IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගාලු ලෝක උරුමයේ කෑල්ලක් කඩයි

ගාලු කොටුවේ පෙඩ්ලර් වීදියේ පිහිටි පැරණි බ්‍රිතාන්‍ය ගොඩනැගිලි දෙකක් සහිත ඉඩමක් ගාලු මහ නගර සභාවෙන් බදු දී ඇති බවත් එහි ඇති එක් ගොඩනැගිල්ලක් කඩා ඉවත්කිරීමට සැළසුම් කර ඇති බවත් ගාලු උරුමය පදනම පවසයි. එහි සභාපති රම්‍ය සිරිවංශ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ගාලු මහ නගර සභාව විසින් ගාලු උරුමය පදනම දැනුම්වත් කර නැති බවයි.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ ලෝක උරුමයක් වූ ගාලු කොටුවේ පැරණි ගොඩනැගිලි කිසිවක් කඩා දැමීමට නීතිමය අවසරයක් නැති බවයි. එහි ඇති වසර 100ට වඩා පැරණි සියලු ගොඩනැගිලි පුරාවිද්‍යාත්මක ස්මාරක ලෙස සැළකේ.

ගාල්ල වැඩබලන නගරාධිපති කැලුම් සෙනෙවිරත්න මහතා පවසන්නේ එම ඉඩම ගාලු නගර සභාවට අයත් බවයි. එහි පැරණි වෙළඳ ගොඩනැගිල්ලක් හා පසු කළෙක ඉදිකළ ගොඩනැගිල්ලක් ඇති බවයි. පැරණි ගොඩනැගිල්ල ගරා වැටී ඇති බවත් එය නගර සභාවට නඩත්තු කළ නොහැකි බවත් නගරාධිපතිවරයා කියයි. ඔහු පවසන්නේ මේ භූමිය දීමෙන් නගර සභාවට රුපියල් ලක්ෂ 425ක කඩිනම් මුදලක් ලැබුණු බවයි. එහි ඇති පැරණි ගොඩනැගිල්ල සංරක්ෂණය කර පවත්වාගෙන යාමට ඔහු එකඟ වී ඇති බවත් අනෙක් ගොඩනැගිල්ල කඩා එතැන පුරවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව වෙනත් ගොඩනැගිල්ලක් ඉදිකරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය. මේ ගොඩනැගිලි පසු කළෙක වෙනස්කම් රැසකට භාජනය කර ඇති බවත් ඒවායේ රට උළු සෙවිල්ලා ඇති බැවින් පැරණි ගොඩනැගිලි නොවන බව පැහැදිලියැයි ද නගරාධිපතිවරයා කීවේය.

ගාලු කොටුවේ ඕලන්ද පල්ලියට අයත් පැරණි සුසාන භූමියක් 1710 මේ ස්ථානයේ ස්ථාපිත කර තිබිණි. මේ භූමිය වටා ඇති පැරණි තාප්පයේ එම වර්ෂය සදහන් ගල් පුවරුවක් ද තවමත් දක්නට ලැබෙයි. ඒ සුසාන භූමියේ තිබූ සුසාන සියල්ල ඉවත්කර එතැන බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1869 දී වෙළද ගොඩනැගිල්ලක් ඉදිකරන ලදී. එහි  තිබූ සොහොන් ඵලක සියල්ල එකළ කොටුවේ පැරණි ඕලන්ද දේවස්ථානයේ තැන්පත් කර ඇත.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙම ස්ථානයේ බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද ගොඩනැගිලි දෙක මෙරට ගොඩනැගිලි ඉතිහාසයේ අතිශය වැදගත් ගොඩනැගිලි දෙකක් බවයි. ඉන්දියාවේ කැලිකට් නම් ප්‍රදේශයේ සාදන ලද උළු ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීම් සදහා යොදා ගැනීම ආරම්භ වූයේ මේ ගොඩනැගිලි දෙක සඳහා භාවිතා කරමිනි. අද ඒ උළු විශේෂය මෙරට වැසියන් විසින් හදුන්වන්නේ ‘‘රට උළු“ යනුවෙනි. මේ ගොඩනැගිලි දෙකෙහි වහළේ තවමත් සෙවිල්ලා ඇති රට උළුවල 1865 යන වර්ෂය සදහන්ව ඇත.

ඉන් එක් ගොඩනැගිල්ලක් නගර සභා සේවකයන්ගේ නිල නිවසක් ලෙස භාවිතා කරන අතර අනෙක් ගොඩනැගිල්ල ගරා වැටී අබිලි ද්‍ර‍ව්‍ය ගොඩගසන ස්ථානයක් බවට පත්ව ඇත. වසර ගණනකින් අලුත්වැඩියා නොකළ මේ පැරණි ගොඩනැගිලි ගරා වැටෙමින් පවතී. බ්‍රිතාන්‍යයන් විසින් ඒවා ඉදිකළ පසු වරින් වර වෙනස්කම් කළ බව ද පෙනෙන්නට තිබේ.

නගරාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ  ද කීවේය.

