IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගල්කුලමේ වෙඩි තැබීමට 5ක් අල්ලයි

(දයාරත්න ඇඹෝගම)

මහනුවර,යාපනය ඒ 9 මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේදි පසුගිය 25 වැනිදා රාත්‍රියේදී  29 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු සැකපිට අත්අංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ අත්අංගුවට ගෙන ඇත්තේ ගල්කුලම,සියඹලාගස්වැව,කුරැන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 26ත් 29 අතර වියේ පසුවන පුද්ගලයන් පස් දෙනෙකි.

ගල්කුලම, සියඹලාගස්වැව පදිංචි දිසානායක සසිදු ජීවන් දිසානායක (29) නොහොත් අක්කර පනහ මර්වින් යන අය සිය මිතුරෙකුගේ යතුරැ පැදියෙන් පසුගිය 25 වැනිදා තිරප්පනය නගරය දෙසට යමින් සිටියදි නාදුනන තුවක්කුකරැවෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබු බව පොලිසිය කියයි.

එම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු මෙම පුද්ගලයා යතුරු පැදියද එම ස්ථානයේ දමා මීටර් පන්සීයක් පමණ දුරින් පිහිටි ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ත්‍රී රෝද නැවතුම්පල වෙත පැමිණ බිම ඇද වැටිමෙන් අනතුරැව එම ස්ථානයේ සිටි පිරිස 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබුණි.ඔහු මේවන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලිසිය විසින් සිදුකළ විමර්ශණයේදි වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයා ගමන්ගත් යතුරැ පැදියත් වෙඩික් කරැවන් පැමිණි බව කියන යතුරැ පැදියකුත් කවරක්කුලම ප්‍රදේශයේ තිබියදි පොලිසිය සිය බාරයට ගෙන තිබේ.

 

 



අදහස් (0)

ගල්කුලමේ වෙඩි තැබීමට 5ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 100 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site