ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ සිසුන් පාක්ෂිකයන් ගෙනයන මුවාවෙන් ගාල්ලේ පැවැති ශ්‍රීලනිප මැයි රැළියට සම්බන්ධ කර ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය ඇමැති පාලිත රංගෙබණ්ඩාර මහතා චෝදනා කරයි.
සිසුන් ප්‍රවාහනයට වැය කර ඇත්තේද අමාත්‍යංශයේ මුදල් බවට චෝදනා කරන හෙතෙම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි අදාළ නිලධාරින්ට නියෝග කර ඇතත් ඊට අදාළ විමර්ශන වාර්තාව තාමත් තමාට ලැබී නැති බව ද කීය.
ඒ අනුව මේ සිදුවීම හා ඒ පසුපස ඉන්නා පුද්ගලයන් ගැන නුදුරේම රටට හෙළිකරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කරන්න යන්නේ යහපාලනයට ප්‍රතිවිරුද්ධ දෙයක්. (ර)
සුරන්, මෙතුමා කරන්නේ හරි වැඩක්. (ර)
නැහැ සුරන්, එතුමා කරනදේ හරියටම හරි. නිවැරදි දේ කරන කෙනාට හැමදාම බලයේ ඉන්න පුලුවන් (නි)
ලබන ඡන්දෙදිත් ඔයා මැතිසබේට එන එක ෂුවර් වගේ. (නි)
ඔය එළිවෙන්නේ ටික ටික (නි)
මේ මොකද ආවේශවෙලා වගේ දගලන්නේ. එකතුවෙලා වැඩේ ගෙනියන්න නේද පටන් ගතතේ. ඔය විදිහට අර දවස් 1500 වැඩේ කරගන්න බැරුව යාවි. සද්ද නැතුව ඉන්න එක හොඳයි. (නි)
රංගේ බණ්ඩාරගේ අලුත් රංගනයක්ද? එහෙමත් කරයිද? (නි)
කවුද අපේ ළමයි මේවාට පාවිච්චි කරන්නේ? විදුහල්පතිතුමා මෙයට වගකිවයුතු නැද්ද? (නි)
සුරන්, ඔබ වැරදියි. මේක තමයි යහපාලනය කියන්නේ. මේ දේ සමහරුන්ට අමුතු දෙයක්. මෙතුවක් කාලෙකට මෙහෙම දේවල් දැකලා නැහැ නේ. මෙතුමා මෙතුමාට විරුද්ධව තියෙන නඩු වලටත් උසාවි යනවා. අනිත් අයගේ වැරදිත් අල්ලනවා. මෙන්න මේ දේ තමයි වෙන්න ඕනෑ. (නි)
සිසුන්ටත් ඡන්ද අයිතියක් තියෙනවා කියලා හිතනවා. බොරු කියලා රැගෙන ගියා නම් වංචාවක්. කොහෙද යන්නේ ගිහින් මොනවද කරන්නේ කියන දේ විමර්ෂණය කිරීම සිසුන්ගේ වගකීමක්. එ්කයි ඉගෙනගන්නවා කියල කියන්නේ. (නි)
ඔහොම තමයි මෙයාලා ඔළුගෙඩි ගණන පෙන්නුවේ! (නි)