‘‘ මේ ස්ථානයේ තිබෙන ගොඩනැගිලි දෙකෙන් පරණ ගොඩනැගිල්ල දැන් ගරා වැටිලා. නිල නිවසක් ලෙස භාවිතා කරන ගොඩනැගිල්ල ඉදි කර තිබෙන්නේ අදින් අවුරුදු 60ත් 40ත් අතර තරම් පෙර කාලයේ. ඒ නිසා එහි කිසිදු පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැහැ. මේ ගොඩනැගිලි දෙක බදු දීමෙන් රජයට වැට් බදු  මුදල පමණක් රුපියල් ලක්ෂ 52ක් ලැබුණා“

ගාලු උරුමය පදනමේ සභාපති සිරිවංශ මහතා පවසන්නේ ගාලු කොටුවේ ඉදිකිරීම් සම්බන්ධ සැලසුම් කමිටුවට නගර සභාවේ නියෝජිතයන් පැමිණිය ද ඉඩම බදු දී ගොඩනැගිලි කඩා දැමීමට පවා සැළසුම් කර ඇතත් ඒ ගැන ගාලු උරුමය පදනමට දැනුම් නොදුන් බවයි.

ගාලු කොටුව යනු ලෝක උරුමයකි. එහි ඇති සියලු පැරණි ගොඩනගැලි සියල්ල පුරාවිද්‍යා ස්මාරක ලෙස හදුන්වයි. එබැවින් කිසිදු ආකාරයකින් නගර සභාවේ අනුමැතියකින් මේ ගොඩනැගිලි කිසිවක් කඩා දැමීමට,  නව කොටස් ඉදිකිරීමට හෝ වෙනස් කම් සිදුකිරීමට හෝ නව ගොඩනැගිලි ඉදිකිරීමට හෝ කිසිවෙකුට නීතිමය අවසරයක් නැති බව ගාලු උරුමය පදනම පවසයි.  

නගරාධිපතිවරයා පවසන්නේ මේ ඉඩමේ ඇති පැරණි ගොඩනැගිල්ල සංරක්ෂණය කර අනෙක් ගොඩනැගිල්ල කඩා තවත් ගොඩනැගිල්ලක් ඉදිකර වසර 30 ට පසු ඒ සියල්ල යළි නගර සභාවට ලබාදෙන බවයි. නව ගොඩනැගිල්ල ඉදිකර එය රජයේ තක්සේරු කරු විසින් තක්සේරු කිරිමෙන් අනතුරුව නියම කරනු ලබන මාසික බද්දක් නගර සභාවට ගෙවීමට ද එකග වී ඇතැයි නගරාධිපතිවරයා කීවේය.

Fort (2) Fort (1)(2)Fort (3) Fort (4) Fort (8)



අදහස් (0)

ගාලු ලෝක උරුමයේ කෑල්ලක් කඩයි

හුසේන් මොහමඩ් Thursday, 19 November 2015 05:36 AM

කාට කාටත් කීයක් හරි සාක්කුවට වැටෙනවානම්, මොන දෙයක් වුණත් කරන්න පැකිලෙන්නේ නැහැ. විශේෂයෙන් බවලත් උදවිය.(ම)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 19 November 2015 03:57 PM

පසු දිනක ගාලු කොටුව නැරඹීමට ගියමා ඉහත පෙන්වා ඇති පරිදි සුවිසල් පැරණි ගොඩනැගිලි කඩාවැටී අන්දමත් සුන්බුන් ගොඩගසා ඇති අන්දමත් එහි පෞද්ගලික අංශයට අයත් ගොඩනැගිලි නවීකරණය කර ඇති අන්දමත් දැක්ක මෙම ජාතිකයා උරුමය රැකගැනීම ගාලු නගර සභාවේ වගකීම වන මුත් පෞද්ගලික අංශයට පැවරීමේදී රජයේ අනුමැතිය සහිත නිසි කොන්දේසි මත විය යතුය (බ)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Thursday, 19 November 2015 07:01 PM

ලෝක උරුම වලට අයත් සිහිවටන වලට අත තැබීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත. අනාගත පරපුර සඳහා මෙවැනි දේ ආරක්ෂා කරගැනීම බලධාරීන්ගේ වගකීමක්. නඩත්තු නොකර ගරාවැටෙන්න හරින්නේ ඒවායේ වටිනාකම් දන්නා අය අතිවිශාල මුදලකට පසුව ඒවා විකුණාගැනීමේ බලාපොරොත්තුවෙන්ද? (නි)

:       0       0

ලක්මාල් Thursday, 19 November 2015 07:21 AM

නගරාධිපතිගේ සාක්කුව පිරෙනවා ඇති මේවා කඩලා දාලා අලුත් ඒවා හදපුවම. පෞරාණික දේවල් මොකටද?? මඩිය තරකරගන්න ඕනෙනේ මේ ආණ්ඩුව තියනකන් (බ)

:       0       0

රෝහණ කුමාර Thursday, 19 November 2015 04:57 AM

මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න. (ම)

:       0       0

බෙන්තර මහේෂ් Thursday, 19 November 2015 04:55 AM

සංචාරක කර්මාන්තය නගා සිටුවන්න ද මේ පෞරාණික දේවල් කඩා දමන්නේ ?(ම)

:       0       0

සමාධි Thursday, 19 November 2015 04:56 AM

ලෝක උරුමයක් ඇතුලේ තිබෙන දේ මේ විදියට නගර සභාවට විනාශ කරන්න පුළුවන් ද ?(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site