මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරීමේදී රුපියල් හයලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළැයි මධ්‍යම පළාතේ ප්‍රාදේශිය සභා අද (29) සවස පොළොන්නරුව කොට්ඨාස වංචා විමර්ශන ඒකකයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මාතලේ අකුරම්බොඩ පාරක් සෑදීම සදහා අවශ්‍ය සිමෙන්ති ගල් ගෙන ආ පොළොන්නරුවේ ආයතනයකට ඔහු මේ වංචාව කැර ඇතැයි පොලීසියට කැර ඇති පැමිණිල්ලේ සඳහන්වේ.
මන්ත්‍රීවරයා හෙට (30) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට එන්නේ තව තවත් මොන විදිහකට හරි හම්බ කර ගන්න. බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි ලැබෙනවා නම්. නිකමට හිතන්න රුපියල් 5000ක පඩියකට මෙතනට එන්න මොන තරම් වියදම් කරනවද? හැමෝම නෙමෙයි වැඩි පිරිසක් දන්නවා වවන් කන්න පුලවන් බව. (නදී)
මාසෙකට නෙවෙයි දවසකට අඩුගානේ රුපියල් 5000ක් අල්ලසක් වත් මේ අය ගන්නවා.(නදී)
ඔහු කර ඇත්තේ ඔහුට මන්ත්‍රීකමට යෝජනා කළ පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුව හා බත් වෙනුවට පුන්නක්කු බුදින ඡන්ද දායකයන්ගේ මනාපයට අනුව වැඩ කිරීම පමණයි. දඬුවම් කළ යුත්තේ ඔහුට නොව ඔහුව බිහිකළ ක්‍රමයටයි.(නදී)
සත්‍යා හරියටම හරි. අපිට සත්‍ය තේරුණාට මේ රටේ ඡන්ද දායකයන්ට කවදාවත්ම තේරෙන්නේ නෑ නෑ මයි.(නදී)
සුනිල්, මාගේ කෘතඥතා පුර්වක ස්තුතිය.(නදී)
මෙහෙම දේවල් අද ඊයේ සිද්ධවෙච්ච දේවල් නෙවෙයි. (ත)