IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ගාලු සංගීත උලෙළ 2016

2016-05-04-ent-53

විවිධ සමාජ සංස්කෘතීන්ට අයත් ජන සමූහයන් එකට එක් කිරීමේ සුවිශේෂ හැකියාව සංගීතය සතුය. ශ්‍රී ලංකා - නෝර්වේ සංගීත වැඩසටහන 2009 වසරේ ආරම්භ කරනු ලැබුවේ සංගීතය සතු මෙම ගුණාංගය තුළින් විවිධ ජාතීන්, ආගම් හා අනිකුත් සංස්කෘතික විවිධත්වයන් සහිත කොටස් අතර සංහිඳියාව ගොඩනැගීම අරමුණු කරගනිමිනි. විවිධ ජනසමූහයන්, සවිමත් පවුරක් සේ එකට එක් කිරීමේ උදාර කර්තව්‍ය සඳහා මෙම වැඩසටහන යටතේ විවිධ ක්‍රියාකාරකම් ඵලදායී අයුරින් දියත් කර තිබේ.

2016-05-04-ent-51එක් වසරක යාපනයේද, තවත් වසරක ගාලු පුරවරයේද අඛණ්ඩව පුරා වසර හයක් මුළුල්ලේ පැවැත්වූ සංගීත උලෙළ, මෙවර ගාලු පුරවරයේ දී "උදෑසන සහ සැන්දෑ" වැඩසටහන යනුවෙන් මැයි මස 14 වැනි දින පැවැත්වේ.

උදෑසන වැඩසටහන - පෙරවරු 10 සිට උසාවි චතුරස්‍රයේ දී "ගුඩ් මාර්කට්" සමගාමීව පැවැත්වේ.

සැන්දෑ වැඩසටහන ප.ව. 5.00 සිට රාත්‍රී 10.30 දක්වා සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ගාලු සංගීත උලෙළට සහභාගි වීම සඳහා ඇතුළත්වීමේ ගාස්තු අය නොකෙරේ.

 

කොළඹ ප්‍රසංගය

ගාලු සංගීත උලෙළට සමගාමීව පවත්වන කොළඹ ප්‍රසංගමය මෙවර මැයි මස 15 වැනි ඉරු දින ප.ව. 6.30 සිට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වේ. මේ සඳහා ඉන්දියාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන රඝු ඩික්සිත් කණ්ඩායම සහභාගි වන අතර, පුරා පැය 01 යි විනාඩි 30 ක කාලයක් ප්‍රසංගය පැවැත්වෙනු ඇත. මේ සඳහා ප්‍ර‘වේශපත් මිලදී ගත යුතු වන අතර, ඉන් ලැබෙන ලාභය ග්‍රාමීය මට්ටමේ සංගීතවේදීන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘති සඳහා යොදවනු ඇත.

 

රංගන / ඡායාරූප - ක්‍රිෂාන් ශෂික

 

2016-05-04-ent-52
2016-05-04-ent-54
2016-05-04-ent-55
2016-05-04-ent-56
2016-05-04-ent-57
2016-05-04-ent-58

 



අදහස් (0)

ගාලු සංගීත උලෙළ 2016

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site