණා ගැනීම. මේ කෝටි සීය පොඩි සන්තෝසමක් විතරයි. ඒකත් මුදලින් දෙන්නේ නැහැ. මොනවා හරි ඉන්දියන් යකඩ ගොඩක් දෙනවා ඇත්තේ. ඒවටත් අමතර කොටස් ගන්න වෙන්නේ ඉන්දියාවෙන්. (ර)
ගිලන් රථ ගෙන්වන්න. ප්‍රස්නයක් නැහැ. සේවයට ලංකාවේ අය පුහුණු කරලා ගන්න. ඉවරනේ. (ර)
අයි.ටි. ,තෙල්, රෝහල් විතරක් මොකෝ? ලංකාවේ ආණ්ඩු පාලනයත් ඉන්දියාවට දෙමු. (නි)
ඔය දියවන්නාවට මාසෙකට යන වියදම ඇති ගිලන් රථ 200 ක් එකපාර ජපානෙන් ගෙන්වන්න. අපේ මිනිස්සු ඇති සේවකයන් වශයෙන් පුහුණු කරගන්න. ඉන්දියන් කුණු ගොඩවල් ගොඩ ගහන්නේ නැතුව, රටට ආදරේ නම් එක මාසෙක ඇමති මණ්ඩලේ වියදම වෙන්කරන්න මේ වැඩේට. (නි)
ලංකාවේ ආයෝජකයටත් නඩත්තු වියදම්, බදු සහන රජයෙන් දරනවා නම් ලංකාවේ ඕනෑතරම් ආයෝජනය කරන්න ව්‍යාපාරිකයෝ ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුවෙන් ඔක්කොම මේ සහන දෙන්නේ ඉන්දියාවෙන් ආවොත් විතරනේ. කෝ දේශීය ව්‍යාපාරිකයා නංවන රජයේ වැඩපිළිවෙලක්? (නි)
දැන් එතකොට ඉන්දියාවේ සෑම කුඩා නගරයකටම ගිලන් රථ සේවයක් තිබෙනවද? (නි)
මේකේ අදහස් දාන සමහරකගේ අදහස් කියවද්දී ප්‍රවණතා වටහාගැනීමේ හා ඒවායේ හොඳ නරක තහවුරු කරන්න කියන අදහස් (සාධනීය කරන ආකාරය) දෙස බලද්දී රටක් වශයෙන් රාජ්‍යයක් වශයෙන් අපි අපිටම කරගන්නා අනතුර, විපත, අයහාපත කුමක්දැයි, වෙන්නේ කෙසේදැයි වග තේරුම්කර දෙන්න යාම කුමටදැයි සිතේ. පැත්තක්ම ගිය දාට තේරෙයි සැමට යසට කරගත්තේ කුමක්දැයි කියා. (නි)
මේ ගිලන් රථ සේවය ආරම්භ කරන්න අපිට ඉන්දියාව මුක්කු ගහන්න ඕනෑමද? අපේ කාර්යශූර සෞඛ්‍ය ඇමතිතුමා ඉන්නවනේ. එතුමා බොහොම ලස්සනට මේ වැඩේ කරාවි. (නි)
කෝ අනේ මේ සෞඛ්‍ය ඇමති? එතුමාට බැරිද මේවා විසඳන්න? (නි)
මෙතන අදහස් දමන බොහොමයක් අය හිතන්නේ හැමදේම අපේ රටට කරගන්න පුළුවන් කියලා. ලෝකයේ කිසිම රටක මෙහෙම සහනාධාර දෙන්නේ නැහැ. (නි)
අනේ තිලක් !!! (නි)
අම්මපා අපි මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ? අපිට අනුන්ගේ දේවල් එපා (නි)